පරම්පරාව ඉදිරියට ගෙනියන්නේ පිරිමින් නිසා ඔවුන්ට සමාජගත පිලිගැනීම ඉහළයි. අඹු සැමියන් විදිහට පවුල් ජිවිතයට සම්ප්‍රාප්ත වුන තැන පටන් තුන්වෙනියෙකුගේ සම්ප්‍රාප්තිය ගැන ආරංචිය ප්‍රමාද වුනාම චෝදනා එල්ල වෙන්නේ නිතරම කාන්තාවටයි. ඒත්….දරු සම්පත වෙනුවෙන් පිරිමින්ගේ දායකත්වයත් නොඅඩුව අවශ්‍ය බව මතක තබා ගත යුතුයි.
සඵල්‍යතාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිටා වෙස්ට් විසින් දරු සම්පත වෙනුවෙන් පිරිමින්ගේ සරුභාවය අවශ්‍ය බව පෙන්වා දෙමින් සඳහන් කරන්නේ සිරුරේ පෝෂණය පිරිමින්ගේ ශුක්‍රාණු පරිමාව සඵලතාවය වෙනුවෙන් බෙහෙවින් බලපාන බවයි.
ස්ත්‍රි ඩිම්බයක් වෙත පිහිනා යන ශුක්‍රාණුව වෙනුවෙන් වු හැකියාව ගොඩ නගන්නට විටමින් ,ඛණිජ සහ වෙනත් ප්‍රෝටින ප්‍රභවයන් අවශ්‍ය වෙනවා. බෙරි සහ පැඟිරි කුලයේ පළතුරු, විටමින් “ සි ” සංයෝගයන්ගෙන් යුක්ත අතර නිරෝගි ලෙසින් ශුක්‍රාණුවක් සංවර්ධනය විමට මෙම ආහාර බෙහෙවින් හිතකර බව අධ්‍යයනයයේ ප්‍රධානී සිටා වෙස්ට් සඳහන් කරනවා.
බිත්තර වැනි සත්ව ප්රෝටිනයන්ගේ අඩංගු ඇමයිනෝ අම්ල නිරෝගි ශුක්රානුවක් ගොඩනැගිමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දිමක් වගෙයි. ස්ත්‍රි ඩිම්බයක් වෙත ශුක්‍රාණුවක් සම්ප්‍රාප්ත විම හරියට පැසිෆික් සාගරය තරණය කිරිමක් විදිහට පර්යේෂකයන් දකිනවා. සාගරය පිහිනා ගියාටත් වඩා මෙම තරඟය ජයග්‍රහණය කිරිම ආශ්චර්යමත් කටයුත්තක්.
මුලින්ම ශුක්‍රාණුව ප්‍රවේශ වෙන්නේ කාන්තාවගේ පැලෝපිය නාලයටයි. මිලියන 40 ක් පමණ ශුක්‍රාණු මෙම තරඟයට ඇතුලු වෙනවා.
ශුක්රානුවක හිස දරුවාගේ ජාන පිටපතෙන් 50 % ක දායකත්වය දරණ අතර ඉතිරි 50 %වෙනුවෙන් වු දායකත්වය ස්ත්‍රි ඩිම්බය මගින් සලසා දෙනු ඇත. විටමින් D මගින් ශුක්රානුවේ පිහිනිමේ හැකියාව වර්ධනය කරන අතර සින්ක් මගින් ප්‍රමාණය, චලනය සහ සරු බීජයන්ගේ ධාරිතාවය ඇති කරනවා.
තවත් අධ්යයනයයක් මගින් පෙන්වා දෙන්නේ ඔමේගා 3 බහුල ආහාර මගින් ගර්භණිත්වය සඳහා විශාල පිටුවහලක් ලැබෙන බවයි. දරුවන් ලැබිමේ විවිධ සංකුලතාවයන්ගෙන් යුක්ත අඹුසැමියන් 40% ක් පමණ දෙනා වෙනුවෙන් එම ආහාර ලබා දිමෙන් පසු සාර්ථක ප්‍රතිඵල පෙන්වනු ලැබුවා.
- වාහන ආසාන
- යට ඇඳුම්
- දිගු කාලීන ලැප්ටොප් භාවිතය
- ජංගම දුරකථන කලිසම් සාක්කුවේ රඳවා ගැනීමෙන් වෘෂණ කෝෂ උණුහුම් විම
- පුළුස්සන/සකස් කළ ආහාර
- මද්‍යසාර/නිකොටින්
- ඇතැම් ඖෂධ වර්ග
තවද කෘමිනාශක අන්තර්ගත පළතුරු සහ එළවළු ද පුරුෂ සරු බවට බාධාවක් බව මහජන සෞඛ්‍ය පිලිබඳ හාවර්ඩ් විද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් චවරෝගේ අධ්‍යයනයක් මගිනි පෙන්වා දෙනවා. 2007 සිට 2012 වසර දක්වා වු මෙම අධ්‍යයනයට පිරිමින්ගේ ශුක්‍රාණු සාම්පල 338 ක් යොදා ගත් අතර එහිදි පෙනි ගිය අන්දමට කෘමිනාශක යෙදු ආහාර පරිභෝජනය කරනු ලබන පිරිමිගේ ශුක්‍රානු ඝනත්වය බෙහෙවින් අඩුව තිබුණා. එබැවින් දරු සුරතල් බලන්නට රිසි පිරිමි උදවිය වස විස නැති එළවළු පළතුරු වෙනුවෙන් යොමු වෙනවා නම් වඩාත් යහපත් බව මහාචාර්ය ජෝර්ජ් චවරෝ පෙන්වා දෙනවා.
විටමින් C අඩංගු ආහාර අතරට නිර්දේශ වි අත්තේ බෙරි, පැඟිරි කුලයේ පළතුරු, කොළ එලවළු, රතු ගම්මිරිස් ආහාර වෙන අතර ඇට වර්ග වලින් විටමින් E සපයා ගත හැකියි. ගෝවා, සැමන්, දොඩම් වැනි ආහාර මගින් ලැබෙන එන්සයිම මෙන්ම තක්කාලි, කොමඩු, පේර පිරිමින්ගේ සරු බවට අවශ්‍ය ලයිකොපෙන් ලබා දෙනවා. හරක්මස්, කුකුල් මස් , නිවිති, බිම්මල්, වට්ටක්කා ඇට, කඩල සහ කොකෝවා වැනි ආහාර වෙතින් සින්ක් උපයා ගත හැකියි. සරු බව වෙනුවෙන් අවශ්‍ය ආහාර වට්ටෝරු ඔබට www.zitawest.com / Amazon වෙබ් අඩවි මගින් බාගත කළ හැකියි.
සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා
Leave feedback about this