ජපන් ජාතිකයන් ආහාර සම්බන්ධව ඔවුන්ගේ ආදර්ශ පාඨය ලෙස සලකන්නේ අපේ ආහාර දිවට නොව ඇසට යන්නයි. ජිවත් වීමට කුස පුරවා ගැනීම සඳහා අවශ්‍ය වේලාවට මොනවා හෝ දෙයකින් කුස පුරාවා ගැනීම ප්‍රමාණවත් බව අපි සිතුවත් ආහාරයේ වර්ණවත් බව, සිත්ගන්නා සුලු බව නිරෝගි ජිවිතයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක් බව අමතක නොකළ යුතුයි.
පෝෂණ විද්‍යාවේ මිනුම අනුව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට පළතුරු එළවළු ග්‍රෑම් 400 ක් පමණවත් ආහාරයට ගත යුතු බවයි. එසේ ලබා ගන්නා එළවළු සහ පළතුරු විවිධ වර්ණයන්ගෙන් යුක්ත වීම නොදුනුවත්වම අපේ නිරෝගී බව ගොඩනැගීමට එය ඉවහල් වනු ඇත.
ඇමරිකාවේ ජාතික පිළිකා සංගමයේ අධ්‍යක්ෂ ලොරෙලෙයි ඩි සොග්රා සඳහන් කරන්නේ ආහාරවේලක කහ, රතු, තැඹිලි, කොළ, නිල්, දම්, සුදු (සුදු ළුෑණු සහ සුදු රට ළුෑණු) වර්ණයන්ගෙන් යුක්ත එළවළු පළතුරු අඩංගු විම අවශ්‍ය බවයි. මෙයින් අදහස් වන්නේ එළවළු සහ පළතුරුවල අන්තර්ගත වර්ණ තුළ ඉතා වටිනා පෝෂක සංඝටකයන් අන්තර්ගත බවයි.
ආහාරවල අන්තර්ගත වර්ණයන්ගෙන් අධිරුධිර පිඩනය, හෘදරෝග, ආඝාත, දියවැඩියාව සහ පිලිකාවන් වැළඳිමට තිබෙන අවස්ථාව අවහිර කරනවා. වර්ණයන් සහිත ආහාර තන්තුවලින් බහුලයි.
රතු පැහැයෙන් (තක්කාලි) ලැබෙන “ ලයිකොපින් ” පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිලිකාවන්ගෙන් ආරක්ෂාව ලබා දෙනවා.
කොළ පැහැති ආහාරවල විෂ නසන, අර්බුද මර්දනය කරන, ජාන සක්‍රිය කරන රසායනිකයන් අඩංගුයි.
Health Rich ආයතනයේ අධ්‍යක්ෂ නිර්නාල වෛද්‍ය ඩැනියෙල් හොඩේ සඳහන් කරන්නේ නිවිති යනු එළවළුවක් නොව ඖෂධාගාරයක් බවයි. නිවිතිවල ප්‍රති ඔක්සිකාරකයන් දෙකක් ඇතුලත්. එයින් එකක් ලුටෙයික් මෙම සංයෝගය දෘෂ්ටි විතානයේ පරිහානිය වලක්වනවා. නිවිතිවල විටමින් A, ෆෝලික් අම්ලය, රුධිර කැටි ගැසීමේ ලබා දෙන විටමින් K අන්තර්ගතයි. නිවිති වැනි කොළ පැහැති එළවළු අන්තර්ගත පිනොලික, කැරටොයිඩ සහ ප්‍රති-ඔක්සිකාරකයන් නිසා වයස්ගත වීම පාලනය කරන අතර මොළයේ ක්‍රියාකාරිත්වය ඇති කරනවා.
රතු, නිල් දම් වර්ණයේ අන්තර්ගත ප්‍රතිප්‍රදාහ රසායනිකයන් එකම මවකගෙන් උපන් නිවුන් දරුවන් දෙදෙනෙකුට සමාන බව කේට් විශ්ව විද්‍යාලයේ ස්නායු විශේෂඥ ආචාරය ජේම්ස් ජෝසප් සඳහන් කරනවා. නිදන්ගත ප්‍රදාහයන් අල්මයිසර් රෝග තත්වය දක්වා බලපානවා.
