මිනිස්සු විවිධ හේතු නිසා බල්ලන් ඇතිකරන්න හුරුවෙලා තියෙනවා. හුරතලේට, ආරක්ෂාවට, උදව්වට, ඉව ප්‍රයෝජනයට මේ වගේ විවිධ හේතු නිසා බල්ලන් වැදගත් වෙනනවා. ඒ වගේම සුනඛ වර්ග අතර ඉහත එක් එක් හේතුවට ගැලපෙනම සුනඛ විශෙෂත් ලෝකයේ හදුනාගන්න තියෙනවා. ඒ නිසාම අපි සුනඛයෙක් ඇතිකිරීමේදි ඇති කීරීමට ගන්නා හේතුව අනුව ඇතිකරන ගන්නා සුනඛ වර්ගය ගැන සිතා බැලිය යුතුයි.
මොකද හුරතලේට ඇතිකරන සුතරතල් බල්ලන් ආරක්ෂාවට ගැලපෙන්නේ නැති නිසා. ඒ වගේම ඔබේ බලාපොරොත්තුව ආරක්ෂාවයි හුරතලයයි දෙකම නම් එයටත් විශේෂ වු සුනඛ විශේෂ ඉන්නවා. ඒ වගේම ඔබේ සහයට නම් එයටත් විශෙෂ සුනඛයින් හදුනාගෙන ඉන්නවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ අවශයතාවය අනුව සුනඛයෙක් තෝරාගත යුතු වනවා. අපි අද මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හුරතලේට පමනක් ඇති කරන්න පුළුවන් පග් කියන සුනඛ වර්ගය පිළිබඳව.
පග් (Pug) කියන කෙටි නාමෙයන් හදුන්වනනේ රැලි වැටුනු පුංචි හොම්බක් තියෙන පලල් මුහුණකින් යුත් හොම්බ මුහුණට තැලී ගොස් ඇති ලෙසින් දිස්වෙන පුංචි ඇඟක් තියෙන දැක්කම හුරතල් පාට ඇත්තටම හුරතල් සුනඛයෙක්.
ඒ වගේම මෙයාලා හරි ආඩම්බර පාටයි… ඒ ආඩම්බරකම සමහරක් විට රාජකීයන් එක්ක හැදී වැඩුන බලු වර්ගයක් නිසා වෙන්නත් පුළුවන් . මොකද පග් කියන මේ හුරබුහුටි හුරතල් සුනඛ වර්ගයේ මුතුන් මිත්තො ඒ කියන්නේ දහසය වෙනි සියවසට කලින් සහ දහසය වන සියවසේදි චීනයේ රාජකීය පවුල් වල තමයි පග්ලව ඇති කරලා තියෙන්නෙ. චීනයේ මින්ග් රාජවංශය කාලයේ තමයි පග්ලා ව වැඩි වශයෙන් ඇති කලා කියලා සඳහන් වෙන්නේ. ඉතින් රජ පවුලේ අය විශේෂ අවස්ථාවන් වලදි විශේෂ අයට මේ පග් බල්ලන්ව තෑගි දුන්නා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ කාලේ විදිහට පග් බල්ලෙක් තෑගි ලැබෙන එක ඉතාමත් විශේෂ දෙයක් විදිහට චීන සමාජයේ අය සළකලා තියෙනවා.
මෙයාට පග් කියන නමට අමතරව තවත් නම් කිහිපයක්ම තියෙනවා. චීන පග්, ලන්දේසි බුල්ඩෝග්, මිනි මස්ටිෆ්, මොප්ස් කියලත් කියනවා. එහෙම එක එක නම් වලින් හදුන්වන මෙයා ටිබෙටියන් මස්ටිෆ් කියන බලු විශේෂයෙන් පැවත එනවා කියලත් කියනවා. ඒ වගේම මේ වගේ හොම්බ තැලුනු පුංචි සුනඛ වර්ග තුනක් චීනයේ මුහුන් කරලා තියෙනවා. ඒ වංශ තුනේ එකතුවක් කියලත් සමහරු කියනවා. ඒ වංශ තුන විදිහටත් විවිධ වු සුනඛ වර්ග සඳහන් කරනවා. ඒ අතර ටිබෙටියන් මස්ටිෆ් , එල් ඕ. සී සහ පෙකින්ගීස් කියන වර්ගය අනෙක් අතින් සිංහ බල්ලන් එහෙමත් නැත්නම් චොව් චොව් කියන සුනඛ වර්ගය සහ පෙකින්ගීස් වර්ගයත් එල් ඕ සී කියන සුනඛ වර්ගයත් සමග මුහුන් කරල පග්ලා බිහිවුනා කියලත් කියනවා.
චීනේ රජ පවුල් වල ඉදන් මෙයා කෙමි කෙමින් ටිබෙට් බෞද්ධ පුජකවරුන් එහෙමත් නැත්නම් ටිබෙට් සංඝයා වහන්සේ අතර හැදී වැඩුන කියලත් කියනවා. ඊට පස්සේ දහසය දහා හත ශතවර්ශවල තැඹිලි පාට නෙදර්ලන්ත පාලන සමයේ ඉදන් ස්පාඥය සහ ප්‍රංශයෙත් පග්ලා ඇති කලා කියලා සඳහන්වෙනවා. එංගලන්ත වික්ටෝරියා රැජින පග් සුනඛයින් කිහිපදෙනෙක්ම ඇති කලා කියලා සඳහන් වෙනවා. රැජින එසේ සුනඛයින්ට ප්‍රිය වීම නිසා කෙනල් ක්ලබ් නම් සුනඛයින් මුහුන් කිරීමේ සහ සන්දර්ශන පැවැත්වීමේ සංවිධානයත් බිහිවෙන්න මුල් වෙලා තියෙනවා. වික්ටෝරියා රැජිනගෙන් පසු පග් සුනඛයින් පස්වන ජොර්ජ් රජුත් ප්‍රේමය නිසා රජකම අත්හල අටවෙනි එඩ්වර්ඩ් රජු දක්වා එංගලන්ත රාජකීයන් සමග හැදී වැඩී තියෙනවා. කොහොම හරි ඔහොම ඔහොම ගිහින් පග් ඇමරිකාවට යන්නේ දහ නව වන ශතවර්ශයේදීය.
ඇමරිකානු බලුකූඩු සංගමය එහෙමත් නැත්නම් ඇමරිකානු කෙනෙල් ක්ලබ් එකෙන් පග්ලව හදුන ගන්නේ එක්දහස් අටසීය අසූ පහේදි, එක්දහස් නවසීය තිස් එකේ දි ද පග් ඩෝග් ක්ල්බ් නමින් පග්ලා සඳහාම සංගමයක් පිහිටවනවා ඇමරිකාවේ. ඊට පස්සේ ගොඩක් අය පග්ලව හදුනගත්තේ ඇමරිකානු බලු විශේෂයක් විදිහට. 1981 වර්ශයේදි වෙස්ට් මිනිස්ටර් කෙනල් සංගමය මගින් පවත්වපු සුනඛ සන්දර්ශනයෙන් පග් කෙනෙක් ජයග්‍රහනය කරලා තියෙනවා. ඊට අමතරව ලෝක ශූරතා සුනඛ සංදර්ශනයට පග්ලා ඉදිරිපත් වෙන්නේ 1877 ඉදන් වුනත් බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර 2004 වර්ශයේදි පැවතිච්ච ලෝක සුනඛ සංදර්ශනයෙදි විතරයි ලොව හොඳම සුනඛයා හැටියට පග් සුනඛයෙක් තේරිලා තියෙන්නේ.
ඉතිහාසය එහෙම වෙද්දි පග් බල්ලන් පෙර කියූ පරිදිම සෙල්ලක්කාර හුරතල් බලු විශේෂයක් කියන තැන ඉදන් ආයෙමත් වර්තමානයට ආවහම පග් බල්ලෙක් හොද සෞඛ්‍ය තත්වයෙන් ඇති කලොත් අවුරුදු 12 ත් පහලොවත් අතර කාලයක් ජීවත් වෙන සුනඛ වර්ගයක් කියලා සඳහන් කල යුතු වනවා.
පොඩි කාලේ ඉඳන්ම සෙල්ලම් කරන්න ආස පවුලේ අය එක්ක හුරතල් වෙන්න ප්‍රිය කරන සුනඛ විශේෂයක් නිසා මුලින්ම බල්ලෙක් ඇතිකරන්න හිතන් ඉන්න කෙනෙක්ට නිර්දේශ කරන්න පුළුවන් බල්ලෙක් තමයි පග් කියන්නේ.
යුරෝපීය රටවලනම් දරුවෙක් ඉපදෙනකොට පග් බල්ලෙක්වත් අරන් හදාගෙන පුංචි දරුවත් එක්කම පග්ව ලොකු මහත් කරනවලු. කොහොම වුනත් සෙල්ලක්කාර නිසා පුංචි කාලේ ඉඳන්ම අනිත් බල්ලන්ට වඩා හපන්න , ගොරවන්න, පනින්න හොදටම දඟ කරන්න බලනවා මේ පග්ලා. ඒ නිසා මෙයාලව හොදට පුහුණු කරන්න ඕනේ. පග් පැටව් තමන් ආදරේ කරන කෙනා ලඟට වෙලා නිදාගන්න ඉතාමත් ප්‍රිය කරනවා. ඒ වගේම ඒ කාලේ මෙයාලගේ සෙල්ලම් දිහා බලන් හිටියොත් අනුන්ගේ බල්ලෙක් වුනත් අරන් ගිහින් ගෙදර තියන් හදන්න හිතෙන තරම් පග් පැටවු හරි හුරතල් වගේම දඟයි.
ටිකක් විතර ආරක්ෂාවට හොද වුනත් මෙයා හුරතල් බල්ලෙක් විදිහට තමයි ඉතාමත්ම හොඳ. නිවසට එන අමුත්තෙක්ට දකින මුල්වතාවේදි ටිකක් බිරුවත් ඕනම අමුත්තෙක් එක්ක ඉක්මනින්ම මිත්‍ර වෙන්න පග්ලට පුළුවන් . ඒ නිසා පග්ලව ආරක්ෂාවට නම් කිසිසේත් නොගැලපෙන සුනඛ විශේෂයක්. පග්ලා කුඩා දරුවන්ට ඉතාමත් ප්‍රිය කරනවා. ඒ නිසාම තමයි යුරෝපා රටවල කුඩා දරුවන් සිටින නිවෙස් වල සුරතලා හැටියට පග් සුනඛයා තෝරා ගැනීම ඉතාමත් ඉහල ගොස් තිබෙන්නේ.
පග්ලට දෙයක් එකපාර තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා මෙයාලව පුහුනු කරද්දි ටිකක් ඉවසීමෙන් පුහුනු කරන්න වෙනවා. ගැහැනු සහ පිරිමි සතුන් දෙගොල්ලොම කිලෝ දහයකට අඩු බරක් මිසක් බර වැඩි වෙන්නේ නෑ. ඒ නිසා මෙයාලව පුංචි දරුවෙක්ට පවා අත් දෙකෙන් වඩා ගන්න පුළුවන්.
පිරිමි සතෙක් අගල් 12 ත් 14 ත් ප්‍රමාණයකට උස යනවා. ගැහැනු සතෙක් අගල් 10 ත් 12 ත් අතර උසක් ගන්නවා. ක්‍රීම් පාටට හුරු ලා දුඹුරු පාටින් වැඩි වශයෙන් පග්ලා හිටියත් තනි කළු පග්ලත් ඉන්නවා. හැබැයි ඉතිං කොයි පග්ගෙත් හොම්බ නම් කොහොමත් කළුයි. ඒ වගේම ක්‍රීම් පාට පග්ලගේ කන් දෙකේ අගිස්සත් කළුයි. කළු පාට පග්ගේ ඉතින් කොහොමත් හැමදේම කළුයි නේ.
ඒ තරම් ලෝම නැතිවුනත් මෙයා සීත දේශගුනයට තමයි වැඩියෙන්ම ඔරොත්තු දෙන්නේ. ඒ වුනාට මෙයාට වැඩියෙන්ම හැදෙන ලෙඩේ තමයි හෙම්බිරිස්සාව. ඊට අමතරව විවිධ සමේ ආසාත්මික තා (ඇලජී) ඇතිවෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම පග් සුනඛයින්ටම විශේෂ මොලයේ රෝගයකුත් මෙයාලට වැළදෙනවා. ඒනිසා ඒ ඒ තත්වයන් පිලීබඳව හොදින් සැලකිලිමත් වෙන්න ඕනේ පග් සුනඛයෙක් හුරතලේට හදනවා නම්.
පග් සුනඛයාගේ ගැහැනු සතුන්ට ස්භාවිකව පැටවුන් බිහිකිරීමට අපහසු අවස්ථා තමයි වැඩියෙන් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒ හේතුවෙන් වැඩියෙන්ම පග් පැටවුන්ව සිසේරියන් සැත්කම් මගින් තමයි බිහිකරලා තියෙන්නේ. ඔබ පග් ගැහැනු සතෙකු ඇතිකරන්න හිතනවා නම් ඒ ගැනත් සිතිය යුතු වෙනවා. හොඳ සෞඛ්‍ය තත්වයෙන් පග් සිටිය යුතු නම් ආහාර ගැන සැලකිලිමත් වෙන්නත් වෙනවා. ඒ වගේම පග් සුනඛයෙක් ඕනවට වඩා මහතින් වැඩිවුනොත් සෞඛ්‍ය ගැටළු ඇති වීමේ ප්‍රවනතාවය වැඩි බව කිව යුතුමයි. හොඳ සෞඛ්‍ය තත්වයෙන් පග් සුනඛයෙක් ඇති කරන්නේ නම් ඒ පග් සුනඛයා වසර 12 – 15 අතර කාලයක් ජීවත් වේවි.
සටහන,
සුනෙත් වෙඩිවර්ධන
Leave feedback about this