ඔක්තෝබර් 24, 2025
Flower-life-kids-parent-pulse-featured-image
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

මල් වගේ දරුවන් මල් වගේම සුරකිමු

අද දරුවා හෙට ලෝකය භාරගන්නා වගකිව යුතු පුද්ගලයෙකු බවට පත් වීම සාමාන්‍ය සිදුවීමක්ග ඒ වගේම වැඩිහිටියෙකු ලෙසින් හෙට දවස බාරගන්නා දරුවාගේ අද දවස සාර්ථක ලෙසින් ගොඩ නැගීම දෙමව්පියන් වශයෙන් ඔබගේ දැඩි වගකීමක්ග දරුවාගේ පෞරෂය ගොඩ නැගෙන්නේ අද දවසේ දෙමව්පියන් විසින් ඔවුන් වෙත දක්වන ප්‍රතිචාර අනුවයිග ඒ නිසා හෙට දවස භාරගන්නා දරුවාගේ පෞරෂය ගොඩ නැගීමෙහි ලා දෙමව්පිය භුමිකාව කෙසේ නිර්මානය විය යුතුද?

එය දරුවා වැඩිහිටි වයසට පත් වීමෙන් පසු සිදු කළ යුත්තක් නොවේග යාන්තම් හය හතර තේරෙන දා පටන් ආරම්භ කළ යුතුයග විශේෂයෙන් මේ පිලිවෙත් වයස අවුරුදු දහයක් වීමට පෙරාතුව සිදු විය යුතු බැව් ළමා මනෝවිද්‍යාඥයන්ගේ අදහසයිග දරුවන් හදන වඩන දෙමව්පියන්ට ලබා දෙන උපදෙස් දහයකින් අපි මේ කටයුත්ත පටන් ගනිමු.

දරුවන් මල් වගෙයි කියන්නා වගේම දරුවන් අතර කවදාවත් පරතර ඇති කරන්න එපා. එයා ගැහැණු ළමයෙක්. ඔයා පිරිමි ළමයෙක්. ඒ නිසා කවදාවත් ගැහැණු ළමයින්ට ගරු කළ යුතු නැහැ, පිරිමි ළමයි සමාජයේ ඉදිරියෙ මෙවැනි අදහස් කිසිම දිනක දරුවන්ගේ මනසට කාවද්දන්න එපා. ඔයත් දරුවෙක්, එයත් දරුවෙක්, දරුවන් අතර අසමානකම් නැහැ. ඒ නිසා හැම දෙනාටම ගරු කරන්න. ඔබ දරුවා දැණුවත් කළ යුතු නිවරැදිම ආකාරය එයයි.

බනින්න එපා පොඩි දෝනිට-ගහන්නෙපාග හාල් මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්නයි.. වගේ කිසිම දිනක දරුවාගේ ළමා ලෝකයේ සුන්දරත්වයට ඔබ බාධා කරන්න එපාග දරුවන්ගේ ලෝකය සුන්දරයි. එය තවත් විචිත්‍ර කිරීමට හැඩතළ ලබා දිය යුත්තේ ඔබයි. දරුවෙකු චිත්‍රයක් ඇද එය ඔබට පෙන්වූ විට, අයියෝ මේකත් චිත්‍රයක්ද? රෑ මොකක්ද ඔය අනේ පාට පෙට්ටියත් කම්මුතුයි.. කියන්න එපා. එහි අඩුපාඩු ඇතොත් ෂා.. හරිම ලස්සනයි අපි තව පාට ටිකක් එකතු කරමු කියමින් එයට ඌන පුරණ සපයනු මිසක දරුවාගේ හැකියාවන් පිපෙන සැනින් විනාස කරන්න එපාග වැරදීම් ඉදිරියේ ඔවුන් ඉදිරියට යා යුතුයග වැරැදි නැති කෙනෙකු මේ ලෝකයේ උපත ලබා නැතග ඔබේ දරුවාත් මේ ලෝකයේම කොටස්කරුවෙකු වන බැවින් ඔවුන්ටත් එය සාධාරනය.