උතුරු ඇමරිකාව නිජබිම කර ගත් වල්බෙරි නිල්, දම් වර්ණයේ පළතුරක්. වල්බෙරි පිලිකා රෝග වෙනුවෙන් වු ඖෂධ සමග මිශ්‍ර කළ විට පිලිකා සෛල අක්‍රිය කළ හැකි බව බ්‍රිතාන්‍යයේ පිලිකා පර්යේෂණායතනයේ නවතම අධ්‍යයනයන් මගින් පෙන්වා දෙනවා. දකුණු ඇම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බසිර් එල්. වලීඩ් මේ වෙනුවෙන් වු අධ්‍යයනයන් පවත්වන අතර මලයාසියාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සරණ අරමුදල මගින් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දි තිබෙනවා.
කොළ සහ කහ, දොඩම් වර්ණය සහිත පළතුරු විටමින්, කැරටොයිඩ සහ තවත් ප්‍රකාශ රසායනික ගණනාවකින් යුක්තයි. මෙම පෝෂණ සංඝටකයන් මගින් සෛල හානියට ඇති අවස්ථාවන් පාලනය කරන අතර පිළිකා, හෘදයාබාධ වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙනවා. ප්‍රතිශක්තිය වර්ධනය වෙනුවෙන්ද මෙම සංයෝග මගින් සැලසෙන සේවාව ඉතා වැදගත්.
කැරටොයිඩ අඩංගු ආහාර මුඛයේදි ජිරණය පටන් ගන්නා තැන පටන් විටමින් උරා ගැනිමට සමත්. ආහාර ජිරණය උත්තේජනය කරන අතර කොලස්ටරෝල් සිමා කරමින් සීනි ප්‍රමාණය වෙනස් කරනවා. පළතුරු සහ එළවළු මුඛය වසා සපමින් ආහාරයට ගැනීම ආඝාත රෝග තත්වයෙන් නිදහස ලබන බව පෝෂණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. මෙම අධ්‍යයනයට වසර 19 ක් පුරා සිදු කරන ලද අධ්‍යයනයන් සම්බන්ධ කර ගත්තා. ඒ අතරට ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයන් හයක්, යුරෝපයේ සිදු කරන ලද අධ්‍යයනයන් අටක් සමග චිනයේ සහ ජපානයේ අධ්‍යයනයන් සම්බන්ධ කර ගත්තා. එහිදි පෙන්වා දෙන අන්දමට අඩු ආදායම් ඇති රටවල ජනතාව එළවළු සහ පලතුරු පරිභෝජනය කරන්නේ අඩු මාත්‍රාවකින් බව සඳහන් කරනවා.
නමුත් සෑම දිනකම පළතුරු ග්‍රෑම් 200 ක් ආහාරයට ගැනිමෙන් ආඝාත රෝග තත්වය 32%කින් අඩුවෙනවා. එළවළු ග්‍රෑම් 200කින් මෙම තත්වය 11%කින් අඩු වෙන බවත් අධ්‍යයනය මගින් පෙන්වා දෙනවා. එංගලන්තයේ වාර්ෂිකව 1.50.000 ක් දෙනා ආඝාත රෝග තත්වයෙන් මරණයට පත් වෙන අතර එරට සිදු වෙන මරණවලට තුන්වන හේතුව ලෙසින් ආඝාත රෝග තත්වය පෙන්වා දෙනවා. චිනයේ මරණවලට ප්‍රධාන හේතුව ලෙස ආඝාත රෝග තත්වය පත්ව ඇති අතර 2010 වසරේ මිලියන 1.7 ක් මරණ සිදුව ඇත්තේ ආගාත රෝග තත්වයෙන් බව චිනයෙන් ලබාගත් සංඛ්‍ය ලේඛන මගින් පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට පුද්ගලයෙක් දිනකදි පළතුරු ග්‍රෑම් 600 ක් පරිභෝජනය කිරිමෙන් ආඝාත රෝග තත්වය 19% කින් අඩු කර ගත හැක. මෙම ආරක්ෂාව ස්ත්‍රි, පුරුෂ භේදයකින් තොරව ලැබෙන බව අධ්‍යයනය මගින් පෙන්වා දෙනවා.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this