ඔක්තෝබර් 24, 2025
Oatmeal Parent Pulse Article Featured Image
පෝෂණීය සුව දිවිය සුව දිවිය

කලබල උදැසනට රස ගුණ පිරි පහසු ආහාර මෙන්න

උදේ ආහාරය රජෙක් වගේ ගන්න කිව්වත් හරියට උයා පිහා ගන්න වෙලාවක් කෝ…? මේ ප්‍රශ්නය සමහර විට ඔබටත් පොදු ඇති. ඒත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. උදේ ආහාරයට ගැලපෙන පෝෂණය උපයා ගත හැකි සහ පහසුවෙන් පිළියෙල කර ගත හැකි මේ ආහාර ගැනත් ඔබේ අවධානය යොමු කරන්න.

උදේ ආහාරය වෙනුවෙන් ඕට්ස් ඉතාම ගුණදායකයි. 2008 වසරේ සිදු කරන ලද අධ්‍යයනයක වාර්තාවක් American Journal of Lifestyle Medicine මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සඳහන්ව තිබෙන ඇති අන්දමට ඕට්ස්වල අඩංගු බීටා ග්ලුකන් ජලයේ දිය වෙන තන්තු විශේෂයක්. මේවා බඩවැලේදී ජෙලි වැනි තත්වයකට පත්ව අහිතකර කොලස්ටරෝල් අවම කරන නිසා කිරීටක ධමණී ආශ්‍රිත අවදානමෙන් බේරෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම සිරුරට හිතකර බැක්ටීරියා වර්ධනයටත්, රුධිරයේ සීනි මටට්ම පාලනයට වගේම අධිරුධිර පීඩන තත්වය පාලනයටත් ඕට්ස් ඉතාම ගුණදායකයි. මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ශක්තිය නිසා ආසාත්මිකතාවයන් සහ ආසාදනයන්ගෙන් ආරක්ෂාව සැලසෙනවා. ප්‍රතිශක්තිය වර්ධනය කරන අතර පිලිකා පාලනයට හිතකර තත්වයන් සලසන ඕට්ස් ආහාරයට ගැනීමෙන් කුඩා දරුවන් ඇදුම රෝග තත්වයෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙන බැව් දැන් පිලිගෙන තිබෙනවා.

පෝෂණ විද්‍යාඥයන් සුපිරි ආහාර විදිහට දකින්නේ අපි වගේ දිව කට පිනවන ආහාර නොවෙයි. ඔවුන් අනුමත කරන්නේ පෝෂණ ප්‍රභවයන් සපයන බොහොම සමතුලිත ආහාර වර්ගයි. ඔවුන් අනුමත කරන සුපිරි ආහාර අතරට ඇට වර්ග ගැන ඉහළ ඇගයිමක් ලබා දි තිබෙනවා.

අද ලෝකය පුරා උස් පහත් වෙනසක් නොමැතිව පිළිකාවට ගොදුරු වෙන ජනගහනය දින දින ඉහළ යනවා. මේ තත්වයට එරෙහිව වැට බඳින්නට ඇට වර්ගයන්හි අන්තර්ගත ප්‍රතිඔක්සිකාරකයන්ට හැකියාව තිබෙන බව පෙන්වා දෙනවා. ප්‍රතිඔක්සිකරකයන්ට පිළිකාවන්ට වැට බැඳිමේ හැකියාව තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. මිනිස් සිරුර නිර්මානය වි තිබෙන්නේ කුඩා සෛලයන්ගෙන්. මෙම සෛලල වර්ධනය කරනු ලබන DNA නම් වූ ව්‍යුහයක් තිබෙනවා. කිසියම් රටාවකට අනුව සිදු වෙන සෛල බෙදිම වෙනුවට නිරෝගි පටකයන්හි පෝෂණය ලබමින් වර්ධනය වන අසාමාන්‍ය සෛල අනෙකුත් පටක වෙත ආක්‍රමණය කිරිම පිළිකාව විදිහට හඳුන්වනවා. නමුත් ඇට වර්යන්හි අඩංගු විටමින් E සහ B වගේම ඔමේගා මේද අම්ලය වෙහෙසකර හෝර්මනය නිසා ඇති වෙන ඇඩ්රලින් උත්තේජයත් අවහිර කරනවා.

උදේ ආහාරය වෙනුවෙන් පළතුරු සහ යෝගට් සුදුසු බැව් පෝෂණ විශේෂඥයින් විසින් දැන් හඳුනා ගෙන තිබෙනවා. මේ සඳහා බ්ලුබෙරි යොදා ගැනීමටත් පුලුවනි. බ්ලුබෙරිවල ප්‍රතිඔක්සිකාරක සහ anthocyanins ඉහල මට්ටමක පවතී.

මිලට්, ස්ටීල් කට් ඕට්ස් උදේ ආහාරයට ගැලපෙන ධාන්‍ය වර්ගයි.

ඔලිව් තෙල් යොදා ගෙන පූර්ණ ධාන්‍ය වලින් සකස් කර ගත් Muffins වර්ගත් උදෑසන ආහාරය වශයෙන් වඩාත් හොඳින් ගැලපෙනවා. ඔලිව් තෙල් පමණට වඩා රත් නොකර ගත් විට එහි ගුණය ඉතා හොඳින් ලැබෙනවා. ඒ නිසා ආහාර පිළියෙල කර ගෙන ඒ මතුපිටට ඔලිව් තෙල් දමා ගෙන ආහාරයට ගැනීමෙන් මෙහි නියම ගුණය ලබා ගත හැකියි.

greatist.com ඇසුරෙන්


සටහන,

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality