කොලෙස්ට්‍රෝල් යන වචනය ඇසු සැනින්ම අපේ හිතේ තැති ගැන්මක් ඇති වුනත් කොලෙස්ට්‍රෝල් යනුවෙන් හඳුන්වන්නේ අපේ ශරිරයේ ස්වභාවිකව ඇති වෙන මේද සංඝටකයක්. කොලස්ටරෝල් යන වචනය සැදි තිබෙන්නේ “ කෝලේ ස්ටැරෝල් යන වචන දෙක එකතුවයි. කෝලේ යනුවෙන් හැඳින්වෙන්නේ “ සත්ව ” යන අදහසයි. ස්ටැරෝල් යනු ලිපිඩ. ඒ අනුව කොලස්ටරෝල් යන පදයේ අර්ථය සත්වයන්ගෙන් එන ලිපිඩ යන අර්ථයයි.
කොලස්ටරෝල් නිපදවෙන්නේ,
කොලස්ටරෝල් නිපදවන්නේ අක්මාවේයි. ආහාරවලින් 30% ක කොලස්ටරෝල් ප්‍රමාණයක් නිපදවන අතර ඉතිරි 70% අක්මාව තුළ නිපදවනවා. අක්මාව විසින් දිනකට කොලස්ටරෝල් මිලිග්‍රෑම් 1000 ක් පමණ නිපදවනවා. නමුත් අපේ සිරුරට මිලිග්‍රෑම් 300 ක් සෑහෙනවා.
අපි ආහාර ලෙස ගන්නා පාන්, තෙල් ආදි ආහාරයන්හි සහ වෙනත් විිවිධ වර්ගයේ ආහාර සහ සීනි දහනයෙන් පසුව ශක්තියක් විදිහට තැන්පත් වෙන අතර කොලස්ටරෝල් නිෂ්පාදනය වෙනුවෙන් අක්මාව මෙම ශක්තිය යොදා ගන්නවා. ඒ වගේම අපි ආහාරයට ගනු ලබන ශාඛ ආහාරවල තිබෙන්නේ ෆයිටෝ ස්ටැරෝල්. ෆයිටෝ කියනනේ ශාඛ ස්ටැරෝල් කියන්නේ ශාඛ මගින් නිපදවන ලිපිඩ (Phytosterol) හෙවත් තෙල්. ශාඛ ආහාරයන් ගත් විට සිරුරට කොලස්ටරෝල් උරා ගන්නා ප්‍රමාණය අවම කරනවා. අවශෝෂණයේදි කොලස්ටරෝල් සහ ෆයිටෝ ස්ටැරෝල් අතර තරඟය නිසා කොලස්ටරෝල් දුර්වල වෙනවා.
අපි ගන්නා ආහාරවල ඇති මේදය හා කොලස්ටරෝල් බඩවැල්වලදි උරා ගෙන අක්මාව වෙත ප්‍රවාහනය කරනවා. අක්මාවේදි මේදය කොලස්ටරෝල් බවට හරවා රුධිරයට එකතු කරනවා.
කොලස්ටරෝල් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි.
- අඩු ඝණත්ව ලිපොප්‍රෝටින (law Density Lipoprotein – LDL) හෙවත් නරක කොලස්ටරෝල්
- ඉහල ඝනත්ව ලිපොප්‍රෝටින (High Density Lipoprotein – HDH) හෙවත් හොඳ කොලස්ටරෝල්
අඩු ඝනත්ව (LDL) ලිපොප්‍රෝටින හෙවත් නරක කොලස්ටරෝල් ධමනීන්වල තැන්පත් වෙන අතර එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයවස්තුවට සහ මොළයට රුධිර සැපයුම අඩාල කරනවා. ඉහල ඝනත්ව ලිපොප්‍රෝටින (HDL) හෙවත් හොඳ කොලස්ටරෝල් මගින් ධමනින්හි තැන්පත්ව තිබෙන මේද නැවත අක්මාව වෙත රැගෙන යනවා. එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට හෘදයාබාධ සහ ආඝාත රෝග තත්වයන්ට බිහිවිමේ අවදානම ඉතාම ඉහලයි. හෘදයට සම්බන්ධ ධමණීන්ගේ අවහිර විම හෝ සිහින්විම ඇතරොස්ලොරාසිස් යනුවෙන් හැඳින්වෙනවා. ඇතරොස්ලොරාසිස් තත්වයේදි කොලස්ටරෝල් තැන්පත් වුන ධමනීන් නිසා හෘදයට නිසි රුධිර සැපයුම නොලැබී හදවත ආශ්‍රිත විවිධ සංකුලතාවයන් ඇති වෙනවා. මොළයට සම්බන්ධ ධමණීන් ඇතරොස්ලොරාසිස් තත්වයට පත් වුන විට මොළයට රුධිරය සපයන ධමණීන් අවහිර විම නිසා stroke හෙවත් ආඝාත රෝග තත්වයට පත් වෙනවා.
