නව මාසයක් කුසේ දරාගෙන දරුවෙකුට උපත දුන් පමනින්ම දෙමව්පියන්ට සෑහීමට පත් වෙන්න බැහැ. ඊට හේතුව මේ දරුවාගේ ඇති ශාරිරික දුබලතාවයන් හඳුනා ගැනීමට සාමාන්‍ය කාලයක් ගත වෙනවා. කන ඇසීම, ඇවිදීම, පෙනිම, කතාකිරීම වැනි මේ හැකියාවන් දරුවාට තිබෙනවාද….? නැද්ද….? යන සැකයෙන් දෙමව්පියන් පසුවෙනවා.
දැන් දරුවෙකු උපත ලැබූ පසුව ශ්‍රවණ තත්වයන් ගැන සැක හැර දැනගැනීමේ හැකියාව තිබෙනවා. දරුවෙකුගේ ශ්‍රවණ තත්වයන් දුර්වල වීමට හේතු කීපයක් බලපානවා. මේ පරිසරය දරුවා මව්කුස සිටින කාලයේ පටන්ම ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ අවදානම් සාධක විදිහට.
■ මවගේ ගර්භාෂයේ සිටියදී මවට ඇති වෙන රෝග සංකුලතාවයන්
■ මවට ඇති වෙන වෛරස තත්වයන්
■ මවට ලබා දෙන එන්නත්
■ මවගේ වැටීම් වැනි තත්වයන්
■ අඩු බර දරු උපත්
■ නොමේරූ දරුවෙකු වීම සහ ලබා දෙන ඖෂධ
■ පරම්පරාවෙන්
මෙපමණ කාලයක් දරුවන්ගේ අවදානමක් තිබුණ දරුවන්ගේ පමණක් ශ්‍රවණ තත්වය පරීක්ෂා කලත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දියත් කර තිබෙන Universal screening program සෑම දරුවෙකුගේ උපත සමග ශ්‍රවණ තත්වය පරීක්ෂා කර බැලීමේ ව්‍යාපෘතියක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කනට ඇතුළු කරන කුඩා යන්ත්‍රයක් (otoacoustic emission) (OAE) මගින් ඇතුලු කනේ සිට ශබ්දය නිකුත් වීම හඳුනා ගන්න පුලුවන්. ඒ මගින් ස්නායු තත්වය හොඳින් හඳුනා ගැනීමට පුලුවනි. හඳුනා මේ පරීක්ෂනයේදී සැකයක් නැත්නම් දරුවාගේ ශ්‍රවණ තත්වය නීරෝගී බව තහවුරු කරනවා.
යම් විදිහකින් මේ අවස්ථාවේදී යම් අඩුපාඩුවක් හඳුනා ගැනීමට සිදු වුනොත් තවත් පරීක්සණයක් වෙනුවෙන් යොමු කරනවා. ඒ පරීක්ෂණය හඳුන්වන්නේ ERA හෙවත් evoked response audiometry යනුවෙනුයි. එහිදී ලබා දෙන ශබ්දය මැද කනට ගිහින් ස්නායු පද්ධතිය ඔස්සේ මොළයට ගමන් කරනවා. සාමාන්‍ය ශ්‍රවණ තත්වයේදී මේ මාර්ගය පැහැදිලියි.
මේ පරීක්ෂන මගින් දරුවාගේ ශ්‍රවණ තත්වය ගැන දුර්වලතාවයක් ගැන වාර්තාවක් නැති වුනත් අඩු බර දරු උපත් ඇති දරුවන්, නොමේරූ ඒකකයේ සිටින දරුවන්, සෙංගමාලය වැනි රෝග තත්වයට ප්‍රතිකාර ලබා දුන් දරුවන් ගැන තව දුරටත් පසුවිපරම් කරමින් ඔවුන්ගේ ශ්‍රවණ තත්වය ගැන පරීක්ෂා කරනවා.
මේ තත්වයේදී කනට ලබා දෙන අඩු ශබ්ද සිට වැඩි ශබ්ද දක්වා පරාසයක දෙන ශබ්ද මගින් දරුවාගේ ශ්‍රවණ දුර්වලතාවයේ මටට්ම හඳුනා ගන්නවා. අවස්ථාවේදීත් අඩුපාඩුවක් හඳුනා ගන්න ලැබුනොත් විශේෂ ශල්‍ය කර්මයක් මගින් hearing aids එහෙම නැත්නම් ශ්‍රවණ උපකාර ලබා දීම නිර්දේශ කරනවා. මේ නිසා දරුවන්ගේ ශ්‍රවණාබාධ හඳුනා ගෙන ලබා දෙන ප්‍රතිකාර නිසා ඔවුන්ගේ ශ්‍රවණ තත්වය වගේම කතා කිරීමට ඇති අපහසුතාවයන්ටත් පිලියම් ලැබෙනවා. මේ විදිහට ශ්‍රවණ ආධාරක ලබා දෙන දරුවන් ගැනත් අපේ පසුවිපරම් සිදු වෙනවා.
ශ්‍රවණ ආධාරක මගිනුත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් හෝ ශ්‍රවණ තත්වය දුර්වල නම් කර්ණ සංඛ බද්ධ කිරීමේ ක්‍රියාවලියට දරුවා යොමු කරනවා.
දැනුවත් කළේ
වෛද්‍ය එස්.සෙල්වරත්නම් මහතා
උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ
ජාතික රෝහල
මහනුවර
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this