Parent Pulse Blog සුව දිවිය පෝෂණීය සුව දිවිය මස් වර්ග විෂ වීමට ඇති ප්‍රවණතාවය වැඩි ඇයි කියා ඔබ දන්නවාද?
පෝෂණීය සුව දිවිය සුව දිවිය

මස් වර්ග විෂ වීමට ඇති ප්‍රවණතාවය වැඩි ඇයි කියා ඔබ දන්නවාද?

ආහාර විෂ වීම් අපට නිරන්තර අසන්නට ලැබෙන සුලබ තත්වයක්. අන්නාසි වැනි පලතුරු, ඉස්සෝ, දැල්ලෝ වැනි මාංස ආහාර වර් ඇතැමුන්ට විෂ වන අවස්ථා ඕනෑ තරම් අප දැක තිබෙනවා. මේ අතරින් මස් වර්ගවලට ඇතැම් පුද්ගලයන් තුළ ඇති විය හැකි අසාත්මික තත්ත්වයන් ද අසා ඇති නමුත් බොහෝ විට එයට හේතු වී ඇත්තේ නරක් වුන මස් වර්ග ආහාරයට ගැනීම විය හැකියි. නඑක් වූ මස් ආහාරයට ගැනීම ආහාර විෂ වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. ඊට හේතුව ඔබ දන්නවාද..?

මස් වර්ග පහසුවෙන්ම නරක් විය හැකි අතරම ඒවා පෝෂණ ඝනත්වයෙන් ඉහලයි. ඒ නිසාම ක්ෂුද්‍ර ජීවින් ආකර්ෂණය වෙනවා. මස්, මාළු, කිරි, බිත්තර ආහාර ඉක්මනින් නරක් වෙන්නේ ඒ නිසයි. ඒ වගේම මේවායේ ආම්ලිකතාවය අඩු නිසාත් ක්ෂුද්‍ර ජීවින්ට හිතකරයි. අපි රාත්‍රි සාදවලදී ආහාර ගැනීමට බොහෝ වේලාවක් ගත වන නිසාම ආහාරයට ගන්නා අවස්ථාව වන විට එම ආහාර අනුභවයට සුදුසු තත්වය නොදැනීම පහව ගොස් තිබිය හැකියි.

මස් වර්ග නරක් වන විට එහි Salmonella Campylobacter වැනි බැක්ටීරියා වර්ග වර්ධනය වීමේ වේගය වැඩි වෙනවා. ඒ නිසා බොහෝ අවස්ථාවලදී අපට නරක් වුණු කුකුළු මස් වැනි දේ ආහාරයට ගැනීම නිසා සිදු වෙන ආහාර විෂ වීම් ගැන වාර්තා වෙනවා. විශේෂයෙන් උත්සව අවස්ථාවන් වගේම දිවා ආහාර සපයන ආයතනයන්හි මේ තත්වයන් නිරන්තරව අපට අසන්නට ලැබෙනවා.

බැක්ටීරියාවන්හි අන්තර්ගත විෂ ද්‍රව්‍ය වගේම විවිධාකාර වෛරස, රසායනික ද්‍රව්‍ය සහ පැරසයිටාවන් මගින් ආහර දූෂණය වෙනවා. ආහාර විතරක් නොවෙයි, පානීය ජලයත් විවිධ බැක්ටීරියා සමග වෛරස නිසා දූෂණය වීමට පුළුවනි. ඒ වගේ ආහාර හෝ පානීය ජලය පරිභෝජනයට සුදුසු නැහැ. නමුත් අප නොදැන මේවා ආහාරයට ගැනීම නිසා විෂ වීම් සිදු වීමේ වැඩි අවදානමක් ඇති වෙනවා.
ක්ෂුද්‍ර ජීවින් ආහාර සමග ශරීරගතව මුලින්ම හානි කරන්නේ මහ අන්ත්‍රවලට. මේ නිසා ආහාර ගැනීමෙන් පැය බාගයක සිට පැය තුනක් අතර කාලයේදී උදරයේ දැඩි අපහසුතාවයක් දැනෙනවා.

පරිභෝජනයට සුදුසු නැති ආාහරයක් ආමාශයට ඇතුලු වීමත් සමග බාහිරව විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා.

  • උදරයේ වේදනාවක් ඇති වීම – බොහෝ විට මේ වේදනාව උදරයේ මැද සහ උඩ කොටස්වල දැනෙන අතර එය තදබල වේදනාවක් විය හැකියි.
  • වමනය සහ ඔක්කාරය
  • මල බුරුල් වී පිට වීම – සමහර විට මල සමග රුධිරය සහ සෙම මිශ්‍ර වී තිබිය හැකි අතරම දියරආකාරයෙන් කීප වාරයක් මලපහ පිටවිය හැකියි
  • හිසරදය
  • ක්ලාන්තය
  • උදරයේ පිපුම
  • උණ

සමහර විට ඔබ ආහර අනුභව කල වේලාවේ පටන් පැය කීපයක් ගත වෙන විට මේ රෝග ලක්ෂණ ඇති විය හැකි අතරම ඔබට ශරීරගත වුන බැක්ටීරියාවේ හෝ වෛරසයේ තත්වය අනුව රෝග ලක්ෂණ වෙනස් වීමට ද ඉඩ ඇත.

ආහර නිසා ඇති වන විෂ වීම් සමහර විට ඒ ඒ පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිකරණය අනුව වෙනස් විය හැකි නිසා ඇතැමුන්ට නිවසේදී ලබා ගන්නා සරල ප්‍රතිකාර මගින් සුව විය හැකියි. නමුත් ඒ අතර 10% ක් පමණ දෙනෙකුට මේ තත්වයේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමට සිදු විය හැකියි. එකම ආහාරය විෂ වුනත් ඇතැමුන් රෝග ලක්ෂණ කීපයක් පමණක් පෙන්වන අතර තවත් අයට මරණය පවා සිද්ධ විය හැකියි. ආහාර විෂ වීම නිසා ඇති වෙන සංකුලතාවයන් දරුණු ලෙසින් පවතිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

ඒ වගේම කුඩා දරුවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට ආහාර අසාත්මික තත්ත්වයක් ඇති වුවත් ප්‍රතිකාර ප්‍රමාද කිරීම නුසුදුසු ය. එසේම කුඩා දරුවෙකු නම් මලානික ස්වභාවයකින් සිටිනවා නම් ප්‍රතිකාර වෙත යොමු කිරීම ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුමය.
ඒ වගේම සමහර අවස්ථාවලදී රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින අයෙක්ට ආහාර විෂ වීමක් ඇති වුනොත් අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුය.

  • ආහාර විෂ වීමක් සිදු වුන විට ඇති වෙන විජලන තත්වය වලක්වා ගැනීමට හොඳින් දියර වර්ග (ජීවනී මෙන්ම කැඳ, සුප්, පළතුරු යුෂ, තැඹිලි වතුර) පානය කරන්න
  • ඒ වගේම ආහාර විෂ වීමක් පෙන්නුම් කරන විට කිරි සහ කිරි ආශ්‍රිත ආාහර ලබා ගැනීමෙන් වලකින්න

ආහාර විෂ වීමක් වලක්වා ගැනීමට නම් ඔබ සැලකිළිමත් වීම ඉතාම වැදගත්.

  • මස් වර්ග ශීතකරණයේ ගබඩා කිරීමේදී හොඳින් වැසිය හැකි භාජනයක (භාජනයේ පතුල හෝ පලුදු වී ඇත්නම් ඒවායේ යුෂ අනිකුත් ආාහර වලටත් ගලා යෑ හැකි අතරම එය නුසුදුසුය) අසුරා ගබඩා කරන්න.
  • මස් වර්ග පිසීමට පෙර ගලා යන ජලයේ හොඳින් සෝදා ගන්න
  • මස් වර්ග පිසීමේදී සෙල්සියස් අංශක 74 ක් වැනි උෂ්ණත්වයේ පිස ගන්න
  • ආහාර පිසින්නට පෙරාතුව ඔබේ දෑත් හොඳිින් සෝදා ගන්න. ඔබ සන්වර්ග කපා ගැනීමට උපයෝගී කර ගන්නා ලෑල්ල (ඕනෑම ආාහරයක් කැපීමට පෙරාතුව) පිරිසිදු කරගන්න. එසේම කැපූ පසුවද එය හොඳින් පිරිසිදු කර තබන්න
  • පිසින ලද මස් හෝ වෙනත් ආහාරවල ඉතිරි කොටස් ශීතකරණයේ ගබඩා කරනවා නම් පැය දෙකකට පෙරාතුව නැවත ගබඩා කළ යුතු අතරම ශීතකරණයේ ගබඩා කර තිබූ ආහාරයක් අනුභවයට ගැනීමේදී හොඳින් රත් කර ගන්න

එසේනම් ආහාර විෂ වීමක් නිසා ඇති වෙන අපහසුතාවයන් වගේම සංකූලතාවයන් ඉතා දරුනු වීමට ඉඩ තිබෙනවා. නමුත් ඉතාම සරල හුරු පුරුදු මගින් ඔබට පවුලේ සාමාජිකයන්ගේ ආහාර පිළිබඳව සුරක්ෂිතතාවය ගොඩ නගා ගැනීම එතරම් අපහසුවක් නොවෙයි.


දැනුවත් කිරීම

ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිළධාරී රවින්ද උඩගමගේ
දිස්ත්‍රික් රෝහල,
ගම්පහ

Exit mobile version