අපි ඉතිං තුන්වේල බත් කාලා හැදුන මිනිස්සු.. අද වගේ වෛවාරන කෑම ජාති අපිට තිබුනේ නැහැ. අදින් දශක කිපයකට පෙරාතුව තමන්ගේ අතSතය සිහිපත් කරන ඇතැමුන් මේ විදිහට සඳහන් කරන්නේ මහත් අභිමානයකින්. තුන්වේලට අමතරව ඔවුන් යමක් ආහාරයට ගත්තේ නම් එයද නිවසේ පිලියෙළ කරන ලද අග්ගලා, අලුවා, ලැවරිය හැලප වැනි දෙයක් හෝ තම්බා වියලා ගත් දෙල් හෝ කොස් වැනි දෙයකින් පිලියෙළ කර ගත් අතුරුපසකි.
අද මෙන් ශීතකරණ බහුල නොවුන යුගයක ඔවුන් දරුවන් වෙනුවෙන් වු බත්මුලක් සඳහා රාත්‍රි පරිප්පු හොඳින් දිය සිඳෙන සේ මද ගින්දරේ වියලා ගත්හ. උදේ පිළියෙළ කරන ලද පොල්සම්බෝලය මලවා බදින ලද කරවල කැබැල්ලක් සමග කෙසෙල් හෝ පුවක් කොළයක බත්පත ඔතන ලදි. බත්මුල දිග හරිත්ම වහනය වන සුගන්ධය නිසා ආහාර වෙනුවෙන් වු රුචිය ඉබේටම දෙගුන තෙගුන විය. ඒ එක්තරා යුගයකි.
අද ආහාර පිලිබඳ සංස්කෘතිය ඉතාම විෂමාචාර ලෙස පිලියෙළ වි ඇත. Fast food/Takae away සහ වෙනත් ක්ෂණික ආහාර සල්පිල් අතර දරුවන් තෝරා ගැනිමේ ගැටලුවකට පත්ව ඇත. දැක්ක ගමන් කන්න හිතෙන සංකල්පය ඉතා අපුරු ලෙස විද්‍යුත් මාධ්‍ය මගින් එක් පසෙකින් සමාජගත වෙද්දි තවත් පසෙකින් රසකාරක සහ වර්ණකාරක අහිතකර බවත් ආමාශගත සහ මහබඩවැල මෙන්ම ජිරණ පද්ධතිය ආශ්‍රිත පිලිකාවන් වෙනුවෙන් මෙම ආහාර රටාව හේතුකාරක බවටත් අදහස් සමාජගත වෙමින් පවති. නමුත් අද දරුවන් වෙනුවෙන් වු ආහාර පිලියෙළ කිරිම ගැන මව්පියන් නගන මැසිවිලි ඔබටත් හොඳින් හුරු පුරුදු මෙන්ම විටෙක ඔබද මෙම මැසිවිලි නගන්නන්ගේ ලැයිස්තුවටම ඇතුලත් වෙනු ඇත.
අනේ කෝ වෙලාවක්…
මම නම් ගෙදර ඉන්න දවසට කොහොම හරි දරුවන්ට කොළ කැඳ හදලා දෙනවා…කෙනෙක් එසේ කියද්දි
අනේ කෝ වෙලාවක්…තවත් කෙනෙක් එසේ කියනු ඇත.
එචච්ර වෙලාවක් යනවයැ…
ඇයි කොළ තෝරන්න…බත් උයන්න..
ඉස්සර වගේ කොළ වංගෙඩිවල කොටනවායැ… වැඩ පහසු කරන උපාංග ගෙදර තිබියදි දරුවන්ට පුලුවන් වෙලාවටවත් කොළ මිටක් ආහාරයට දෙන්න ඕන.. හිත ඇත්නම් පත කුඩාද කියන්නා සේ දරුවන්ගේ ආහාර වෙනුවෙන් වෙලාව නැතැයි යන අඳෝනාව වෙනුවට අවස්තාව ලද විට මැල්ලුමක්, සලාදයක් කොළ කැඳක් පිලියෙළ කර දිමෙන් ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටින ප්‍රභවයන් උපයා ගැනිමට අවස්ථාවක් ලැබෙනු ඇත.
අපේ ළමයි ගෙදර කෑම කන්න කැමැති නැහැ
අම්මා මුල් කර ගත් නිවස තුළ එදා කාන්තාව ප්‍රධාන භුමිකාව වුවාය. ගමට පෙරාතුව මුලුතැන්ගෙදර එලිය වුනේ ඒ නිසාය. අද මෙන් නෙත පින විද්‍යුත් මාධ්‍යන් එදා නොවිය. ඔවුන්ගේ එකම වගකිම මෙන්ම විනෝදාංශය වුයේ දරුවන් සහ ස්වාමි පුරුෂයා මුල් කර ගෙන ආහාර පිලියෙළ කිරිමයි. නමුත් අද මැදියම් රැය තෙක් විද්‍යුත් මාධ්‍යන් ඉදිරියේ කාලය ගෙවන අම්මාට උදැසන අවදිවිම පහසු නැත. මේ නිසාම කුමක් හෝ ආහාරයකින් දරුවන්ගේ වේල පිරිමැස්ම හෝ නගරයේ කඩපිලකින් යමක් ලබා දිම ජිවිතයේ රටාව බවට පත්ව ඇත. ලුණු බහුල රසකාරකයන්ගෙන් රස ගන්වා වර්ණයන්ගෙන් අලංකාර කරන ලද මෙම ආහාර වෙත දරුවන්ගේ ආකර්ශනය ලැබිම ගැන පුදුම විය යුතු නැත. එහෙත් අම්මා යන චරිතය ගොඩ නැගිය යුත්තේ දරුවන්ගේ ආහාර පිරිසිදුව සහ පෝෂණීය ගුණයෙන් නිවසේදිම පිලියෙළ කර දෙන චරිතයක් ලෙසින්ය.
එදා නිවසේ බත් මුට්ටියේ මුදුන් බත බෙදන ලද්දේ නිවසේ ගෘහපතියා හෙවත් පියාටය. එතැනින් පසු පවුලේ පිරිමි දරුවන්ටය. ආහාර බෙදිමේදි පවා යම් රටාවක් තිබිම අවශ්‍ය වේ. සෞඛ්‍ය ප්‍රමිති අනුව ආහාර පිලිබඳව වු නිර්නායකයන් මෙසේය.
- වයස
- ශරිරියේ හා මනස වෙහෙසන ප්‍රමාණය
- රැකියාවේ ස්වභාවය
- දේශගුණය
- දිරවිමේ ශක්තිය
එදා කාන්තාව තුළ මෙම ප්‍රමිති ගැන සංකල්පයන් නොවුනත් මහපොළවේ ගෙදර ඇත්තන්ට සහ ගල් ගිල්ලත් දිරවන වයසේ පසුවෙන පිරිමි දරුවන්ට අධි මාත්‍රාවක් වෙන් කරන ලදි. ඇය සප්පායම් වුයේ ඉතිරි බත් සහ ව්‍යංජන සියල්ල එම භාජනයන්හි පිසගෙනය. මෙය ඉතා රසවත් වුවා පමණක් නොව අවශ්‍ය පෝෂණයන් නොඅඩුව ලබා ගත හැකි විය.
අද නිවසක සාමාන්‍ය රටාව අනුව සියලු දෙනාම එක්තැන් වෙන්නේ රාත්‍රි ආහාරයේදි පමනි. මේ අනුව ආහාර පිලයෙළ වි අවසානව රාත්‍රි ආහාර ගැනිම සිදු වන්නේ දහයට පමණය. ඇතැම් දරුවන්ට රාත්‍රි ආහාරය ලබා දෙන්නේ ඔවුන් නිදා ගෙන සිටින විටය. වෛද්‍ය විද්‍යාත්මකව රාත්‍රි ආහාරය නින්දට පැය දෙකකට පමණ පෙරාතුව ගත යුතු බව පෙන්වා දි ඇත. එසේ නොමැති විට ආහාර ආමාශය පුරා ගමන් කරන අතර ඉහළ බිත්ති ආසාදනය වි ඇදෙන හෙයින් සිදු වෙන ආමාශ දුර්වලතාවය නිසා තුවාල සිදු විම නිසා ඇති වෙන අතුරු සංකුලාවයන් ඉතාම බරපතලය. මේ නිසා රාත්‍රි ආහාරය වේලාසනින් ගැනිමට හැකි වෙන පරිදි කටයුතු කිරිම ගෘහණියකගේ වගකිම වේ.