අද දෙමව්පියන්ගේ වැඩි අවධානයක් ඇත්තේ දැණුමට නොව ශ්‍රේණියටයි. එසේත් නැත්නම් කඩඉම් ලකුණු සහ ප්‍රමුඛතා ලැයිස්තුවටයි. ඒ නිසා බාලකාලයේ පටන්ම දරුවා යොමු කරන්නේ දැණුම නොව ශ්‍රේණිය පවත්වා ගැනීමටයි. මගේ එකක් වැරදි ඒ නිසා මට ලැබුනේ ..බී , ශ්‍රේණයක් දරුවාගේ ශ්‍රේණිය ගැන උරණ නොවන්න ඔයාගේ කිසිම සැලකිල්ලක් නැහැ. ඒකයි යනුවෙන් දොස් නගන්න එපාග කමක් නැහැග දැන් ඔයාට තේරෙනවානේ වැරැද්ද අපි වැරැදි හදාගෙන ඉස්සරහට යමු යනුවෙන් දරුවාට ධෛර්ය ලබා දීම මිසක ඔවුන්ගේ ආත්මශක්තිය බිඳ වැටීමට හේතු වෙන පරිදි දොස් නැගීම නම් නොකළ යුතු බැව් තරයේ මතක තබා ගන්න.

දරුවන්ගේ සැපත හමුවේ මෙන්ම ඔවුන්ගේ දුක වේදනාව සහ පරාජයන් හමුවේ සමීපව සිටින්නේ දෙමව්පියන් බැව් දරුවාගේ හදවතට දැනෙන සේ ඔබ ගණුදෙණු කළ යුතුයග අනේ අම්මා මාව මරයිගගයම් පරාජයක් ඉදිරියේ දරුවාගේ හිතට මෙවැනි කම්පනයක් ඇති වීම යනු තමා අසරණය යන පීඩනයෙන් පෙලෙන අවස්ථාවකි. නමුත් අම්මේ මට කියන්න දෙයක් තියෙනවාගගඔයාගේ උදව් මට ඕන. මේ අන්දමින් දරුවා සමග හිතමිතුරුකරණය ගොඩ නගා ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්ග පුංචි අයට මොනවද තියෙන ප්‍රහ්න යැයි සරලව හිතන්න එපා. ඔවුන්ගේ වයසට ගැලපෙන ගැටලු ඔවුන් ඉදිරියේ ඇති නිසා ඒවායේදී දෙමව්පියන් ලෙස එබේ සමීප බව දරුවාගේ හිතට මහත් වූ සවියක් ලබා දෙනු ඇත.

සමහර දෙමව්පියන් දරුවෙකුට වඩා ගුරුවරුන්ට හෝ වෙනත් පුද්ගලයින්ට වැඩි ගෞරවයක් දක්වයිග මෙය දරුවාගේ අනාගත අනාරක්‍ෂිතභාවයට බලපාන හේතුවක් විය හැකගපංතියක දරුවන් විස්සක් සිටියොත් ඒ විසි දෙනා විසි ආකරයක් බැව් සැබෑයග නමුත් මේ විවිධ හැසිරීම් අනුව කිසිම විටෙක දරුවන් සමාජයේදී නිගරු බවට පත් කළ යුතු නැහැග මේ නිසා දරුවාගේ ස්වාධීනත්වය ඔවුන්ගෙන් දුරස් වීමට හේතු වේග ඒ නිසා ගෞරවය වැදගත් බව ඔබේ දරුවාට පැහැදිලි කරන්නලදරුවන් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් විය යුතු නැත.

දරුවන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ අනුදැනුම් මත විවිධ අන්දමින් විනාශ විය හැකගඒ නිසා අනුන් කී පමණින් යම් දෙයක් කිරීමට වඩා දරුවාගේ හිතට එකගනම් පමණක් ඒ වෙනුවෙන් යොමු වීමේ වැදගත්කම අවබෝධ කර දීම වැදගත්ගදරුවන් බිලි බා ගැනීමට වැඩිහිටියන් සූදානමින් සිටින මේ යුගයේදී ඒ ගැන දරුවාගේ මනස යොමු කිරීමත් ඉතා වැදගත්.

ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී දරුවා නිතරම බුද්ධිමත් සංවාදයක් ගොඩ නගා ගත යුතුයග ගුරුවරයා උගක්වන දෙය නොතේරෙනවා නම් එය පැහැදිලි කර දෙන ලෙසින් ඉල්ලා සිටින්නට අයිතිය දරුවාට තිබේගඑයින් මෝඩකම ප්‍රදර්ශනය වන්නේ යැයි බිය විය යුතු නැතගබුද්ධිමත් දරුවා තමන්ට නොතේරෙන විෂකරුණු ගැන විමසා දැන ගන්නා නිසා එතැනින් ඉදිරියට යැමේ ශක්තිය ලබා ගනීග නොතේරෙන දෙය ගැන පැහැදිලි කිරීම් ඉල්ලා නොසිටන දරුවා ඉදිරියට යන්නේත් මේ ගැටලු සමගයග ඒ නිසා හෙට දවස ඔහු තවත් ගැටලු ජාලයක සිරගත වී ට තමන්ගේ විෂය අප්‍රසන්න බවට පත් කර ගනු ඇත.

දරුවන් විවිධ අන්දමින් හොර ලෙඩ ගැන පැමිණිලි කළත් ඒවා නිර්දය ලෙස ප්‍රතික්ෂෙප කරන්න එපාග දරුවෙකු හොර ලෙඩ කිමේ පසුබිමේ විවිධ ගැටලු ඇති බැවින් ඒ ගැන විමසිලිමත් වෙන්නග සමහර විට පංතියලපාසල මිතුරන් මුල් කර ගත් කරුණු විය හැක. එසේත් නොමැති නම් විවිධ රෝගාබාධයන්ගේ පෙර නිමිති වීමටත් හැකි නිසා දරුවන් ගෙනෙන රෝග පිළිබඳ පැමිනිලි නිර්දය ලෙස ප්‍රතික්ෂෙප නොකළ යුතුය.

පාරිසරික ගැටළු අද ගෝලීය මාතෘකාවක් වුනත් එය ආරම්භ කළ යුත්තේ නිවසේදී බැව් අමතක කරන්න එපාග තමා ජීවත්වෙන වටපිටාවෙන් ආරම්භ කිරීම දෙමව්පියන්ගේ යුතුකමයි.

මේ ගසේ බොහෝ- පැණි දොඩම් තිබේ
වැඩිය කඩන නරක ළමයි – එහෙම නොවේ අපි.. ගමේ ගීතය ඹබේ දරුවාගේ ජීවිතයේ ගීතය බවට පත් කරන්න.

නැහැ-බැහැ කිව යුතු තැන එඩිතර වෙන්න.

බාලකාලයේදී පටන් දරුවාට නැහැ ගගසහ බැහැ කිව යුතු තැනදී නොබියව ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට උනන්දු කරන්නග එවිට වැඩිහිටියන්ගේ ඇතැම් වැරදි කටයුතු පවා මේ පුංචි පැටවුන් නිසා නිවරැදි වෙනු ඇත. ඒ වගේම අනාගතයේදි ඔබේ දරුවා වැරැදි සහ නිවරැද්ද තෝරා ගෙන ජීවිතය ඉතා හොදින් ගලපා ගැනීමේ හැකියාව ලබා ගනු ඇත.

එහෙමනම් දරුවන්ගේ ලෝකය මොනතරම් සියුම් සංවේදනයන් සහිතදැයි දැන් ඔබටත් තේරුම් යනු ඇතිගබාලකාලයේ ගැටළු සමග අනාගතයට පිය නගන දරුවාගේ පෞරෂ ඌනතාවයන් නිසා ඔහු පමණක් නොව සමාජයත් වන්දි ගෙවන නිසා කවදා හෝ දිනක මව්පිය පදවි ලබන කාටත් මේ තොරතුරු ඉතා වැදගත් වේවි.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality