ඔක්තෝබර් 23, 2025
Planning the day Parent Pulse Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

උද්යෝගයෙන් දවස ගෙවන්න අත්‍යවශ්‍යම කරුණු 6ක්

උදා වෙන හැම දවසක්ම ජීවිතයට වටිනාකමක් එකතු කරන ක්‍රියාශීලී උද්යෝගිමත් දවසක් වෙනවාට ඔබ බොහොම කැමතියි නේද? ඉතින් මේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි වෙනසක් ලඟා කරගනීමට ඔබට ගත හැකි පියවර කිහිපයක්. සුපුරුදු ජීවන රටාවට ඔබ කරන පුන්චි වෙනසක් වුවත් ජීවිතයට ලොකු වෙනසක් ගෙනෙන්නට ඉඩකඩ තිබෙන නිසා, මෙම යෝජනා කිහිපයක් හෝ අත් හදා බලන්නට අපි ඔබට ඇරයුම් කරනවා.

දවස අරම්භයේදීම මනසත්, ශරීරත් උනුසුම්ව ප්‍රානවත් වෙන්න routine එකක් තිබ්බොත් එය ඔබගේ මුලු දවසේම ක්‍රියශීලීත්වයට බොහෝ සෙයින් උපකාරී වෙනවා
උදාහරණයක් ලෙස ඔබගේ කායික ක්‍රියාශීලී බව පණ ගැන්වීම සදහා අවදිව stretch එකක් , කෙටි exercise එකක්, යෝගා ආසනයක් හෝ අවම වශ‍යෙන් මිනිත්තු 20 පමනවත් අවිදීම වැනි දෙයක යෙදීම අතවශ්‍යයි. ඒ අතරම උදය ආහාර වේල ලෙස ඔබ ලබාගන්නෙ මොනවාද, ලබාගන්නා වෙලාව ද තීරනය කල යුතුයි.
ඉතින් මේ ආකාරයෙන් සතියේ දින හත සදහා ඔබගේ වැඩ කටයුතු වලට අනුව සලසුමක් සකස් කර ඒ අනුව කටයුතු කලහොත් ඔබ ගන්න ආරම්භය දවසේ ඉතිරි කොටස සදහා වඩා විශ්වසයෙන් හා උද්‍යෝගයෙන් ගත කිරීමට උපකාරී වනු ඇත.

එදිනෙදා දවස තුල ඔබ කලයුතු රාජකාරී පිලිබදව මතකය ඔබ තුල පැවතියත් පෙර දිනයේ ඒවා සටහන් කරගෙන ලැයිස්තුගත කිරීම සහ ඒ ලැයිස්තුවට අනුව වඩා වැදගත් කටයුතු තීරණය කර සටහන් කිරීම ඔබගේ කාර්‍යයන් වඩා කාර්‍යක්ශම ලෙස ඉටුකරගැනීමට මනා පිටුවහලක් වෙයි. එසේම එම වැඩ කුඩා අනු කොටස් වලට බෙදා එවා සිදුකරන් වෙලව සහ එවා වෙනුවෙන් ඔබ මිඩංගු කරන කාලය තීරනය කර සටහන් කර ගත යුතුයි. මෙවැනි අභ්‍යාසයක යෙදෙන විට ඔබට ඔබගේම කාල කළමනාකරණයේ දුර්වලත හදුනාගත හැකි වන අතර වඩා හොදින් ඒ ඒ කාර්යන් සදහා කාලය යෙදවිය යුතු ආකාරයද ඔබටම පසක් වනු ඇත.

සීමිත කාල පරාසයක් තුල එකිනෙකට වෙනස් කාර්යන් කිහිපයක් යොදාග්ත් විට ඔබගේ මොලය ඉක්මනින් වෙහෙසට පත්වන නිසා එකකට පසු එකක් මිනිත්තු 05 ක හෝ විවේකයක් සහිතව පෙලගස්වන්න. උදාහරනයක් ලෙස එක් වැඩක් එක දිගට මිනිත්තු 25 සිදුකර මිනිත්තු 05ක් විවෙක ගන්න. නැවත මිනිත්තු 25 වැඩ කරන්න. මෙසේ සිදු කරනවිට ඔබගෙ අවදානය වඩා හොදින් පවත්වාගත හැකි වේ.

අපගේ ක්‍රියාශීලී බව, කාර්‍යක්ශම බව උපරිම වන්නේ වැඩ පමනක් නොව විවෙකය ද නිසි ලෙස පවත්වාගනීම මගිනි. එම නිසා ඔබ ලබාගන්න මිනිත්තු 05 ක වුවද විවෙකය කයිකව හෝ මනසිකව සැහැල්ලු බව සැලසෙන ලෙස නිර්මානය කරගන්න. යෙදී සිටින කාර්‍යය කය වෙහෙසට පත් වන්නක් නම් කයට විවෙකයක් ලැබෙන දෙයක් ලෙසද, මනස යොදවා කරන කාර්‍යයක්නම් කයට උත්තෙජනයක් ලැබෙන කය ඉහිල් කිරීමක්, ශ්වසන අභ්‍යසයක්, කෙටි දුර ඇවිදීමක්, ජලය හෝ ඖෂදීය පානයක් ලබාගැනීමක් වැනි දෙවල් අත් හදා බැලිය හැකියි. විවේකය කිසිසේත්ම කාලය නාස්ති කිරීමක් නොවන බව අවබොද් කරගන්න.

ඔබ වැඩ කරන්නෙ නිවසේ නම් එම වැඩ කරන කාලය තුල වෙනත් පුද්ගලයන්ගෙන්, අවට ශබ්ද වලින් මෙන්ම ජංගම දුරකතනයෙන්, රූපවාහිනියෙන් සිදුවන බාධා හෝ අවදානය වෙනස්වීම සිදු නොවීම සඳහා එවායින් තොර වෙනම ස්ථානයක් සකස් කරගන්න. විශේෂයෙන්ම ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා ඔබ නොසිතන තරමේ කාලය නාස්ති වීමක් සිදුවෙයි. එම නිසා එහි නාද වීම ඔබට බාදා නොවන පරිදි සකසා තබන්න.

අද හොඳින් කළේ මොනවද? හෙට වැඩි හොඳට කරන්න පුළුවන් දෙයක් මොකක්ද? යනුවෙන් සිතාබලීම සහ හෙට දවසේ සැලසුම සකස් කිරීමද ඔබගේ දින චර්‍යාවෙ අනිවාර්‍ය අංගයක් විය යුතුයි. මෙ වෙනුවෙන් ම පොතක් වෙන්කර සෑම රාත්‍රියක ම නින්දට පෙර එය යාවත්කලීන කිරීම මගින් ඔබේ සිතේ සැහල්ලු බව ඇතිවන අතර එම සැහැල්ලු බව සුවදායී නින්දකට මග සලසනු ඇත.


සටහන

චතුරිකා දසනායක

Leave feedback about this

  • Quality