18 වන සියවසේ පටන් ඔටිසම් රෝග තත්වයේ දරුවන් ජීවත් වුනත් මේ රෝග තත්වය ගැන වාර්තා වුනේ 1943 වසරේදීය. වෛද්‍ය ලියෝ කැනර් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව මෙම රෝග තත්වය ගැන තොරතුරු සමාජගත වුණා. ඔහුගේ අධ්‍යයනයට දරුවන් 11 දෙනෙක් සම්බන්ධ කර ගත් අතර එයින් ලබා ගත් නිගමන සමාජගත වීම නිසා ඔටිසම් රෝග තත්වය පිලිබඳව ලෝකයාගේ අවධානය යොමු වූවා. මේ කාලයේදීම ජර්මන් වෛද්‍යවරයෙකු වූ හැන්ස් ඇස්පර්පර් විසින් දරුවන් 400 ක් සම්බන්ධ කර ගෙන සිදු කරන ලද අධ්‍යයනයෙන් පසුව ඔටිසම් ගැන විවෘත සංවාද ගොඩ නැගෙන්නට පටන් ගත්තා.
බැලු බැල්මට මේ දරුවන් සාමාන්‍ය දරුවන් අතරින් වෙන කරල හඳුනා ගැනීම යම්තාක් දුරකට අපහසු වුවත් මේ දරුවන්ගේ හැසිරීම බොහොම වෙනස්.
- සන්නිවේදන දුර්වලතා දැකිය හැකි අතරම සංවාද මගින් ඉදිරියට යා නොහැක
- ඕටිසම් දරුවාට වචනවලින් මිස වචන රහිතව සංඥාවෙන් ලබා දෙන පණිවිඩ තේරුම් ගැනීම අපහසුය. ඇසට ඇස සම්බන්ධ වෙමින් සම්බන්ධතා ගොඩ නගා ගැනීම අපහසුයි.
- සමවයස් කණ්ඩායම් සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට උනන්දුක් දක්වන්නේ නැත.
- තමන්ගේ මිතුරන් සමග බෙදා හදා ගැනීම් වෙනුවෙන් පසුබෑම්
- සමාජ සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම දුර්වලය.
- බාහිර ලෝකයේ සම්බන්ධතාවයන් සමග ඉදිරියට යෑම අපහසුයි.
- අන් හැඟීම් සහ සංඥාවන් තේරුම් ගැනීම අපහසුයි. ඒ හේතුවෙන් සමාජය ඉදිරියේ පසුගාමී බවත් පෙන්වයි
- ඔටිසම් දරුවන්ගෙන් සියට හතලිහක් පමණම කථනයට යොමුවීමක් නොමැති අතරම සමහර දරුවන් මාස 12 – 18 අතර කාලයේදී කතා බහේ යෙදුනත් පසුව එය අතහැරිය හැක
- පුනරුක්ති දෝෂ හෙවත් එකම දෙය නැවත නැවත කිරීම මිස වෙනස් වෙනත් කාර්යයකට යොමු වීම සිදු නොවේ
- ඔටිසම් වෙනුවෙන් හේතුකාරක ඇතැම් ජාන වර්ග තිබෙනවා. HOSAI‚ RELN ‚ GABA වැනි ජාන මේ වෙනුවෙන් හේතු වෙනවා. ඒ වගේම රසදිය, ඊයම්, පොලිවෛනයිල් වැනි රසායනිකයන්ට නිරාවරනය වෙන පරිසර සාධකත් ඔටිසම් රෝග තත්වයට බලපාන සාධක අතරට ඇතුලත්.
- වෛද්‍ය විද්‍යාඥයන් දැනට හඳුනාගෙන ඇති විදිහට ඔටිසම් රෝගී දරුවන්ගේ මොළයේ සෛල අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බිඳ වැටී තිබෙනවා. මේ දරුවන්ගේ පණිවිඩ සියල්ලම හුවමාරු කරන්නේ මොළයේ තිබෙන ස්නායු සෛල මගින් මොළයේ විවිධ කොටස් සම්බන්ධ කරගෙන සන්නිවේදන සම්බන්ධතාවයන් පවත්වා ගැනීමේ හැකියාවක් මේ දරුවන්ට නැහැ.
- මාස 6 – 14 ක් වැනි කාලයේදී ඔටිසම් රෝගී දරුවන්ගේ මොළයේ වර්ධනයට හේතු වෙන ජානවල තිබෙන විකෘතිතාවය නිසා මේ දරුවන්ගේ කැලෝසම් (Corpus callosum) සහ ඇම්ග්ඩලා (Amygdala) සහ අනුමස්ස්තිෂ්කය යන කොටස්වල වෙනස්කම් තිබෙනවා.
- තවත් පර්යේසණයක් මගින් හඳුනාගෙන තිබෙන විදිහට සෙරොටොනින් (Serotonin) සහග්ලුටොමැට් (Glutamate) යන රසායනිකයන්ගේ අසමතුලිතාවය නිසාත් ඔටිසම් රෝග පහළ වෙනවා.
- 1950 සහ 1960 වැනි කාලවලදී හඳුනාගත් තවත් අදහසකට අනුව ගැබිණි අවධියේදී මව විසින් තැලිමොයිඩ (Thalidomide) ඖෂධ පාවිච්චි කිරීම නිසා ඇති වෙන වැල්ප්‍රොයික් (valproic) අම්ලය මගින් කළලයට හානි සිද්ධ වෙනා.
ඔටිසම් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන මෙම ක්‍රමවේදය හැඳින්වෙන්නේ Treatment and Education of Autistic and Communication handicapped Children (TEACCH) ලෙසයි. මෙහිදි දරුවා සමග සිද්ධ වෙන ගනුදෙනුව ඉතා සීරුවට සිදුවිය යුතුය. දරුවාගේ මට්ටමට අනුව විසිතුරු කටයුතු වෙනුවෙන් දරුවා මෙහෙය විය හැකියි. නිතරම දරුවාට ප්‍රබෝධයක් ඇති වෙන අයුරින් ප්‍රතිකර්ම සිදු වීම අවශ්‍ය වන අතරම ශාරිරික චලන පිළිබඳ කළමනාකාරණයක් ද අවශ්‍යයි. ඔටිසම් රෝග දරුවන්ගේ ක්‍රියාකාරකම් එක සමාන නොවේ. දරුවාගෙන් දරුවාට මේ තත්ත්වය වෙනස් වන අතරම සමහර දරුවන් සංගීතයට වඩාත් ප්‍රිය කරයි. තවත් දරුවන් වෙනත් ක්‍රියාකාරකම් සදහා ප්‍රියතාවයක් දක්වයි. ඒ නිසා විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් යොමුව සිටින ගුරුවරු වගේම මනෝ උපදේශකයන් විසින් මුලින්ම මේ දරුවන්ගේ හැකියාවන් තේරුම් ගැනීම වඩාත් වැදගත් වනු ඇත.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා
Leave feedback about this