මලබද්ධය ළමා වයසේ දරුවන් මුහුණ දෙන ඉතාම හිරිහැරකාරී අත්දැකීමක්. ශ්‍රි ලංකාවේ දරුවන්ගේ 10% සිට 15% ක් පමණ දෙනා මලබද්ධ තත්වයෙන් පීඩා විඳිනවා.
දරුවන්ට මලපහ කිරීමේ පුරුදු කුඩා කාලයේ පටන්ම හුරු කිරීම වැදගත්. එය මාස 18 ක් වැනි කුඩා කාලයේදීම ආරම්භ කළ හැකියි. දරුවන් පොටියට පුරුදු කිරීම මගින් ඔවුන් තුළ වැසිකිලියක් පාවිච්චි කිරීමේ මූලික පුරුද්ද ඇති වෙනවා. එතැනින් පසුව දරුවා නිවසේ වැසිකිළියට හුරු කිරීම වැදගත්. එසේ නොමැති වුනොත් දරුවාට වැසිකිළිය ආගන්තුක තැනක් බවට පත් වෙනවා. ඒ නිසා මාස 30 ක් පමණ වන විට දරුවාට වැසිකිළිය පාවිච්චි කිරීමේ පුරුදු ඇති කිරීම වැදගත්.
- වැරදි ආහාර පුරුදු
වැරදි ආහාර පුරුදු මලබද්ධය වලක්වා ගැනීමට බෙහෙවින් හේතු වෙනවා. දරුවන්ගේ ආහාරයේ තන්තු බහුල ආහාර ඇතුලත් වීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. එහෙත් බොහෝ විට දරුවන් වෙනුවෙන් මව්පියන් ලබා දෙන සකස් කළ ආහාර සහ ක්ෂණික ආාහර නිසා තන්තු අඩංගු ආහාර ලැබීම සීමා වෙනවා. මේ තත්වයත් දරුවන්ගේ මල බද්ධය ඇති වීමට හේතුවක්.
- අවශ්‍ය නිසි වතුර ප්‍රමාණය නොලැබීම
දරුවෙකුට වුනත් නිවරැදි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දාඩිය සහිත දිනවලදී වැඩියෙන් වතුර ලබා දීම අවශ්‍යයි. දරුවා පිපාසයෙන් වතුර ඉල්ලන තෙක් සිටින්න අවශ්‍ය නැහැ. ඔබේ වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස් අනුව දරුවාට නිවැරදි වතුර ප්‍රමාණය ලබා දීමත් වැදගත්.
- තන්තු සහිත එලවළු සහ පළතුරු ආහාරයට ඇතුළත් නොවීම
පවුලේ ගැටුම් අඩදබර හේතුවෙන් දරුවෙකුට එල්ලවන පීඩනය මලබද්ධයට හේතු විය හැකියි. එම නිසා පෙර පාසැල, පාසැල, නිවස මෙන්ම දරුවාගේ වටපිටාව තුළ දරුවාට මුහුණ දීමට සිදුවිය හැකි පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව නිසි විසදුම් යොදන්න. එසේම දරුවා නොසලකා හැරීම වැනි දෙයින් වළකින්න.
- මලපහ කරන වාර ගනණ සතියකට දෙතුන් වතාවකට වඩා අඩු විය හැකියි.
- මල ඝණ ස්වභාවයෙන් යුක්තයි
- මලපහ කිරීමේදී වේදනාව ඇති වීම
- මලපහ කුඩා ප්‍රමාණයකින් දරුවාගේ යට ඇඳුම්වල තැවරී තිබීම
- අත, පය සහ සිරුරේ වේදනාව
- ආතතිමය තත්වය – මලපහ කිරීම ආයාසයක් නොගෙන සිදු කළ යුතු ක්‍රියාවක් වුනත් මලබද්ධය ඇති දරුවන්ට මලපහ කිරීමේදී දැඩි අපහසුතාවයක් ඇති වීම නිසා මලපහ කිරීම පිළිබඳව දරුවාට බියක් ඇති විය හැකිය. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී දරුවන් වැසිකිළියට ඇතුලු නොවී බියෙන් සැඟවී සිටින අවස්ථාවන් පවා තිබෙනවා.
- ජීවිතයේ ගුණාත්මක බවට බලපෑක් ඇති වීම – මලබද්ධය නිසා දරුවාගේ ජීවිතයේ ගුණාත්මක බවට බලපෑමක් ඇති වීමට පුළුවනි. පාසල් යෑමට පෙරාතුව වැසිකිලි යෑමේදී ඇති වන ගැටළුව. ඒ වගේම මලපහ යට ඇඳුම්වල තැවරීම නිසා සම වයස් කණ්ඩායම් අතර අපහසුතාවයට පත් වීම නිසා මානසිකවත් දරුවා ගැටළු සහගත තත්වයට පත් වීමට ඉඩ තිබෙනවා.
දරුවෙක් මලබද්ධය නිසා පීඩාවට පත්වන බව හඳුනා ගැනීම ඉතා පහසුයි. ඒ වෙනුවෙන් එක්ස්රේ හෝ ස්කෑන් පරීක්ෂණ අවශ්‍ය නැහැ. මේ තත්වය බැලු බැල්මටම හඳුනා ගැනීමට පුලුවනි. ඒ නිසා ගුද මාර්ගය කිරණවලට භාජනය කරමින් අනවශ්‍ය පරීක්ෂණ වාර්තාවන් අවශ්‍ය වෙන්නේ නැහැ. මව්පියන් විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව මලබද්ධ තත්වය හඳුනා ගත හැකියි. ඒ නිසා වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ප්‍රමාණවත් වන අතරම වෛද්‍යවරයි විසින් අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා දෙනු ඇත.
මලබද්ධය ඇති දරුවෙකුගේ බඩවැල් පහළ ප්‍රදේශයේ විශාල වශයෙන් මල ඉතිරි වී තිබිය හැකියි. ඒ වෙනුවෙන් වස්ති කිරීම හෝ suppository යෙදීම හෝ පානය සඳහා ඖෂධ ලබා දීම හෝ තිගමනය කරනු ලබාන්නේ වෛද්‍යවරයා විසිනි. මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් පැතීම දරුවාට පහසුවක් වනු ඇත.
- දරුවන්ගේ ආහාර වෙනුවෙන් තන්තු බහුල රතු හාල්, පලා වර්ග, කොහිල, පොළොස් , වගේම පැපොල්, අඹ වැනි පළතුරු ප්‍රමාණය වැඩි වශයෙන් එක් කරන්න
- පිරිසිදු පානීය ජලය දිනකට ලිටර් 1.5 සිට 2 ක් අතර ප්‍රමාණයක් දරුවාට ලබාදෙන්න
- දරුවෙකුගේ මානසික සුවතාවයට බාධා නොවන වටපාටවක් නිව තුළ පවත්වා ගන්න
- පිරිසිදු, ප්‍රසන්න පරිසරයක් වැසිකිලිය තුළ සැමවිටම පවත්වා ගන්න
- දරුවා සතුටින් තබන්න
- ව්‍යායාම වෙනුවෙන් දරුවා යොමු කරන්න
මල බද්ධය දින දෙක තුනකින් සුවය ලබන්නේ නැහැ…
මළ බද්ධය සහිත දරුවෙකු ප්‍රතිකාර ලබා දින දෙක තුනකින් සුවය ලබන්නේ නැහැ. ප්‍රතිකාර මතම යැපෙන්නත් බැහැ. ප්‍රතිකාර ලබන අතරවාරයේදීම මලබද්ධයට හේතු වෙන වැරදි පුරුදුවලින් දරුවා ආරක්ෂා කරන්න.
ඔබේ දරුවා මල බද්ධය නිසා මානසික ආතතියේ ගොදුරක් බවට පත් නොකොට කුඩා කාලයේ පටන්ම නිවැරදි වැසිකිළි පුරුදු, ආහර පුරුදු සහ මානසිකව සතුටින් සිටින දරුවෙකු ලෙසින් ගොඩ නඟන්නට උනන්දු වන්න.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this