ආහාර ජිරණ රටාවට එරෙහිව ආහාර ගැනිම නිසා විවිධ අපහසුතාවයන් ගොඩ නැගෙනු ඇත. පෝෂණය උපරිම වෙන අන්දමින් ආහාර පිළියෙල වුනත් ජිරණ ශක්තිය දුර්වල විම නිසා අවශ්‍ය පෝෂණය නොලැබෙනු ඇත. මේ නිසා ආහාර ගැනිමේදි නිතරම ප්‍රධාන ආහාර වේලෙන් හෝ වෙනත් විශාල ආහාර වේලකින් මද වේලාවකින් පසුව නැවතත් බර ආහාර වේලක් නොගත යුතුය. එමෙන්ම කුසගින්නක් නොමැති විට ආහාර ගැනිමද එතරම් හිතකර කටයුත්තක් නොවේ.
පෙරදිග සංස්කෘතිය තුළ ආහාර වෙනුවෙන් වු ශික්ෂනයන් බොහෝය. ජුජක බමුණා අධික ලෙස ආහාර ගෙන මුර්ඡාවට පත්ව මිය ගියේය. දරුවන්ට වුවද පමණ ඉක්මවා ආහාර ගන්නා විට මව්පියන් කියා සිටියේ හිස්මුදුනෙන් කටක් මවා ගෙන කෑම නොකළ යුතු බවයි.
දිරවිමට අපහසු ආහාර වෙනුවෙන් අපුරු ක්‍රමශිල්ප එදා අම්මලා සතුව තිබුණි. අග්ගලා, අලුවා වැනි පිටි ආහාර පිළියෙළ කිරිමේදි ඒ වෙනුවෙන් ගම්මිරිස්, කරදමුංගු , එනසාල් වැනි දේ යොදා ගත්හ. මස් මාළු සහ වෙනත් ව්‍යංජන රසකිරිමේදි කුරුඳු, ඉඟුරු, එනසල්, කරාබුනැටි සහ කරපිංචා වැනි රසකාරකයන් යොදා ගත්හ. වරකා වැනි පළතුරු ආහාරයට ගෙන අවසානයේදි ගම්මිරිස් ඇට කිපයක් සහ ලුණු කැට කිපයක් සමග අවසාන මදුල විකා කෑහ. වර්ණ වෙනුවෙන් කහ සහ බිට් යුෂ යොදා ගත්තේ කිසිදු ලෙසකින් සිරුරට අහිතකර නොවන නිසාය.
ව්‍යාපාර මට්ටමින් රස සහ වර්ණ කාරක ගැන ආලවට්ටම් බොහෝය. ඒ සියල්ල ඔවුන්ගේ නිෂ්පාදන සමාජගත කිරිමටය. සෞඛ්‍ය පාර්ශවයෙන් රස සහ වර්ණකාරකයන් නිසා රෝග තත්වයන්ගේ අනතුරු ගැන දන්වා ඇත. නමුත් කෘතිම රස සහ වර්ණ කාරකයන්ගෙන් තොරව අපේම නිවසේ ආහාර රස ගන්වන කුළුබඩු ඇත්තේ නම් , අපේ දරුවන්ගේ ආහාර මම ගෙදරදිම රස සහ ගුණ ඇතිව පිළියෙළ කරන වගකිම ඇත්තේ නම් ඔබ සැබෑම මවක් මෙන්ම බිරිඳක් වෙනු ඇත.
සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා
Leave feedback about this