ඔක්තෝබර් 23, 2025
Expecting Mothers Article Featured Image
ගැබිණි මව

කිරි සුවඳක නිමිති දකින්නට ඔබත් පෙරුම් පුරනවාද?

ගැහැණු දරුවෙක් කියන්නේ අනාගත මවක්. මේ නිසාම ඇගේ මල්වර වීමට පෙරාතුව වගේම මල්වර වීමෙන් පසුවත් විශේෂ අවධානයක් දැක්වීම ඉතාම වැදගත්.

මල්වර වීම කියන්නේ ප්‍රථම ඔසප් වීම හෙවත් ස්ත්‍රි ඩිම්බයක් නිකුත් වීමයි. එතැන් පටන් ගර්භාෂය දරු පිලිසිඳ ගැනීමක් වෙනුවෙන් සූදානමින් සිටිනවා. එහිදී සරු කාල පරාසය තුළ පුරුෂ ශුක්‍රාණුවක් සමග සම්බන්ධ වීම නිසා දරු පිලිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා.

  • දින 28 – 30 අතර ඔසප් චක්‍රය සිද්ධ වීම
  • පිරිසිදු රතු රුධිරය පිටවීම
  • දින 3 – 5 අතර කාලයක් මෙම රුධිර වහනය සිද්ධ වීම
  • අධික වේදනාකාරී නොවීම
  • ඇඳුමක තැවරුන විට පැල්ලමක් ඇති නොවී සේදී යෑම.
  • රුධිරය දුර්ගන්ධයකින් යුතු වීම
  • අධික වේදනාව
  • සැරව තිබීම

මේ තත්වයන් තිබුනොත් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ගැනීම අවශ්‍යයි.

නීරෝගී දරුවෙක් බිහි වෙන්න නම් කාන්තාවගේ දෝෂ වගේම පිරිමිනේගේ හේතුත් බලපානවා. ඒ කියන්නේ දරුවෙක් බිහිවෙන්න අවශ්‍ය ඩිම්බ සහ ශුක්‍රාණු ගැනයි. මේ දෙක එකතු වී දරුවෙක් වෙනුවෙන් වූ ජන්මානු බිහි වෙනවා. මේ තත්වය නිසි විදිහට සිද්ධ නොවෙනවා නම් එතැනදී මදසරු බව පිලිබඳව ගැටළුවක් තිබෙනවා.
අද වන විට මදසරු බව පිලිබඳ ගැටළු බහුලව දකින්න ලැබෙන්නේ තරුණ කාන්තාවන් අතර එනම් වයස අනුව නම් අවුරුදු 25- 30 අතර කාන්තාවන් අතරයි. ඒ වෙනුවෙන් බලපාන හේතු බොහොමයක් තිබෙනවා.

  • ආහාර

අද අපේ දරුවන්ගේ ආහාර පදනම් වෙලා තියෙන්නේ බොහොම වැරදි සහගත විදිහටයි. ක්ෂනික සහ ලුණු, තෙල් සහිත ආහාර වෙනුවෙන් බහුලව විවිධ රසකාරක සහ ලුණු යොදනවා. මේ නිසා ජාන පිලිබඳ වෙනස්කම් ඇති වෙනවා. මෙවැනි තත්ත්ව යටතේ දරුවෙක් නිර්මානය වීමට අවශ්‍ය විදිහට සිරුරේ නිර්මානය වෙන්නේ නැහැ.

  • ශරීර උෂ්ණත්වය

ඒ වගේම සිරුරේ උෂ්ණත්වය නිසාත් දරු පිළිසිඳ ගැනීම් වල දෝෂ ඇතිවෙනවා. අද දරුවන් සිරුර උණුහුම් කරන ආහාර මිසක සිරුර සිසිල් කරන ආහාර වෙනුවෙන් යොමු වීමක් හෝ උනන්දුවක් ඇත්තේම නැහැ. කොළකැඳ, සව්, බාර්ලි, රණවරා, නීරමුල්ලිය වැනි ඔසු පාන වර්ග හඳුනන්නේම නැහැ. මේ නිසා සිරුරේ ඇති අධික උණුහුම් සහිත බවත් පිලිසිඳ ගැනීමේ දෝෂ සහගත තත්වයන් ඇති කරනවා.

