මීයා කියන නම කියද්දිත් සමහර අයට ඉතාමත් පිළිකුල්… හිසරදයක්… මී කරදරයෙන් මිදෙන්න කරන්න පුළුවන් හැමදේම කරනවා, එ්ත් මී කරදරෙන් නම් මිදෙන්න වෙන්නේ නෑ. සමහර වෙලාවට කොහෙන්ද මේ මීයෝ එන්නේ කියලා හිතාගන්න බැරි තරම්. එක මීයෙක් නැති කරනකොට තව මීයෙක් කරදර කරනවා. ඒ නිසාම මේ කියන්න හදන්නෙ මියා ගැන ඔබ නොදන්න කතාවක්.

ඉතින් මේ ලෝකේ ඉන්න සත්තු අතරින් මීයා කියන්නේ ඉතාමත් පුදුම හිතෙන හැකියාවන් වලින් සමන්විත සතෙක්. සමහර විට ඔබ දන්නේ නැතුව ඇති මීයා කියන මේ සතාට වතුරේ හොදට පීනන්නන පුළුවන් කියන එක. නිකන් නෙමේ එක දිගට දවස් තුනක් නොකඩවා පීහිනිමේ හැකියාව මීයට තියෙනවා. ඒ විතරක්නෙමේ වතුර යට විනාඩි තුනක කාලයක් හුස්ම අල්ලන් ඉන්නත් පුළුවන් කියලා පර්යේෂන වලින් ඔප්පු වෙලා තියෙනවා. මීයා කියන්නේ ඉතාමත් දුර සංචාරය කරන සතෙක්, ඒ වගේම මේ පිහිනීමේ සහ කිමිදීමේ හැකියාව නිසා ලෝකය පූරාම සංචාරය කරන්න මීයට පුළුවන් කියලා තමයි මේ පිළිබඳව පර්යේෂනය කරපු පර්යේෂකයින් කියන්නේ. මීයගේ මේ කිමිදීමේ හැකියාව සහ පිහිනීමේ හැකියාව නිසා මීයාට පුළුවන් ඔබෙ අපවාහන පද්ධතියේ තියෙන බට ඇතුලෙන් ඔබේ ගෙදර ඇතුලට හොරෙන්ම රිංගන්න. ඒ කියන්නේ මීයට පුළුවන් ඔබේ නිවසේ නාන කාමරයේ අපවහන නල තුලින් වගේම වැසිකිලිය තුලිනුත් ඔබේ නිවසට ඇතුලු වෙන්න.

මීයගේ අස්ථි පද්ධියේ සැකැස්මත් ඉතාමත් පුදුම සහගත සැකැස්මක්. මීයාගේ ස්භාවයෙන්ම ලැබෙන ඇට සැකස්ම ඇකිලෙන සුළුයි. ඒ නිසා මීයාගේ ප්‍රමාණයට වඩා ඉතාමත් කුඩා ප්‍රමාණයක් වෙනකම් අස්ථි පද්ධතිය හකුලාගන්න මීයට හැකියාව තිබෙනවා. ඒ නිසා ඉතාමත් කුඩා සිදුරුවලින් වුවත් මීයට ඉතාමත් පහසුවෙන් එහා මෙහා යෑමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ නිසාම ඔබ වඩාත් ප්‍රවේසම් සහගත විය යුතුයි. මොකද මීයා කියන පුංචි සතා ඔබ හිතනවට වඩා බුද්ධිමත් වගේම අපූරු හැකියාවන්ගෙන් යුක්ත නිසා ඔබ නොහිතන ක්‍රමවලින් ඔබේ නිවසට ඇතුලු වෙලා ඔබට හානි සිදුකරන්න පුළුවන්.

සටහන
සුනෙත් වෙඩිවර්ධන
Leave feedback about this