නව ලොව නින්දෙන් ගෙරවීම ගැන අපි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ නින්දෙන් ගොරනවා නම් එයින් ඔබගේ නිදි යහන බෙදා ගන්නා පුද්ගලයා අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම අපි නින්දෙන් ගොරවන්නේ ඇයි කියන එකත් සැලකිල්ල යොමු කළ යුතු තත්ත්වයක්. ඔබ ආශ්‍රය කරන අය අතර වුනත් හැම දෙනෙක්ම නින්දෙන් ගොරවන්නේ නැහැ. නමුත් සමහර උදවිය නින්දෙන් තදින්ම ගොරවනවා.
පහත දක්වන ශාරීරික රෝග සහ ඉහළ ශ්වසන මාර්ගයේ ව්‍යුහයේ පිහිටීමේ වෙනස්කම් තත්වයන් ඇති පුද්ගලයන් නින්දේදී ශ්වසන අවහිරතා ඇති වීමේ අවදානමක් ඇති කණ්ඩායමක් ලෙසින් සලකන්න පුළුවනි.
- තරබාරුව (BMI අගය වැඩි පුද්ගලයන්)
- උගුර ආශ්‍රිත කායික වෙනස්කම් ඇති පුද්ගලයන්
- හකුවල පිහිටීම වෙනස් පුද්ගලයන්
- තයිරොයිඩ් හෝමෝන ගැටළු ඇති පුද්ගලයන්
- උඩු අතට නිදා ගන්නා පුද්ගලයන්
- දිව විශාල වීම / පපුව ඇතුලත පීඩනය වැඩි වීම (Pulmonary Hyperion) පුද්ගලයන්
- අධි රුධිර පීඩනය, රුධිරගත අහිතකර කොලස්ටරෝල් මට්ටම, සීනි මටට්ම ඉහළ යෑමේ රෝග තත්වයවන්ට ප්‍රතිකාර ලබන රෝගීන්
නින්දෙන් ගෙරවීම සැබැවින්ම සුළුවෙන් සිතන්න එපා. එය සාමාන්‍ය සිදුවීමක් වගේ අපි මතුපිටින් දුටුවත් ගොරවන පුද්ගලයාගේ ඉන්ද්‍රියන් නින්දේදී අඩපණ වීමට පුළුවන්. මේ රෝග තත්වය Obstructive Sleep Apnea යනුවෙන් හැඳින්වෙනවා. යම් අවස්ථාවක ඔවුන් නින්දෙන් ගොරවන විට ආශ්වාස කිරීම උගුරෙන් නතර වෙනවා. ඒ නිසා ඔක්සිජන් අවහිර වෙනවා. නින්දේදී අපේ ඉන්ද්‍රියන් විවේක ගත යුතු වුනත් ගොරවන පුද්ගලයාගේ අවයව අධික ලෙසින් ක්‍රියාකරී වීම නිසා වෙහෙසට පත් වෙනවා. මුළු රාත්‍රියේම නින්ද අවහිර වී අවදි වෙනවා. මේ අන්දමින් ඔක්සිජන් ප්‍රමාණවත් නොවීම සහ සිරුරේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වීම නිසා නින්දේදී හදිසි මරණයක් පවා ඇති වෙන තරම් තත්වය නරක අතට හැරෙන්න පුළුවන්. ගොරවන පුද්ගලයාගේ මොළය, හෘදය, පෙනහලු, පේශි සහ ඇස් වැනි අවයවයන්හි සෞඛ්‍ය තත්වය පිරිහීම නිසා හදිසි මරණය පමණක් නොව , බරපතල රෝග තත්වයන් ඇති වීමට තිබෙන අවදානම ඉහළ යනවා.
ඔබේ නිදි යහන බෙදා ගත් පුද්ගලයා ගොරවනවා නම් ඔබ, ඔහුගේ කොට්ටය සකස් කරනවා. මෙය අපේ ජන ජීවිතයේදී සිදු වන සාමාන්‍ය දෙයක්. ගොරවන පුද්ගලයා සමීපව කෙනෙක් සිටියොත් ඒ අන්දමින් කොට්ටය සකස් කරන්න පුළුවන්. හදිසියේවත් ඒ අන්දමින් උදව්වට යමෙකු නැත්නම් සමහර විට මුලින් සඳහන් කළ අන්දමේ ඔක්සිජන් ඌනතාවය ඇති වී Obstructive Sleep Apnea රෝග තත්වයේ ගොදුරක් බවට පත් වෙන්නත් ඉඩ තිබෙනවා. අපි සාමාන්‍යයෙන් සිදු කරන කොට්ටය මාරු කිරීමේ ක්‍රියාවලිය පාදක කර ගෙන ගොරවන අයට ගැලපෙන නවතම විද්‍යාත්මක උපාංගයක් දැන් හඳුනා ගෙන තිබෙනවා.
චීනයේ සෞඛ්‍ය ආම්පන්න නිෂ්පාදන DeRucci සමාගම විසින් 2004 වසරේ අලුත් ඉලක්කයක් වෙත යොමු වුණා. ඒ වෙනුවෙන් ඔවුන් Let people sleep better, තේමාව තෝරා ගත්තා. ගොරවන පුද්ගලයාට තවත් කෙනෙකුගේ උපකාරයක් නොමැතිව ගෙරවීම කළමනාකරණය කර ගත හැකි මෙවලමක් වෙනුවෙන් වූ පර්යේෂණ ව්‍යාපෘතියට ලෝකයේ රටවල් ගණනාවක සෞඛ්‍ය සමාගම් සහ පර්යේෂණ ආයතන සම්බන්ධ කර ගත්තා.
DeRucci සමාගම විසින් මේ සඳහා නවතම කොට්ටයක් හඳුන්වා දී තිබෙනවා. මෙම රොබෝ කොට්ටය විසින් ගොරවන පුද්ගලයාගේ ගොරවන තත්වය නවතා ඔහුගේ සිරුරේ ඔක්සිජන් සැපයුම යාමනය කරනවා. මෙම රොබෝ කොට්ටය මේ වෙන විට ලෝකය විසින් ගෙරවීම කළමනාකරණය වෙනුවෙන් හඳුනා ගත් මුල්ම නිෂ්පාදනය වීමත් වාර්තාවක්.
විද්‍යාත්මක අධ්‍යයනයන් සහ සෞඛ්‍ය නිර්දේශ අනුව නිෂ්පාදනය කරන ලද මෙම කොට්ටය කෘතිම බුද්ධිය මගින් මෙහෙයවනවා. ඒ අනුව නිදා ගැනීමේදී මෙම කොට්ටය භාවිත කරන පුද්ගලයා ගොරවන්න ආරම්භ කරත්තම රොබෝ හෙවත් කෘතිම බුද්ධිය විසින් කොට්ටයේ සහ හිසේ ඉරියව්ව නිවැරදි ලෙසින් සකස් කරනවා. ඒ අනුව ගෙරවීම නැවතීම සිදු වෙනවා. මේ රොබෝ කොට්ටය නිසා පුද්ගලයාගේ ගෙරවීම 89% කින් පාලනය වන බැව් සමාගම විසින් ඔවුන්ගේ දත්ත විශ්ලේෂනය මගින් හඳුනාගෙන තිබෙනවා.
නින්දෙන් ගොරවන විට ඉරියව්ව වෙනස් කරමින් ගෙරවීම පාලනය කරන කොට්ටයට අමතරව මේ සමාගම විසින් සුවදායක නින්දක් වෙනුවෙන් යෝග්‍ය මෙට්ටයක්ද නිෂ්පාදනය කර තිබෙනවා. නින්දක ගුණාත්මක බව වෙනුවෙන් කොට්ට, මෙට්ට, ඇතිරිලි ආදියෙනුත් වැදගත් කාර්යක් ඉටු වෙන බැව් අප දන්නවා. මෙම මෙට්ටය ඔ11යනුවෙන් නම් කර තිබෙනවා. මෙහි ඇති සංවේදන මගින් නිදන පුද්ගලයාට අවශ්‍ය පරිදි උෂ්ණත්වය,නිදන ඉරියව්ව, හෘද වේගය නිවරැදිව පවත්වා ගැනීමට උදව් වෙනවා. මුළු රාත්‍රිය පුරාම මෙටට්ය නිදා ගත් පුද්ගලයාගේ සුව දායක නින්ද වෙනුවෙන් අවශ්‍ය පරිසර තත්වයන් සූදානම් කරනවා.
ඊට අමතරව අපි නින්දෙන් හැරෙන පෙරලෙන විට අනුගමනය කරන වැරදි ඉරියව් නිසා අපේ බෙල්ල, කොන්ද, ඉගටිය වැනි ප්‍රදේශයන්හි දැඩි වේදනාවන් ඇති වෙනවා. සමහර වේදනාවන් නිරන්තරවම ඇති වන නිසා සාමාන්‍ය ජීවිතයට පවා කරදරයක් වෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් මෙම t11 මෙට්ටයේ ඇති වායු මලු (Air Bag) මගින් නින්දේදී අපි හැරෙන විට ඉහතින් දක්වන ලද අවයවයන්ට පීඩනයක් ඇති නොවන පරිදි අපේ ඉරියව් නිවරැදි අන්දමට හසුරුවනවා.
DeRucci සමාගම විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදන හඳුන්වා දීම 2023 වසරේ දෙසැම්බර් 14 වැනි දින සිදු වුණා. දැන් මේ නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කර අවසානයි. ඒ විතරක් නොවෙයි, 2024 වසරේදී නවෝත්පාදන වෙනුවෙන් වූ විද්‍යාත්මක නිෂ්පාදන හඳුන්වා දීමේ කීර්තිය මේ මෙවලම් සඳහා හිමි වෙනු ඇතැයි වූ බලාපොරොත්තුවත් DeRucci සමාගමට තිබෙනවා.
CNET ඇසුරිනි
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this