  • හෝමෝන

විවිධ හේතූන් නිසා ලබා ගන්නා හෝමෝන නිසා සිරුරේ ස්වභාවික ක්‍රියාවලියට බලපෑම් ඇති වෙනවා. පිරිමි දරුවන් මාංශ පේශි වර්ධනය වෙනුවෙන් භාවිතො කරන හෝමෝන නිසා ස්වභාවික ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. උපත්පාලන පෙති වුනත් දීර්ඝ කාලයක් ගැනීම නිසා සිරුරේ ස්වභාවික හෝමෝන ක්‍රියාවලියට බාධාවන් ඇති වෙනවා.

  • විවිධ ආලේපන

ඒ වගේම අපි භාවිත කරන ඩයි වර්ග, ක්‍රිම් වැනි දේ පවා හෝමෝන සමතුලිතතාවය බිඳ වැටීමට හේතු වෙනවා. අපේ රට ඝර්මකලාපීය රටක් නිසා යට ඇඳුම් නිතරම කපු වර්ගයෙන් තෝරා ගැනීමට පුරුදු වීම වැදගත්. කෘතිම යට ඇඳුම් නිසා ඇති වෙන අධික උෂ්ණත්වය පුරුෂ ශුක්‍රාණුවල පරිමාව, ප්‍රවේගය වැනි දරුවන් පිලිසිඳ ගැනීමට අවශ්‍ය හිතකර වාතාවරණයට බාධාවන් ඇති වෙනවා. අපේ වැඩපොල පරිසරය තුළ රසායනයන්ට නිරාවරනය වීම නිසාත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්.

  • ගර්භාෂයේ පිහිටීම

ගර්භාෂයේ පිහිටීම නිසාත් පුරුෂ ශුක්‍රානුවලට පිහිනාගෙන ගොස් ඩිම්බය සමග සංසේචනයට තිබෙන අවස්තාවන් අහිමි වෙනවා. ඒත් හැම අවස්ථාවක්ම එහෙම නැහැ..

  • මානසික පසුබෑම්

විවාහයෙන් පසුව දරුවන් ගැන නිමිති නොමැති විට වටපිටාවෙන් එල්ල වන පීඩනය මත වුවද දරුවන්ගේ පිලිසිඳ ගැනීමේ ගැටළු ඇති විය හැකියි.

අපි මේ තත්වයට පිළියම් හොයන්න අවශ්‍යයි.

දරුවන්ගේ පෝෂණය ගැන අම්මලාගේ උනන්දුව කුඩා කාලයේ පටන්ම ඇති වීම වැදගත්. අද බොහෝ දරුවන් නීරක්තියෙන් පෙලෙනවා. උදේ ආහාරය ඔවුන්ට ලැබෙන්නේම නැහැ. ක්ෂනික ආහාරයන්ගෙන් වේලට යමක් කුස පුරවා ගන්නවා මිසක කිසිම ලෙසකින් පෝෂණයක් සිරුරට ලැබෙන්නේ නැහැ. මේ ජීවන රටාව නිසා දියවැඩියාව, කොලස්ටරෝල් වැනි බෝ නොවෙන රෝග තත්වයන් පවා වැළඳෙන අවස්ථාව ගැනත් අනතුරු අවදානමක් තිබෙනවා.

ගර්භාෂ රෝග, ඩිම්බ පිළිබඳ ගැටළු, ගෙඩි, පැලෝපීයනාල අවහිරතාවයන් නිසාත් දරු පිළිසිඳ ගැනීම් ප්‍රමාද විය හැකියි. මේ තත්වයන් වෙනුවෙන් ආයුර්වේදයේ ඖෂධ තිබෙනවා. ශල්‍යකර්මයන්ට නොගොස් මෙම රෝගාබාධයන්ගෙන් නිදහස් විය හැකි කල්ක, ගුළි සහ කසායන් ආයුර්වේදයේ තිබෙනවා. ඒ වගේම ඩිම්බ මෝරන්නේ නැති අවස්ථාවන් වෙනුවෙනුත් ප්‍රතිකාර තිබෙනවා. ඔබට දරුවෙකුගේ අවශ්‍යතාවය ඇත්නම් සහ පිළිසිඳ ගැනීමේ ප්‍රමාදයන් තිබෙනවා නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality