මුහුදු මට්ටමේ සිට මීටර් 60 – 100 අතර උසක වැඩෙන සැපදිල්ලා සදාහරිත ශාඛයකි. Achars sapot යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. මධ්‍යම ඇමරිකාවේ වැසි වනාන්තරයන්හි වැඩෙන සැපදිල්ලා ශාඛ පත්‍රයක් සෙන්ටි මීටර් 2 – 5 දක්වා අතර ප්‍රමාණයකින් යුක්තය. වසරකට දෙවරක් පල දරනු ලැබේ. ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික උද්‍යාන විද්‍යාඥයෙකු වූ තෝමස් පර්ටන් විසින් මේ පළතුරට සමාන වෙනත් පළතුරක් ලෝකයේ කොතැනකවත් නැතැයි සඳහන් කර තිබෙනවා. මෙම ශාඛයේ අතු කවාකාරව පිහිටා ඇති නිසා ගස වටා අඳුරු සිසිල් ගතියක් ඇත. 1902 වසරේදී සැපදිල්ලා ලංකාවට හඳුන්වා දුන් අතර මුල්ම ශාඛය කළුතර හා ගාල්ල දිස්ත්රිකක්යන්හි වගා කරන ලදී. අමු සැපදිල්ලාවල පිට පොත්ත ඝනමින් යුක්ත අතර ඉදුන විට මෘදුය. අමු ගෙඩිවල කිරි බහුලව ඇත.
සැපදිල්ලා ශක්තිය, මේද, ප්‍රෝටීන්, කාබොහයිඩ්රේට, කැල්සියම්, ජලය, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, පැන්තනික් ඇසිඩ්, විටමින් A සහ C, පෝලේට්, නයසින් වලින් අන්තරුගතය. තවද සැපදිල්ලා තන්තු බහුල පළතුරකි. මලබද්ධය දුරු කරන අතර බඩවැල්වල විෂ ඉවත් වේ. මේ නිසා පිලිකාවෙන් නිදහස් වේ. ජීරණය පහසු කරන අතර මල බුරුල්ව හොඳින් මලපහ වේ. සැපදිල්ලාවල අන්තර්ගත ටැනින් සංයෝගය තුළ අඩංගු ප්රතිදැවිලි සහ ප්‍රති වෛරස ශක්තින් බහුලය. මෙහි අඩංගු විටමින් “ A ” ඇස් පෙනීම මෙන්ම පෙනහලු ආසාදනයන්ට සහ මුඛ පිලිකාවන්ට ගුණදායක වේ. ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව ඇත.
රුධිරයේ යකඩ ප්‍රතිශතය වර්ධනය කරන අතර නිරක්තිය දුරු කරයි. හිමොග්ලොබින් යහපත් ප්රතිශතයක පවත්වා ගැනීම සඳහා මෙම පළතුරෙහි අඩංගු පොටෑසියම් හේතු වේ. ස්නායු සම්ප්‍රේෂනය යහපත් පරිදි පවත්වා ගෙන යන අතර සිරුරේ වෙහෙසකර තත්වයට ගුණදායක වේ. සන්ධි අතර බන්ධනයන් යහපත් පරිදි පවත්වා ගැනීමට මෙන්ම අර්ශස් රෝගයට ගුණදායක වේ.
සැපදිල්ලා තුවාලවලට ඉතා ගුණදායක වේ. කෘමින් දෂ්ට කළ තුවාලවලට මෙම ඇට වල අඩංගු රසායනයන් මගින් සුවය ලබා දෙනු ඇත. සිරුරට අවශ්‍ය ක්ෂණික ශක්තිය ලබා ගැනීමට මෙම පළතුරෙහි අන්තර්ගත ග්ලුකෝස් හේතු වේ. ගැබිණි මවට මනා වූ සහනයක් ලබා දීමේ ශක්තියක් ඇත. ගැබිණි වියේ ඇති වෙන වමනය, ඔක්කාරය, කැරකැවිල්ලට ගුණදායක වේ. ගෙඩි තම්බා ගත් ජලය පානය කෙරේ.
මුත්‍රාකාරක ගුණයෙන් යුක්තය. මුත්රාගල්වලටත් ගුණ දායක වේ. ඉන්දුනීසියාවේදී මල් අඹරා උදරයේ ආලේප කිරීමෙන් ප්‍රසුතිය පහසු කෙරේ. කම්බෝජියාවේ උදවිය පාචනය අවස්ථාවන්හිදී පොතු තම්බාගත් ජලය පානය කෙරේ. තෙතමෙනය මගින් සම පැහැපත් කරන අතර වයස්ගත පෙනුම අඩු කරයි. ජෑම් වැනි ආහාර පිලියෙළ කරන විට යොදා ගැනේ.
අමුවෙන් ආහාරයට ගත් විට කට සහ උගුර කැසීම වැනි රෝග තත්වයන් ඇති වේ. මෙක්සිකෝ, මධ්‍යම ඇමරිකාව වැනි රටවල දි මෙම කිරිවලින් චුයිංගම් නිපදවනු ලැබේ. මධ්‍යම ඇමරිකාවේ ටිකල් ප්‍රාන්තයේ ගොඩනැගිලි අතර සැපදිල්ලා දැව යොදා ගෙන තිබුන අතර මෙම දැව ක්‍රි.පූ 470 ට අයත් බව අනුමාන කෙරේ.
සටහන
පුන්‍යා චාන්දනී ද සිල්වා


Leave feedback about this