දරුවෙකුගේ පැමිණීම යනු ජීවිතයේ සිදුවන විශාලතම පරිවර්තනයන්ගෙන් එකකි. මෙය අසීමිත සතුටක්, ආදරයක් සහ අලුත් අපේක්ෂාවන් සමූහයක් ගෙන එන අතරම, බොහෝ අලුත් මව්වරුන් තම පෙර අනන්‍යතාවය නැති වී යාම පිළිබඳව රහසින් පසුතැවෙන අවස්ථා ද වෙයි.ගර්භණී සමයේදී පටන්, ඔබේ සිරුර, දින චර්යාව, සබඳතා සහ ඔබ ලෝකය දකින ආකාරය විශාල වශයෙන් වෙනස් වේ. එය ගැඹුරු හා සංකීර්ණ මානසික, ශාරීරික හා චිත්තවේගීය සංක්‍රාන්තියකි.
- දින චර්යාවේ හා ස්වාධීනත්වයේ වෙනස්වීම්
- වේලාව කළමනාකරණය
දරුවෙකුගේ පැමිණීමෙන් පසු, ඔබේ කාලය සම්පූර්ණයෙන්ම පාහේ දරුවා වටා ගෙතී යයි. කලින් ඔබ විනෝදාංශ, මිතුරන් හෝ රැකියාව සඳහා වෙන් කළ කාලය දැන් නැති වී යයි.
- අහිමි වීම්
හදිසි ගමනක් යාම, රාත්‍රියට පිටතට යාම හෝ පොතක් කියවීමට විවේකයක් ගැනීම වැනි පරණ ජීවිතයේ සාමාන්‍ය දේවල් දැන් දුර්ලභ බවට පත් වේ.
- වෘත්තීය හා පුද්ගලික අරමුණු වෙනස් වීම
- වෘත්තීය බාධා
රැකියාවට යාම නතර කිරීම, අඩු කාලයක් වැඩ කිරීම හෝ වෘත්තීය අරමුණු වෙනස් කිරීම මවකගේ අනන්‍යතාවයේ ප්‍රබල කොටසක් අහිමි වීමට හේතු විය හැක.
- මව හැර වෙනත් භූමිකාවන් යටපත් වීම
ඔබ භාර්යාව, මිතුරිය, කලාකාරිය හෝ ක්‍රීඩිකාව ලෙස ගත කළ භූමිකාවන් මව යන ප්‍රධාන භූමිකාවට යටපත් වීමෙන් කලින් ඔබට තිබූ සම්පූර්ණත්වය නැති වී ගිය බවක් දැනිය හැකිය.
- සමාජ සබඳතා හා හුදකලාව
- මිත්‍රත්වයන් වෙනස් වීම
දරුවන් නොමැති මිතුරන් සමඟ පොදු දේවල් අඩු විය හැකි අතර, ඔවුන් සමඟ ගත කළ කාලය සීමා විය හැකිය.
- හුදකලා හැඟීම
නව මවක් ලෙස ගත කරන කාලය සමහර විට ඉතා හුදකලා විය හැකිය. කතාබස් කිරීමේ අවශ්‍යතාවය සහ සමාජ ඇගයීම නැති වී යන බවක් දැනිය හැකිය.
මූලිකවම ඔබේ හැඟීම හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. ඔබේ පරණ ජීවිතය ගැන දුක් වීමෙන් ඔබ, ඔබේ දරුවාට ආදරය නොකරන හෝ හොඳ මවක් නොවන බවක් අදහස් නොවේ. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකු වන අතර, ජීවිතයේ විශාල වෙනසක් වීම ඔබට දුකක් වීම අසාමාන්‍ය තත්ත්වයක් ද නොවේ.
- ශෝකය පිළිගන්න, නමුත් අලුත් දෙයට ඉඩ දෙන්න
- ඔබේ අහිමි වීම ගැන දුක් වෙන්න
ඔබේ අහිමි වූ ස්වාධීනත්වය, නිදහස හෝ වේලාව ගැන දුක් වීමට ඔබට ඉඩ දෙන්න. මෙම හැඟීම් සාමාන්‍ය බවත් ඒ දුක්වීඹට ඔබට අයිතියක් ඇති බවත් තේරුම් ගන්න.