වයස අවුරුදු 20 ඉක්මවන ලද පුද්ගලයෙකු ඩෙසි ලිටරයකට මිලිග්‍රෑම් 200 ට අඩුවෙන් පවත්වා ගැනීමෙන් අවදානම් තත්වයෙන් මිදෙන්නට හැකියාව ලබෙනවා.
ඉහල ඝනත්ව ලිපොප්‍රෝටින (HDL) හෙවත් හොඳ කොලස්ටරෝල් ඉහල මටට්මක පැවැතුනොත් හෘදයාබාධ වැළඳිමට තිබෙන අවදානම අඩුයි.
අඩු ඝනත්ව ලිපොප්‍රෝටින (LDL) හෙවත් නරක කොලස්ටරෝල් මගින් හෘදයාබාධ ඇති කිරිමේ අවදානම ඉහලයි. මේ නිසා වෛද්‍යවරුන්ගේ උපදේශය වෙන්නේ සමස්ත කොලස්ටරෝල් මට්ටම ඩෙසිලිටරයකට මිලිගිග්‍රෑම් 200 ට අඩුවෙන් පවත්වා ගත යුතු අතර අඩු ඝනත්ව ලිපොප්‍රෝටින (LDL) ඩෙසිලිටරයකට මිලිග්‍රෑම් 100 ට අඩුවෙන් පවත්වා ගත යුතු බවයි. ඒ අතරම ඉහල ඝනත්ව ලිපොප්‍රෝටින (HDL) හෙවත් හොඳ කොලස්ටරෝල් ඩෙසිලිටරයකට මිලිග්‍රෑම් 40 ට අඩු වුනොත් හෘද රෝග සංකුලතාවයන්ට වැඩි ඉඩක් තිබෙනවා. මේ නිසා ඉහල ඝනත්ව ඉහලින් පවත්වා ගත හැකි නම් වඩාත් සුදුසු බව වෛද්‍ය විශේෂඥයන්ගේ අදහසයි.
- ශරීරයේ සෛලවල පිටත ආවරණය කිරිම
- අත්‍යවශ්‍ය හෝර්මෝන නිපදවිම
- විටමින් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් වර්ග සාදා ගැනීම
- අඩු ඝනත්ව ලිපොප්‍රෝටින (LDL) සමග හෘදයාබාධ අවදානමට බලපාන වෙනත් සාධක
- වයස අවුරුදු 45 ඉක්ම වූ පිරිමි පුද්ගලයෙකු වීම
- වයස අවුරුදු 55 ට වැඩි කාන්තාවක් විම
- ඉක්මනින් ආර්තවභාවයට පත්විම
- පවුල් ඉතිහාසය
- දුම්පානය
- අධි රුධිර පිඩනය
- ඉහල ඝනත්ව ලිපොප්‍රෝටින (HDL) අඩු මට්මක පැවැතිම
- කොලස්ටරෝල් මට්ටම අහිතකර ලෙස බලපෑ හැකි අතුරු හේතු
- ජාන ඉතිහාසය
- ආහාර අරුචිය
- වකුගඩු රෝග තත්වය
- තයිරොක්සින් ඌනතාවය
- HIV ආසාදනය වෙනුවෙන් භාවිත කරන ඇතැම් ඖෂධ
- සංතෘප්ත මේද අධික ආහාර
- තරබාරුව
- ව්‍යායාම මදිකම
කොලස්ටරෝල් මට්ටු කරන්න බැරිකමක් නැහැ. ඇතැම් පුද්ගලයන්ට තමන්ගේ පවුල් ඉතිහාසයෙන් උරුම වුන ජානයන්ගෙන්ම කොලස්ටරෝල් මට්ටම ඉහලින් තිබෙනවා. නමුත් ආහාර මගින් අපි උපයා ගන්නා කොලස්ටරෝල් ඉතා පහසුවෙන් පාලනය කර ගත හැකියි. දියවැඩියාව, තයිරොයිඩ් ඌනතාවය සහ මත්පැන් පානය කරන්නන්ගේ කොලස්ටරෝල් මට්ටම ඉහලයි. ඒ නිසා ඔවුන් මස්, කිරි, බිත්තර වෙනුවෙන් සීමා පනවා ගත යුතු අතර මස් ආහාරයට ගැනීමේදි මේද කොටස් ඉවත් කර යුතුයි.
ආහාර පිසිම වෙනුවෙන් භාවිත කරන තෙල් වර්ගවලින් කොලස්ටරෝල් නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලැබෙනවා. මෙම මේද වර්ග සංතෘප්ත මේද (Saturated Fat)යනුවෙන් හඳුන්වනවා. උකු ගතියෙන් වැඩි මිටිකිරි වල සංතෘප්ත මේදය බහුලයි. නමුත් තල, ඔලිව් සහ සෝයා වැනි ශාඛ තෙල් වගේම මත්ස්‍ය තෙල්වලත් තිබෙන අසංතෘප්ත (Unsaturated Fat) මේද අම්ල මගින් කොලස්ටරෝල් නිෂ්පාදනය බාල කරනවා. මේ නිසා ආහාර පිසිමේදි භාවිතයේ ඇති තෙල් වර්ග තෝරා බේරා ගැනිමත් කොලස්ටරෝල් පාලනය කිරිමට පහසු මාර්ගයක් වෙනවා.
ඔලිව් තෙල් සහ කොලස්ටරෝල් අතර ඇති සහසම්බන්ධතාවය අලලා ස්පාඤ්ඤයේ රොඩ්රා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් අධ්‍යයනයයක් කරනු ලැබුවා. මේ සඳහා හෘද රෝග අවදානම සහිත පුද්ගලයින් 5800 ක් සම්බන්ධ කර ගත් අතර එම පිරිස කොටස් තුනකට බෙදනු ලැබුවා. එයින් එක් කණ්ඩායමකට ඔලිව් තෙල් සමග අලුත් පළතුරු සහ කිරි ආහාරද දෙවැනි කණ්ඩායමට ඇට වර්ග සමග පළතුරු සහ කිරි ආහාරද තුන්වැනි කණ්ඩායමට අඩු මේදය සහිත ආහාරද ලබා දුන්නා. නැවුම් එළවළු පලතුරු සහ කිරි ආහාර ලබා ගත් පුද්ගලයින්ගේ ස්ථුලතාවය අඩු වී තිබුන අතර ඔලිව් තෙල් ආහාරයට ගත් පුද්ගලයින්ගේ සිරුරේ මේද තැන්පත් වීම, අඩු මේද ආහාරයට ගත් පිරිසට වඩා ශීඝ්‍ර ලෙසින් අඩු වි තිබුනා. ඒ අනුව මෙම අධ්‍යයනයේ ප්‍රධානී ජෝඩි සලාස් පවසන්නේ ඔලිව් තෙල් ආහාරයට යොදා ගැනීම කොලස්ටරෝල් පාලනය කිරිමට ඉතා සුදුසු මගක් බව දැනටමත් සනාථ වි ඇති බවයි.
ශරීරයේ ගබඩා වෙන මේද දහනයට ව්‍යායාම අවශ්‍යයි. නමුත් අද ජිවන රටාව තුළ මානසික තෙහෙට්ටුව මිස ශාරිරික ව්‍යායාම බොහොම සිමිතයි. පයින් ගමනක් ඇත්තේම නැති තරම්. පඩි පෙලක් නැගිම විදුලි සෝපානයට සිමා වෙලා. ඒත් තමන්ගේ නිරෝගිතාවය ගැන සිතා ශාරිරික ලෙසින් ව්‍යායාමයක් ලැබෙන සේ පයින් ගමන් කිරිම වගේම විදුලි සෝපානයෙන් යන ගමනට පඩි පෙල සම්බන්ධ කර ගතහොත් නොදැනිම සිරුරට ව්‍යායාම ලැබෙනවා.
මේ තත්වයනගෙන් කොලස්ටරෝල් වෙනුවෙන් නිදහසක් නොලැබෙන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව ඖෂධීය ප්‍රතිකාර වෙත යොමු වෙන්න හැකියාව තිබෙනවා.
සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා
Leave feedback about this