නොවැම්බර් 2, 2025
Dementia Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

ඩිමෙන්ෂියාවට, සුදෝකු සහ ප්‍රෙහලිකාවලින් සහනයක්

යම් කාලයක් රැකියාවක නිරත වූවන් විශ්‍රාම යෑමත් සමග අල්සයිමර් සහ ඩිමෙන්ෂියාව වැනි රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බැව් නවතම අධ්‍යයනයන් මගින් බොහෝ දුරට සනාථව තිබෙන අදහසක්. ප්‍රංශයේ සෞඛ්‍ය පර්යේෂණ ඒජන්සිය මගින් පවත්වන ලද අධ්‍යයනකින් පෙන්වා දෙන්නේ පුදගලයෙක් වැඩකරන එක් වසරකින් ඩිමෙන්සියා ඇතුලු මානසික රෝගාබාධයන්ට ඇති ඉඩ 3.2% කින් ඈඩු වෙන බවයි. මේ අධ්‍යයනය වෙනුවෙන් ප්‍රංශයේ පුද්ගලයන් ලක්ෂ පහක් සම්බන්ධ කර ගෙන තිබුනා.

ප්‍රංශයේ ජනාධිපතිව සිටි නිකොලොස් සර්කෙයි සමයේදී සිදු වුන මේ අධ්‍යයනයට ස්වයං රැකියාවන්හි නිරත පුද්ගලයින්ද සම්බන්ද කර ගෙන තිබුණා. වෙළඳසැල් හිමියන්, බේකරි සහ වෙනත් වෘත්තීන්හි යෙදුන පපුද්ගලයන් පවා ඔවුන්ගේ දරුවන්ට ව්‍යාපාර භාරදීම වගේම ශාරීරිකව ඇති වෙන නොහැකියාව නිසා තමන්ගේ වාත්තීන්ගෙන් ඉවත් වුනත් එහි පසුකාලීන ප්‍රතිඵල විදිහට ඔවුන් අතරත් ඩිමෙන්ෂියාව ඇතුලු විවිධ මානසික රෝගාබාධයන්ට ගොදුරු වෙන අවදානම ඉතාම ඉහලින් තිබුනා. මේ සඳහා විවිධ වෘත්තීන්හි නිරතව සිටි පිරිස් 42,9000 ක් දෙනා සම්බන්ධ කර ගත් අතර ඔවුන් තම වෘත්තීන්වලින් ඉවත්ව අවුරුදු 12 ක් පමණ කාලයක් ගෙවී කිබුණා.මේ අයගේ වයස අවුරුදු 74 ක් වී තිබුනා.

ලෝකය පුරා මිලියන 35 ක් පමණ ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් රෝග තත්වයේ ගොදුරු බවට පත්ව සිටිනවා. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම සංඛ්‍යාව වයස අවුරුදු 65 ඉක්ම වූ නව දෙනෙකුගෙන් එක් අයෙක් ඇතුලත් වෙන තරමට සුලබයි.

  • ආර්ථික හේතු
    රැකියාවක නිරත වෙන විට ලැබුන ආදායම දැන් නොලැබෙනවා පමණක් නොවෙයි, ඒ කාලයේදී ආදායම් ලෙසින් ලැබුන අතිකාල, බෝනස්, පාරිතෝෂික දීමනා, නිවාඩු දින වැටුප් වගේම සෞඛ්‍ය ප්‍රතිලාභ ආදී සියල්ලම දැන් අහිමි වෙනවා.
  • සාමාජයීය වශයෙන්ද වෙනදා පැවැති සමාගම් ක්‍රමයෙන් දුරස් වෙනවා.
  • විනෝදාත්මකව වුනත් ප්‍රිති උත්සව, සම්භාෂන සහ විනෝද චාරිකා වෙනුවෙන් අවස්තාව නොදැනීම ගිලිහී ගොස් අවසානයි.

වයසත් සමග ඇති වෙන ඩිමෙන්ෂියා තත්ත්වයට ඉතාම හොඳ විසඳුමක් විදිහට ප්‍රහෙලිකා පිරවීමෙන් සහනයක් ලබා ගත හැකි බව නොටින්හැම්ෂයර් සරසවියේ සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනවා. සුදොකු වගේම හරස්පද ප්‍රහෙලිකා මගින් මේ සහනය ඉතාම පහසුවෙන් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා.

