නින්ද කියන්නේ තාවකාලික මරණයක්. එක හුස්මට නින්ද ගියොත් අපිට රෑ කෙටියි. ඒ වගේම නින්ද නොයන රාත්‍රිය බොහොම දිගයි. හිතේ කරදර වගේම හිතේ විවිධාකාර දේ නිසා සමහර වෙලාවට අපිට ඉක්මනින් නින්ද ලැබෙන්නේ නැහැ. ඒ වගේම නින්දේ ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව වැදගත් යැයි නින්ද පිලිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ ඩර්ක් ජෑන් සඳහන් කරනවා.
2010 වසරේ සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුව 33% ක් පමණ දෙනා රාත්‍රි කාලයේ ලබන නින්ද පැය පහක සිට හය දක්වා කාලයක් පමණ වෙනවා. බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් පැය හයහමාරක පමණ නින්දක් ලබන බව අධ්‍යයනයේ දත්ත මගින් පෙන්වා දෙනවා. මේ අතර ඇතැමුන්ට නින්ද ගැටළුවක් බවට පත් වි තිබෙනවා. මෙම තත්වය මානසිකව බොහොම වෙහෙසක්. 2012 වසරේ සිදු කරන ලද අධ්‍යයනයකදි පෙන්වා දෙන්නේ මිලියන පහලොවක් පමණ දෙනා නින්ද පිලිබඳ ගැටළුවෙන් පිඩා විඳින බවයි.
අතිතයේ අපිට කෑමට බිමට වගේම නින්දට වෙලාවක් තිබුනා.
දවස මුළුල්ලේ වෙහෙස මාන්සි වෙනවා. පැදුරට ඇල වුනා විතරයි නින්ද යනවා. පහුවදාට උදෙන්ම නැගිටිනවා……සියා කිව්වා.
ඔව් සියේ.. මමත් අහලා තියෙනවා උදෑසන ආලෝකයට මොළය නිරාවරනය වුනාම අපේ සිරුරේ රිද්මය හොඳින් ක්‍රියාකරනවා කියලා.
අනේ පුතේ මම නම් ඔය රිද්මය ගැන දන්නේ නැහැ. දැන් උදවිය වගේ පාන්දර ජාමේ වෙනකම් කොම්පියුටර් සෙල්ලම් අපිට තිබුනේ නැහැ..
රාත්‍රි කාලයේදි අපේ සිරුර අන්ධකාරයට නිරාවරනය වෙන විට මෙලොටිනන් හෝර්මෝනය නිදහස් වෙනවා. ඒ අතරම සෙරොටොනින් හෝර්මෝනය මගින් මොලයේ රසායනික සංයුතිය තුලනය කරන නිසා අපිට නින්දට බාදාවක් නැහැ. නමුත් මේ රටාව බොහෝ විට අපි විසින්ම වෙනස් කර ගෙන තියෙනවා….පුතු කිව්වා.
ඉතිං… දැන දැනම නේද දරුවෝ වැරැදි කරන්නේ….සියා ඇහුවා.
ඔව්…සියේ ඒක ඇත්ත… දැන් කාලයේ හිතේ තියෙන බර අරගෙන අපි ඇඳට ගියාම කෝටිසෝල්, ඇඩ්රිනල් වගේ වෙහෙසකර හෝර්මෝන නිදහස් වුනාම අපේ නින්දට බාධාවන් වෙන බව ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ නින්ද පිලිබඳ පර්යෙෂණ මධ්‍යස්ථානයේ චිකිත්සාගාර මනෝ විද්‍යා අධ්‍යක්ෂ කොලින් එස්පි සඳහන් කරනවා.
නැහැ. දවසේ වැඩ ඉවර වුනාම බණ පොතක් බලනවා. රේඩියෝවෙ පිරිත් අහලා නිදා ගන්නවා. ඉස්සර රෑ දහයට රේඩියෝවෙ වැඩ සටහනුත් අහවරයි. වට පිට සද්ද බද්ද නැති හින්දා එක හිනෙන්ම එලි වෙනවා….දැන් ඉතින් එහෙමයෑ…එලිය වැටෙනකම්ම එක එක සද්ද…
ඊටත් පුතේ පොතේ හැටියට පැය අටකම නින්ද හැමෝටම ලැබෙන්නේ නැහැ. අපිටත් තරුණ කාලයේදි වගේ දැන් නින්ද යන්නේ නැහැ. ඒ ඉතින් ජිවිතේ හැටි… හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මේ ගැන අධ්‍යයනයක් පැවැත්තුනා. වයස අවුරුදු හැට ඉක්මවන ලද පුද්ගලයන් පිරිසක් සහ වයස අවුරුදු විස්ස ඉක්ම වු පිරිසක් තෝරා ගත්තා. ඔවුන්ට පැය දහසයක් නිදි යහනේ සිටින්න යැයි උපදෙස් දුන්නා. එහිදි වියපත් පිරිස පැය හත හමාරක් පමණ නින්දක් ලද අතර තරුණ උදවියට පැය නවයක් නින්ද ලබන්න හැකි වුනා.
සමහර උදවිය ඉන්නවා ඇඳට ගොඩ වෙන්නේ අනේ…මේ හිතේ බරට නින්ද යන්නෙත් නැහැ කියලා හිතාගෙනම. ඉතිං ඒ වගේම නින්ද නැතුව ඇඳේ ඒ මේ අතට පෙරලි පෙරලි ඉන්නවා. ඇයි යටි හිත හදාගෙන ඉන්නේ මට නින්ද නැහැයි කියන සිතුවිල්ලෙන්මයි. නින්ද යන්නේ නැති උදවිය ඔරලෝසු පැයට නින්දට යන්න නරකයි. තමන්ට නිදිමත දැනෙද්දි නින්දට යන්න එක තමයි හරියන්නේ. පොතක් පතක් බලලා නිදිමත දැනුනාම ඇඳට යන්න පුරුදු වුනොත් පහසුයි.
නින්දට බාධා ඇති කරන රෝග තත්වයනුත් නැතුවාම නෙවෙයි. කිරිටක ධමනින් ආශ්‍රිත ආබාධ, ඔස්ටොපොරෝසියස්, තරබාරුව, දියවැඩියාව වගේ රෝග හින්දත් නින්දේ රටාව වෙනස් වෙනවා. නින්ද මොලයේ නම්‍යශිලිත්වයට බලපානවා. මොළය පුද්ගලයන්ගේ ඉගෙනුම් හැකියාවට වගේම මතක තබා ගැනිමේ ශක්තිය වෙනුවෙන්ද නින්දේ බලපෑම ලැබෙනවා.
සමහර රෝග වලට බේත් හේත් බොන වෙලාවටත් නින්දට බාධාවන් ඇති වෙනවා. මේ බේත් අතරට වේදනා නාශක ප්‍රති විශාදය වෙනුවෙන් වු බේත් වර්ග ඇතුලත් වෙනවා.
රාත්‍රි නින්දේ ප්‍රමාණය කොහොම වුනත් ගුනාත්මක විදිහට නින්ද ලැබුනේ නැත්නම් දවල් කාලයේදි බොහොම නිදිමත ගතියක් වගේම ශරිරයට අප්‍රානික බවක් දැනෙනවා. මේ වෙන තුරු නින්ද ගැන සිදු වුන අධ්‍යයනයන් පාදක වුනේ නින්දේ ප්‍රමානාත්මක බව මිසක ගුණාත්මක බව අලලා නොවෙයි.
ස්විඩනයේ උප්සාලා විශ්ව විද්‍යාලයේ සිදු කළ අධ්‍යයනයකින් මොළය සහ නින්ද අතර තිබෙන සම්බන්ධතාවය අපුරු විදිහට පැහැදිලි කලා. හිසට සිදු වෙන තුවාල ආඝාතය, හෘද රෝග සහ ඇන්ජයිනා වැනි රෝග තත්වයන්හිදි මොළයට රුධිර සංසරණය නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. මේ නිසාත් රාත්‍රියට සුවදායක නින්දක් ලබන්න අපහසු වෙනවා.
එරික් අයි විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙන්වා දෙන්නේ වයස අවුරුදු දහසයක දරුවෙකුට එක් රාත්‍රියකදි ලැබිය යුතු උපරිම නින්ද පැය හතක් බවයි.
සටහන
පුන්‍යා චාන්දනි සිල්වා
Leave feedback about this