මව්වරුන්ගේ සෙනෙහස බොහොම අපුර්වයක්. ලෝකයේ පැවැත්ම රැඳී තිබෙන්නේ අම්මාගේ ආදරය නිසා බව කියන්න අමුතුවෙන් ටීකාවන් අවශ්‍ය නැහැ. එදා මෙදා තුර තිබෙන මෙම සහ සම්බන්ධතාවය අදටත් ඒ විදිහටයි.
මේ අතර තවත් අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙන්නේ සුපිරි දරුවන් බිහි කිරීමට අම්මලා අතර පවතින තරගය නිසා ඇති වන පීඩනය හේතුවෙන් අද වන විට බොහොමයක් අම්මාවරුන් මානසිකව හෙම්බත්ව සිටින බවයි. මිචිගන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් මේ පිළිබඳව හඳුනා ගෙන තිබෙනවා. මේ වෙනුවෙන් අම්මාවරුන් 113 දෙනෙක් තෝරා ගත්තා. ඔවුන් වෙත ප්‍රශ්නාවලියක් වගේම සම්මුඛ සාකච්ඡාවන්ද පැවැත්වුනා.
දැන් කාලයේ හැම අම්මා කෙනෙක්ම හිතන්නේ තමා විශේෂ බවයි. අනෙක් අයගේ දරුවන් ගොඩ නැගීමට වඩා මගේ දරුවන් ගොඩ නැගීම විශිෂ්ටයි යන සිතුවිල්ලෙන් පසුවෙනවා. මේ මමත්වය නොදැනම මානසික වෙහෙසක් බවට පත් වෙන තැනක් ඇති වෙනවා.
මේ හැම අම්මා කෙනෙක්ම බලාපොරොත්තු වෙලා තිබුනේ තමන්ගේ දරුවා විශිෂ්ටයෙක් කිරීමටයි. ඒ බලාපොරොත්තුව ඔස්සේම විහිදුන අම්මාගේ චර්යාවන් සමගම හිතේ ලොකු බලාපොරොත්තුවක් ගොඩ නැගුනා. ඒ වගේම අම්මා විශාල කැප කිරීමක් කළා. ඒක සාමාන්‍ය තත්වයෙන් ඔබ්බට යෑම අද මේ පීඩනයට හේතු වෙන බව අධ්‍යයනයේ ප්‍රධානී වෛද්‍ය තොම්ප්සන් පෙන්වා දෙනවා.
මේ සංසිද්ධියත් අතීතය පාදක කර ගෙන බැලුවොත් එදා දවසේ අම්මලා බොහොම අපුරුවට දරුවන් ලොකු මහත් කරල ඔවුන් ලෝකයට බරක් නැති විදිහට හදා වඩා ගත්තා. ඒ වගේම අම්මාගේ ඔලුවටත් පීඩනයක් දැනුනේ නැහැ.ලොවට බරක් නැති …. යන සංකල්පය නිසාම දරුවන් ස්වාධිනව ජිවත් වෙනවා පමණක් නොව ගුණ යහපත්කමින්ද යුක්ත අය බවට පත් වුනා. දරුවන් සහ මව්පියන් අතර සහජිවනයත් ඉබේටම ගොඩ නැගුනා.
අම්මලා විසින්ම දරුවන් තරගයට තබා ලොකු දේවල් ඔවුන් දිනා ගැනිමේ අපේක්ෂාවෙන් සිටින නිසාම අද වන විට අද මේ තත්වය වෙනස් වී තිබෙනවා. එයින් තමන් වෙත නම්බුවක්, වටිනාකමක් ගොඩ නගා ගැනීම ඔවුන්ගේ අදහසයි. මේ බලාපොරොත්තුව ඉටු නොවුන තැනදි ඇති වෙන අපේක්ෂා භංගත්වය අම්මාගේ මානසිකත්වයට කෙලින්ම බලපානවා. දරුවා කුස පිලිසිඳ ගත් තැන පටන්ම සිහින දකින්නේ මේ ගැනයි. ජනප්‍රිය පාසල, ශිෂ්‍යත්වය,සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය, රැකියාව විවාහය යන ආකාරයට පෙළ ගැහෙන බලාපොරොත්තු අතර බිඳවැටීම සිද්ධ වෙන තැන මෙතැන කියලා අපිට අනුමාන කරන්න බැහැ. දරුවා දිගින් දිගටම ඉදිරියටම ඇදී යන්න වගේම අතරමග බිඳ වැටෙන අවස්ථා ද උදා විය හැකියි. එතැනදී දරුවාට වඩා ඉක්මනින් අම්මා මානසිකව ඇද වැටෙන තත්වයක් අද වන විට උද්ගතව තිබෙනවා.
අතීතයේ අම්මාට වඩා නූතන අම්මලා දැන උගත් කමෙන් ඉහළයි. දරුවන් විෂයෙහි බලන විට මේ තත්වය බෙහෙවින්ම වටිනවා. ඒ වගේ තවත් පැත්තකුත් තියෙනවා. දැන උගත්කම සමග බද්ධ වුන සමාජ ආශ්‍රයේ පුලුල් වීමත් නිසා අසල්වැසියන්ට අමතරව රාජකාරී ස්ථානය, නෑදෑයන්, මිතුරු මිතුරියන් මුල් කර ගත් නූතන අම්මාගේ වටපිටාව බොහොම පුලුල් වෙනවා. තමන් ඒ අය සමග සාපේක්ෂ කරමින් බලන අතරම දරුවාගෙන්ද ඉස්මතු විමක් ඇය නොදැනම අපේක්ෂා කරනවා. මේ බලාපොරොත්තුව ඉටු කර ගැනීම වෙනුවෙන් විශාල ආයාසයක් දරනවා. මේ හඹා යෑමත් ඇයට වෙහෙසක්. එදා වගේ අද අම්මාගේ භුමිකාව සරල නැහැ. සියල්ල තුළ ඇය රැඳී සිටිය යුතු අතර තරඟය නිසා හිතේ තිබෙන පිඩනය ඇය නොදැනම මානසික ලෙසින් හෙම්බත් කර වීමට මුල පුරනවා.
දරුවන්ටද අම්මාගේ මෙහෙයවීම කරදරයක් බවට පත් වෙනවා. ඇගේ සැලසුමෙන් දරුවාට ඉවත් වෙන්න බැහැ. මේවා නිසා එක්තරා වයසකදී දෙපාර්ශවය අතර බහින් බස් වීම් ගොඩ නැගෙන අතර දරුවන්ට කොච්චර කළත් ගුණයක් නැතැයි යන ආත්මානුකම්පාවෙන් අම්මා පිඩා විඳිනවා. පීඩාකාරි සිතුවිල්ල නිසාම ඇති වෙන වෙහෙසකර තත්වයෙන් කාලයත් සමගම අම්මා මානසික අවපිඩනයට පත් වෙනවා.
මේ නිසා ඇතැම් අවස්ථාවල ඉතා සියුම් ලෙස අම්මාගෙන් පලිගැනිමට පවා දරුවන්ගේ මානසිකත්ව ඔවුන් නොදැනම ගොඩ නැගෙන බවත් විශේෂඥයන් පෙන්වා දෙනවා. දරුවන්ගේ සිතටද අම්මාග වෙහෙසකර ව්‍යායාමයේ ඇති අරමුන තමා වෙනුවෙන් නොව ඇය වෙනුවෙන් වටිනාකම් ගොඩ නගා ගැනීමට බැව් සිතීමටත් බැරි කමක් නැත.
මේ අධ්‍යයනය පෙන්වා දෙන අන්දමට අම්මා කියන චරිතය පිඩාවන් හිතේ දරා සිටිනවා විනා ඒවායින් නිදහස් විමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිත සැහැල්ලු කර ගැනිමක් ඔවුන් තුළ නැහැ. මේ දරා සිටින්නෙත් දරුවන්ගේ ඉලක්ක ජය ගත්තේ මමය යන අදහසින්… මෙ භුමිකාව මං ගෙන ගියේ තනිවම යැයි සිතන විට ලැබෙන අභිමානය නිසාම සියල්ල දරා ගෙන සිටිනවා.
තාත්තාට වුනත් වැඩ කටයුතු පවරා නොදී කියන්නේ මං නැත්නම් ඉතින් විනාසයි….. කොතැනින් නතර වෙයිද දන්නේ නැහැ ලෙසයි. මේ ඇගේ සිතුවිල්ල වුනත් තාත්තාටත් මේ වෙනුවෙන් යම් ක්‍රියාවක් ඇතැත් සියල්ල තමා වෙත රඳවා ගෙන සිටින්නේ ජයග්‍රහනයන් සියල්ල තුළ ඉස්මතු වෙන අදහසින්ය. වෛද්‍ය වරුන්ගේ අදහස අනුව මවක ලෙසින් මේ හෙම්බත් විමේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ අවපිඩන තත්වයට ගොදුරුවිම බවත් මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.
තොරතුරු මූලාශ්‍ර
www.dailymail.co.uk
Follow us: @MailOnline on Twitter | DailyMail on Facebook
Leave feedback about this