මෙම අධ්‍යයනයට වයස අවුරුදු 65 ඉක්මවන ලද පුද්ගලයින් 25,000 ක් තෝරා ගත් අතර ඔවුන් කාණ්ඩ දෙකකට බෙදා එක් කොටසක් වෙනුවෙන් විටමින් වර්ගත්, අනෙක් පිරිස වෙනුවෙන් සුදොකු සහ හරස්පද ප්‍රහෙලිකා පිරවීමටත් අවස්ථාව සලසා දී ඇත. එම අධ්‍යයනය අවසානයේදී පෙනී ගියේ විටමින් ලබා දුන් පුද්ගලයින්ට වඩා සුදොකු සහ හරස්පද ප්‍රහෙලිකා පුරවන ලද පුද්ගලයින්ගේ මානසික මටට්ම ඉතා උසස් තත්වයකින් පැවැති බවයි. මනස සක්‍රිය කරන මේ අන්දමේ මානසික ව්‍යායාම මගින් ඩිමෙන්සියා සහ අල්සයිමර් වැනි රෝගාබාධයන් වලක්වා ගැනීමට හේතු වෙන බව ඔවුන් හඳුනා ගෙන තිබෙනවා.

නිදිපෙති භාවිතයත් ඩිමෙන්ෂියා රෝග තත්වයට බලපානවා. නිද්‍රාජනක ඖෂධ භාවිත කිරීම නිසා වසර පහලොවක් තුළ ඩිමෙන්ෂියා රෝගය ඇති වීමේ අවදානම 50% කින් පමණ වැඩි විය හැකියි. එක්සත් ජනපදයේ හාර්වඩ් සරසවියේ සහ ප්‍රංශයේ බෝචෙචුන් සරසවියේ පර්යේෂකයින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට වයස අවුරුදු 78 ක් පමණ වූ ස්ත්‍රි සහ පුරුෂ දෙපාර්ශවයම සම්බන්ධ කර ගත්තා.

මේ අධ්‍යයනයේදි ඔවුන්ගේ වයස, ස්ත්‍රි පුරුෂ බව, අධ්‍යාපනය, විවාහක අවිවාහක බව, මද්‍යසාර භාවිතය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඥාතීන් දුරස් වීමවැනි සාධකත් සමග සංසන්දනාත්මකව අධ්‍යයනය මෙහෙයවනු ලැබුවා. වසරක් අවසානයේදී පර්යේෂකයන්ට පෙනී ගියේ නිද්‍රා ජනක ඖෂධ නොගත් පුද්ගලයන්ට සාපේකෂව නිදි පෙති භාවිත කරන ලද පුද්ගලයින්ට ඩිමෙන්ෂියා රෝග තත්වය වැලඳීමට තිබුන අවදානම ඉතා ඉහලින් පැවැති බවයි. මෙම අධ්‍යයන වාර්තාව British Medical journal මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවිති, කැරට්, ඇප්‍රිකොට් වැනි ආහාරවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ශක්තීන් මගින්ද ඩිමෙන්සියා රෝග තත්වයට පූර්ව පාලනයක් ලබා ගැනීමේ හැකියාව ඇතැයි බොහෝ පෝෂණවේදීන්ගේ අදහසයි. දොඩම් කුලයේ පළතුරුවල විටමින් සී ද කැරට් සහ ඇෆ්රිනොට් වර්ගයේ එළවළු පළතුරුවල බිටා කැරොටින් ද අන්තර්ගතයි. ඇලමයිසර් රෝගයේ ලක්ෂණ ලෙසින් සැලකෙන අමතක වීමට අවධානය දැක්වීමේ දුර්වලතාවයන්,ඥාන ශක්තිය හීනවීම වැනි මොලයේ ඇති වෙන වෙනස්කම් පාදක කර ගෙන සිදු වෙන මෙම රෝග තත්වයන් අද ලෝකයේ බහුල වීමේ අවදානමක් ගොඩ නැගෙමින් පවතී.

මේ නිසා ඔබ යම් දවසක රැකියාවෙන් විශ්‍රාම යා යුතු බැව් අමතක කරන්න එපා. ඒ නිසා අනාගතයේදී ඔබට මුහුණ දීමට සිදු වෙන විශ්‍රාම ජීවිතය අද පටන්ම සැලසුම් කරන්න.


Daily mail ඇසුරිනි
පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality