ඔක්තෝබර් 23, 2025
Pregnancy Food Habits Parent Pulse Article Featured Image
ගැබිණි මව

දැං ඉතිං දෙන්නෙකුට හරියන්න කන්න එපැයි. මේක ඇත්තක්ද?

කිරි සුවඳක සිහිනයේ සුබ නිමිති පහළ වුන දිනයේ පටන්ම පවුලේ සමිපතයන්ගේ අවවාදය දැන් ඉතිං දෙන්නෙකුට සෑහෙන්න කන්න ඕන… ඉස්සර වගේ බැහැ.. කියන අවවාදයයි.

කුසේ වැඩෙන දරුවාගේ වගේම අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය මුල් කර ගෙන ඉතාම ආදරයෙන් ලබා දෙන මෙම අවවාදය දැන් ටිකක් වෙනසකට පත් වෙමින් තිබෙනවා. මවගේ දුර්වල ආහාර රටාව දරුවාගේ පෝෂණ තත්වයට බලපාන බව අපිට අමුතු අවවාදයක් නොවෙයි. ඒත්….මොනම දෙයක වුනත් සිමාවක් තිබෙනවා වගේම ගර්භණිත්වයට පත් වුනා කියල හිස්මුදුනෙන් කටක් මවාගෙන ආහාර ගත යුතුත් නැහැ. ගැබිණි කාලයේදි මවගේ ආහාර රටාව අධික මේද සහිත ආහාරයන්ගෙන් සමන්විත විය යුතු නැහැ. දෙදෙනෙකු වෙනුවෙන් යැයි අනුමතත් නැහැ.

තරබාරු ගර්භණීත්වය සහිත මව්වරුන්ගේ දරුවන් පසුකාලිනව හෘද රෝග සංකුලතාවයන් සහ අංක 2 වර්ගයේ දියවැඩියා රෝග තත්වයට ගොදුරු වීමට ඉහළ අවදානමක් ඇති බව පර්යේෂකයන් විසින් සඳහන් කරනවා.

ගැබිණි මව්වරුන්ගේ ආහාර රටාවේ වැදගත්කම මුල් කර ගත් මෙම අධ්‍යයනය සඳහා 1930 සිට අද දක්වාම ගැබිනි මව්රුන්ගේ ආහාර රටාවන් පාදක කර ගත්තා. ශ්‍රි ලංකාව පාදක කර ගෙන බැලුවත් ඉස්සර ගැබ්ගත් අම්මලා, දෙන්නෙකුට කියලා ආහාර ගත්තත් දරු කලලයට කිසිම ආපාදාවක් ඇති නොවුනේ ඔවුන්ගේ ආහාර රටාව බොහෝම සමබරව පෝෂණයෙන් ඉහලව තිබුන නිසයි. නමුත් අද ආහාර සංස්කෘතියේ ගුණාත්ක බව පිරිහි තිබෙන නිසා ප්‍රමානාත්මකව ආහාර ගැනීමෙන් කලලයට අතුරු අන්තරාවන් සිදුවිම අරුමයකුත් නොවෙයි.

ගර්භණී මවක් පමණ ඉක්මවා අධික මේද ආහාර පරිභෝජනයේ යෙදුන විට වෙහෙසකර හෝමෝනය ලෙස සැලකෙන කෝටිසෝල් වෙනුවෙන් කලලය නිරාවරනය වෙනවා. එහි ප්‍රතිඵල දරුවාගේ අනාගත චර්යාවන් සඳහා බලපානවා. අසාමාන්‍ය හැසිරිම් රටාවන් දරුවන් වෙතින් ප්‍රදර්ශනය විම සඳහා මවගේ ගර්භණී කාලයේ ආහාර රටාව මගින් ප්‍රබල බලපෑමක් සිදු කරන බව පර්යේෂකයන් විසින් දැන් හඳුනාගෙන තිබෙනවා.

එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට DNA (deoxyribonucleic acid) අග තිබෙන ටෙලොමෝරස් (telomeres) මගින් එහි ක්‍රියාකාරිත්වයට සහ අලුත්වැඩියාව වෙනුවෙන් අවශ්‍ය ශක්තිය සපයනවා. මෙම ටෙලොමෝරස් කෙටි වූ විට රෝග සඳහා මග කියන අතර ජිවන අපේක්ෂාවන් අඩු කරනවා. ගර්භණීත්වය සමග තරබාරුව සහ අධික ශරීරබර ඇතිවුනොත් දරු කළලයේ DNA අණු අග පිහිටි ටෙලොමෝරස් කෙටි කරනු ලබනවා.
අධ්‍යයනය මෙහෙයවන ලද පිසා හි මනෝවිද්‍යාව පිලිබඳ සංගමයේ වෛද්‍ය පැට්රිකා ලොසෝ පෙන්වා දෙන්නේ ගර්භණී කාලයේදි පවත්වන ආහාර පුරුදු තරබාරුව සමග බැඳී පවතින අතර එය දරුවාගේ මෙන්ම මවගේ කෙටි සහ දිගුකාලින සෞඛ්‍ය තත්වය සඳහා බලපාන බවයි.

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ අධ්‍යක්ෂ ලුවිස් සිල්වර්ටන් සඳහන් කරන්නේ ගැහැණු දරුවෙක් තම අනාගත මව් පදවිය වෙනුවෙන් වර්තමානයේ පටන්ම සුදානම ගොඩ නගා ගත යුතු බවයි. මේ නිසා තමන්ගේ ශරිර බර සහ තරබාරුව පිලිබඳව වු සිමාවන් බාල කාලයේ පටන්ම ගොඩ නගා ගත යුතු බව ඇය සඳහන් කරනවා. ගැහැණු දරුවන්ගේ තරබාරුව වෙනුවෙන් වු ආරක්ෂක පිලිවෙත් ගොඩ නගා ගැනිමට විශාල අවධානයක් දක්වන නිසාම යුරෝපයේ තරබාරු ව්‍යාපෘතිය මේ වෙනුවෙන් වු වැඩ පිළිවෙලක් ආරම්භ කරමින් නව යෞවන වියේ පටන් ගැහැණු දරුවන්ට අනාගත අවදානම නිසා වර්මානයේ පටන් සුදානම් වීමේ අගය පෙන්වා දෙනවා.

තම දරු ප්‍රසුතියෙන් පසුව දැන් ඉතිං දෙයියනේ කියල කාලා ඉන්න පුලුවන් යැයි බර හෑල්ලු කර ගන්න බැහැ. කුළුඳුලේ වු දරුවාගේ උපතෙන් පසුවත් මවගේ ශරිර බර සහ තරබාරුව පිලිබඳව වු පාලනයක් අවශ්‍ය වන්නේ තව තවත් දරු මල්ලන් වෙනුවෙන් වු ආශිර්වාදය කාන්තාවක් සතුව පවතින නිසයි.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality