අපේ කන අභ්‍යන්තරයේ සෑදෙන කලාඳුරු ශ්‍රවණ නාලය ඔස්සේ බාහිර කන ප්‍රදේශයට පැමිණෙනවා. එසේ පැමිණෙන කලාඳුරු බාහිර කනේ පිටත විවෘතව ඇති ප්‍රදේශයේ තැන්පත් වෙනවා. එසේ තැන්පත් වී මේවා ඝන බවට පත් වෙනවා. කනේ සංවේදී අභ්‍යන්තර කොටස්වල කලාඳුරු තැන්පත් වෙන්නේ නැහැ. මේවා නිතරම කනේ පිටත කොටස්වල තැන්පත් වෙනවා.
ඒවා පිටතට පෙනන අතර ශ්‍රාවී ගතියකින් යුක්තයි. මෙම ශ්‍රාවී ද්‍රව්‍ය වියලීම සමග කන් කලාඳුරු ලෙසින් අපට දක්නට ලැබෙනවා. මේවා වියලීම නිසා ඉබේම වැටෙනවා. ඒ නිසා කලාඳුරු කනේ තිබුනත් කිසිම ගැටළුවක් නැහැ. කලාඳුරු ඉවත් කිරීමට අපි ආයාසයෙන් උත්සාහ කිරීම සුදුසු නැහැ. මෙම ද්‍රව්‍ය කනට ස්වභාවික ආරක්ෂාවක් ලබා දෙනවා.
- කන ඇතුලත තුවාල වීම වැලකීම
- කනට ආරක්ෂාව
- ජලය, දූවිලි, වෛරස, බැක්ටීරියා, දිලීර කන ඇතුලට නොයන ලෙස ආරක්ෂාව ලබා දීම
- කනට බාහිරව කෘමි සතුන් ඇතුලුවීම වලක්වා ගැනීම
- කනේ අභ්‍යන්තර අවයව ආරක්ෂාවට
කන ස්වභාවයෙන්ම පිරිසිදු වෙන අවයවයක්. ඒ නිසා කන පිරිසිදු කිරීම අවශ්‍ය නැහැ. නමුත් බොහෝ උදවිය නිතරම කන සුද්ද කිරීම නිසා කලාඳුරු වැඩීම වේගවත් වෙනවා. කන් කලාඳුරු වැඩි වුනාම අපි ඒවා ඉවත් කිරීමට උත්සාහ කරනවා. එවිට කන ඇතුලත පවා තුවාල වෙන්න පුළුවනි.
කලාඳුරු වලින් අපට කරදරයක් නැති වුනත් සෑම දෙනෙක්ම වාගේ තමන්ගේ කන සුද්ද කිරීම හෙවත් කලාඳුරු ඉවත් කිරීමට බොහොම උනන්දුයි.
- සමහර පුද්ගලයන්ගේ ශ්‍රවණ නාලය පටුයි. මෙය උපතින්ම ඇති වෙන තත්වයක්. ඒ වගේ අයට කන් කලාඳුරු එකතු වුනාම කැසීමක් ඇති වෙනවා. එවැනි අවස්ථාවලදී වෛද්‍ය නිරීක්ෂණය මත කලාඳුරු ඉවත් කිරීමක් සිදු විය හැකියි.
- කන තුළ කලාඳුරු අවහිර වීම ඇතැම් විට අගුළු වැටීම (tinnitus) නිසා ශ්‍රවණ ගැටලු ඇති වූ අවස්ථාවල
- දිගින් දිගටම පවතින කරකැවිල්ල, ක්ලාන්තය
- කැස්ස
- ස්නානයේදී කනට වතුර යෑමෙන් කලාඳුරු පෙඟී දිලීර සහ බැක්ටීරියා ඇති වීමෙන් ආසාදනය වූ අවස්ථා
කලාඳුරු නිසා අපහසුවක් ඇති විට ඒවා ඉවත් කිරීමට දරණ උත්සාහය නිසා කනට අනතුරු සිදු වෙන්න පුලුවනි. සමහර උදවිය මේ සඳහා හැට්ට කටු, කොණ්ඩ කටු, කොට්න් බඩ්ස් වැනි දේ යොදා ගන්නවා. ඒ නිසා කන ඇතුලත තුවාල වීමට පුලුවනි. මේ තුවාල වීම නිසා කනට සැරව පිරීමටත් පුලුවනි. මේ වගේ අනතුරුදායක දේවල් යොදනවාට වඩා වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඒ උපදෙස්වලට අනුව යමින් ආරක්ෂිතව කලාඳුරු ඉවත් කරන්න පුළුවනි. එසේම ඇතැම් අවස්ථාවලදී කලාඳුුරු ඉවත් කර ගැනීමට අපහසු අන්දමින් ගල් වී තිබිය හැකියි. එවිට ද කළ යුතු වන්නේ කෙසේ හෝ කලාඳුරු ඉවත් කිරීමට උත්සාහ දැරීම නොව වෛද්‍යවරයෙකු හමු වීම බව අමතක කරන්න එපා. එවිට Suction (චුෂණ යන්ත්‍රයක්) සහ සිරින්ජරයක් වැනි විවිධ ආරක්ෂිත ක්‍රමවේද මගින් කලාඳුරු ඉවත් කිරීම සිදු වෙනවා. ඒ කලාඳුරු තදින් ගල් වී ඇත්නම් නිර්වින්දනය කිරීමෙන් ඒවා ඉවත් කිරීමත් සිදු කරනවා.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this