ජූනි 7, 2025
Parent Pulse Mental Health Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

ඔබේ වටිනාකම වැඩි කරන මන්තර 7ක්

මිනිසෙකු ලෙසින් අප හැම දෙනාටම සුවිශේෂී වටිනාකමක් ඇත. නොවටිනා ලෙස පුද්ගලයන් අපට වර්ග කළ නොහැක. සමහර විට ඔබ මේ අන්දමින් සිතනු ඇත. අනේ… මම කිසිම වැදගැම්මක් නැති කෙනෙක්.. නමුත් එවන් වූ සෘණාත්මක ආකල්පයකින් ඔබ දෙස බැලීම ඔබේම ජීවිතයට පසුගාමී බවක් ඇති කරන ආකල්පයක් වෙනු ඇත. ඒ නිසා නිතරම ධනාත්මකව සිතන්න.. කටයුතු කරන්න. ඔබට වරදින්නේ නැත. ඔබ, ඔබ ගැන වටිනාකමක් ඇති කර ගැනීමට මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

  • භුමිකාව පිළිබඳව ඇති අවබෝධය

ඔබේ දුර්වලතාවයන් නිවරැදි ලෙසින් සකස් කර ගැනීමට තරම් ඔබ විසින් ඔබ පිලිබඳව ලබා ගන්නා අවබෝධය ඉතා වැදගත් වේ. ඔබ ඉතා සෙමෙන් වැඩ කටයුතු කරන කාන්තාවක් නම් තමන්ගේ ප්‍රමාදයට හේතු ඔබ විසින්ම හඳුනා ගන්න. සමහර විට උදේ ඔබ අවදි වීමේ ප්‍රමාදය විය හැක. එයට පිළියම් ලෙස ඔබ දැනට වඩා කලින් අවදි වීමට කටයුතු සැලසුම් කරන්න.

  • සීමාවන් තබා ගන්න

ඔබගේ තරාතිරමට අදාල පිරිස් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. අනවශ්‍ය පුද්ගලයන් සමග අනවශ්‍ය අන්දමින් සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම එතරම් සුදුසු නැත. විශ්වාසා පරමා ඥාතී… යන බුදුවදනට අනුව සැම දෙයකටම වඩා විශ්වාසය ඉතා වැදගත් වේ. ඔබ ඇසුරු කරන පුද්ගලයන් ඔබට විශ්වාස කළ නොහැකි සේම, ඔබ ගැන ඇසුරු කරන අය වෙත විහ්වාසයක් නොමැත්තේ නම් සැබැවින්ම ඔබ සාර්ථක චරිතයක් නොවෙන බැව් කනගාටුවෙන් වුවද කිව යුතුය. ඒ නිසා නිතරම ඔබේ භුමිකාවේ සීමාවන් ඔබ විසින්ම හඳුනා ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.

  • අභියෝග භාර ගන්න

එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ඔබගේ මාවත සුන්දර නැත. ඵල ඇති රුකට ගල් වදින බැව් ඔබ දනී. ඒ අන්දමින්ම ඔබටත් විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙනු ඇත. එවැනි අවස්ථාවන්හිදී අභියෝග භාර ගැනීමේ ශක්තිය ඔබ සතුව ඇත්නම් සැබැවින්ම ඔබ සාර්ථක චරිතයක් බැව් නැවත නැවතත් කිව යුතු නැත.
ධනාත්මකව සිතන්න.

  • නිතරම ධනාත්මකව සිතන්න.

මට මේ දෙය කළ හැකි බැව් සිතන්න. බොහෝ දෙනෙක් අනේ මට එය බැහැ.. ඒක මට හරියන්නේ නැහැ.. අපට වාසනාව නැහැ.. යනුවෙන් සෘනාත්මකව සිතීමත් ඔවුන්ගේ ජීවිතයේ පවා පසුගාමීත්වයට හේතු වෙන බැව් අමතක නොකරන්න. ඒ නිසා ඔව්.. මට පුළුවන් යන ධනාත්මක චින්තනය ඔබේ තේමා ගීතය බවට පත් කර ගන්න.

  • කෘතඥතාවය

ඔබට යම් උදව්වක් කළ අයෙකුට කෘතවේදී වීම වැදගත්. එය ඔබේ විනයගරුක බැව් ප්‍රදර්ශනය කරන නිර්ණායකයක් බවට පත් විය හැක. සැබැවින්ම ඔබ ලැබූ උදව්ව සුළු විය හැක. එහෙත් ඒ ගැන කෘතවේදීත්වයෙන් කටයුතු කරන්න. එවිට සමාජයේ ගෞරවත්වය ඔබ වෙත යොමු වෙනු ඇත. එය ඔබේ වටිනාකම වැඩි කිරීමේ මන්තරයක් තරමටම ප්‍රබල විය හැක.

  • මනසින් ශක්තිමත් වෙන්න

ඔබ කායිකව කොතරම් ශක්තිවන්තයෙකු වුනත් මනසින් වැටෙන පුද්ගලයෙකු නම් ඔබට අනාගතය ගැන ස්වයං රැකවරණයක් ගොඩ නගා ගැනීම පවා අපහසු විය හැක. ඔබේ රැකවරණය ගැන තවත් අයෙකු මත යැපීම වෙනුවට ඔබ නිර්මාණශීලීව ඔබේ පවුලේ සංවර්ධනය ගොඩ නගා ගන්න.

  • ඵළදායිතාවය ගැන යොමු වෙන්න

ජීවිතය දවසින් දවස අතීතයට එක් වෙනු ඇත. ඒ හැම දිනයකින්ම ඔබ යම් අත්දැකීමක් ලබනු ඇත. මේ ලබන අත්දැකීම් ඔබේ පවුලේ ඵලදායීතාවයට යොදා ගැනීමට තරම් හැකියාවක් ඔබ තුළ පැවැතිය යුතුය. ඔබ එකතැනක නැවතිය යුතු නැත. විවිධත්වය, නවීකරණය සහ ආකර්ෂණය සමග ඉදිරියට යා යුතුය. මේ ගමන්මග පවුලේ ඵලදායිතාවයට හේතු වෙනු ඇත.


Times now news ඇසුරෙන්

Leave feedback about this

  • Quality