- ආදේශ නොකරන්න
ඔබ මවක් වීම ඔබගේ අනෙකුත් සියලුම කොටස් සඳහා ආදේශයක් නොවන බවත් එය ඔබේ ජීවිතයට තවත් එක් වැදගත් කොටසක් එකතු කිරීමක් බවත් සිතන්න.
- ඔබේ පෙර අනන්‍යතාවය අත්නොහරින්න
- ප්‍රමුඛතාවය දෙන්න
ඔබට සතුටක් ගෙන දෙන, ඔබට, ඔබ ගැන හැඟීමක් ඇති කරන ඔබේ අනන්‍යතාවයේ කොටස් එනම් කියවීම, ව්‍යායාම, යම් විනෝදාංශයක් වැනි දේ මොනවාදැයි හඳුනා ගන්න.
- ඉලක්ක තබන්න
මුලදී, ඔබට සතියකට විනාඩි 15ක් හෝ 30ක් වෙන් කිරීමට උත්සාහ කරන්න. දරුවා නිදා සිටින විට ගෙදර දොරේ වැඩ වෙනුවට පොතක් කියවීමට හෝ සරල යෝගා ව්‍යායාමයක් කිරීමට වෙන් කරන්න. මෙය ආත්මාර්ථකාමී නොවේ, මෙය අත්‍යවශ්‍යයි.
- හවුල්කරුවන් සමඟ සහයෝගීව කටයුතු කිරීම
- කාල සටහනක් සාදන්න
ඔබේ සහකරු සමඟ කතා කර දරුවා බලාගැනීම සඳහා පැහැදිලි කාලසටහනක් සාදන්න. ඔබට තනි කාලයක් (Me-Time) ලැබීමට එය උපකාරී වේ.
- කාර්යයන් බෙදාගන්න
ගෙදර දොරේ කටයුතු සහ දරුවාගේ වැඩ කොටස පමණක් නොව, මානසික පීඩනයද බෙදාගන්න.
- වෙනත් මව්වරුන් හා සම්බන්ධ වීම
- සමාජ ජාලයන්
වෙනත් මව්වරුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට, උපකාරක කණ්ඩායම් වලට සම්බන්ධ වීමට හෝ මාපිය පන්ති වලට සහභාගී වන්න. මේ හැඟීම් ඔබ පමණක් අත්විඳින්නේ නැති බව දැන ගැනීම ඔබේ වේදනාව අවම කරයි.
- වෘත්තීය උපකාර පැතීම
අනන්‍යතාවය නැති වී යාමේ හැඟීම මාස කිහිපයකට වඩා වැඩි කාලයක් පවතින්නේ නම්, එය ඔබට දැඩි ලෙස බලපාන්නේ නම් හෝ එය ප්‍රසව අවපීඩනයේ (Postpartum Depression) ලක්ෂණයක් විය හැකි නම්, වෛද්‍යවරයකු හෝ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ කතා කරන්න.
මවක් වීමෙන් ඔබට, ඔබව අහිමි කරන්නේ නැත. ඔබ නව, පුළුල් වූ සහ ගැඹුරු වූ ඔබ බවට පරිණාමය වේ. ගර්භණීභාවයෙන් පසු ඇතිවන මෙම අනන්‍යතා අර්බුදය යනු රෝගී තත්ත්වයක් නොව, ජීවිතයේ ස්වභාවික සංක්‍රාන්තියකි.
දරු ප්‍රසූතියෙන් පසු ඔබ සහ මවක් වූ අලුත් ඔබ අතර සමබරතාවයක් සොයා ගැනීමට උත්සාහ කරන විට, ඔබ කාරුණික සහ ඉවසිලිවන්ත වන්න. ඔබගේ නව ජීවිතය ඔබගේ පෙර ජීවිතයේ තිබූ වටිනාකම් හා ආශාවන් ඔබට අහිමි නොකරන අතරම එයට තවත් බොහෝ දේ එකතු කරන බව සිහිතබා ගන්න.
නව මාපිය භූමිකාවකට පිවිසීමෙන් පසු ඔබේ අනන්‍යතාවයේ කොටස් අහිමි වීම සාමාන්‍ය දෙයක් වුවද මෙය අවසානයක් නොවේ. එය නව පරිච්ඡේදයක ආරම්භයයි. ඔබේ ජීවිතයට පෙර ඔබගෙන් කොටස් නැවත ගෙන ඒම සඳහා ඔබට ගත හැකි සරල පියවර පහත දැක්වේ.
- ඔබ වෙනුවෙන් තනි කාලයක් (Me-Time) වෙන් කිරීම
- ක්‍රියාව හඳුනා ගන්න
ඔබ මීට පෙර සතුටින් කළ කියවීම, සංගීතයට සවන් දීම, සරල ව්‍යායාම හෝ සඟරාවක සටහන් කිරීම වැනි ක්‍රියාවන් සටහන් කරන්න.
- කාලය නියම කරන්න
දරුවා හොඳින්ම නිදා සිටින හෝ ඔබේ සහකරු/සහකාරිය දරුවා බලා ගන්නා නිශ්චිත වේලාවක් (දිනකට මිනිත්තු 15 – 30) තෝරා ගන්න.
- ප්‍රමුඛතාවය දෙන්න
එම කාලය තුළ කිසිදු ගෙදර දොරේ වැඩක් හෝ වෙනත් වගකීමක් නොකරන බවට දැඩි තීරණයක් ගන්න. මෙය ඔබට නැවත උද්දීපනය වීමට ඇති කාලය බව අමතක නොකරන්න.
- අර්ථවත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම
- විශේෂ මිතුරන් තෝරා ගන්න
ඔබගේ තත්ත්වය අවබෝධයෙන් යුතුව අසා සිටිය හැකි එක් විශ්වාසවන්ත මිතුරෙකු තෝරා ගන්න.
- සරල සන්නිවේදනය
ඔබගේ දවස ගැන හෝ පොදු විනෝදාංශයක් ගැන සතියකට වරක් මවට හෝ කෙටි දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යවන්න.
- කෙටි හමුවීමක් සැලසුම් කිරීම
මසකට වරක් හෝ දෙවරක් දරුවාගේ වගකීම සහකරුට පවරා, මිතුරෙකු සමඟ විනාඩි 30ක පමණ කෙටි හමුවීමක් සැලසුම් කරන්න.
- විනෝදාංශ හා වෘත්තීය අරමුණු පෝෂණය කිරීම
- සුළු පියවර ක්‍රමය
ඔබේ විනෝදාංශයට හෝ වෘත්තියට අදාළව ඔබට දැන් කළ හැකි කුඩාම දේ කුමක්දැයි හඳුනා ගන්න. උදාහරණයක් ලෙස අලුත් දෙයක් ගැන විනාඩි 5ක වීඩියෝවක් බැලීම හෝ එක් පිටුවක සටහනක් කියවීම.
- දැනුම් සොයා ගැනීම
දවස පුරා ටිකෙන් ටික තත්පර 60 බැගින් වත් ඔබේ විෂය ක්ෂේත්‍රයට අදාළ කෙටි පණිවිඩයක් හෝ සටහනක් කියවීමට පුරුදු වන්න.
- අනාගත සැලසුම
ඔබ යම් කාලයකට පසු නැවත රැකියාවට හෝ විනෝදාංශයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව සරල සැලසුමක් කඩදාසියක සටහන් කරන්න. මෙය ඔබට අනාගත බලාපොරොත්තුවක් ලබා දෙනු ඇත.
ඔබේ අනන්‍යතාවය නැවත ගොඩනැගීම යනු එක් රැයකින් සිදුවන දෙයක් නොවේ. ඔබ අලුත් මව්/පිය භූමිකාව සමඟින්, වඩාත් ගැඹුරු වූ හා පොහොසත් වූ ඔබ බවට පරිවර්තනය වෙමින් සිටින බව සිහි තබාගන්න.
සටහන

දිශාන්ති වෙදගේ
මනෝ උපදේශන ඩිප්ලෝමාධාරීණී
මානසික සෞඛ්‍ය සරසවිය


Leave feedback about this