නියපොතුවල අලංකාරය පිලිබඳව බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන ලලනාවන්ට නියපොතු හැඩය බලා රෝගාබාධ පිලිබඳ නිමිති දැනගැනීමේ හැකියාවත් තිබෙනවා. මේ නිසා නියපොතු පිලිබඳව අලංකාර කිරීමට යොමු වෙන්නා සේම ඒවායේ වෙනස්කම් කල්තබා හඳුනා ගෙන ඔබේ ජීවිතය රෝගාබාධයන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිලිබඳව කාන්තාවන් දැණුවත්වීම ඉතාම වැදගත්.
- නියපොත්ත (Nail plate) – නියපොත්තේ අපට පෙනෙන කොටස
- නියරාමුව (Nail folds) – නියපොත්ත තුන්පැත්තකින් වට කර ගෙන සිටින සම
- නිය පටක (Cuticle) – නියපොත්ත මුප පෙදෙසේදී නියපොත්ත මතුපිටින් වැටී ඇති පටක
- අඩසඳ (Lumala) – නියපොත්ත මුල පිහිටි අඩ සඳක හැඩය ඇති සුදු පැහැති කොටස
- නිය පතුල (Nail bed) – නියපොත්තට යටින් ඇති සම
ඔබ නීරෝගී පුද්ගලයෙක්දැයි දැන ගැනීමට ඉතාම පහසු විදිහට ස්වයං පරීක්ෂාවක් නියපොතු ආශ්‍රයෙන් ඔබටම සිදු කළ හැකියි. අත් දෙකේ දබරැලි දෙකේ පළමු පුරුක් එකනෙක සමීපව තබන්න. ඇඟිලි පුරුක පටන් ගන්නා තැනින් මෙන්ම නියපොත්ත කෙළවරින්ද එය එකට ගෑවෙන සේ තිබිය යුතුයි. එවිට නියපොතු දෙක අතරින් පුංචි හිදැසක් (Schamroth’s window) පේනවා නම් ඔබේ නියපොතු නීරෝගියි. ස්වයං පරික්ෂණයක යෙදෙන මෙම පරික්ෂනය Schamroth’s sign යනුවෙන් හඳුන්වනවා.
නියපොත්තක් ඉදිරියෙන් පහතට බෑවුම්ව පිහිටිම හෙවත් Nail clubbing තත්වය පෙනහලු සහ හදවත ආශ්‍රිත රෝග තත්වය පිලිබඳව අනතුරු දැනුම්දීමක් බව අමතක නොකරන්න. හදවතට රුධිරය සපයන ධමණීන්ගේ හෘද පේශින් හෝ හෘදයේ ගැටලු ඇති වුන විට වගේම හෘදය ආශ්‍රිත ආසාදනයන් නිසා නියපොතු මේ විදිහට වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන්නට පුළුවන්. පෙනහලුවල සැරව ගෙඩී ඇති වූ විටත් නියපොතු ඉදිරිපසින් පහතට බෑවුම් හැකියි.
ඔබේ නියපොතු හැන්දක් මෙන් උඩට නැමුන ස්වභාවයකින් යුක්ත නම් එම රෝග තත්වය Koilonychia යනුවෙන් හැඳින්වෙනවා. රුධිරයේ යකඩ ඌනතාවය නිසා මේ රෝග තත්ත්වය ඇති වේ. රසායනික කර්මාන්තශාලාවන්හි සේවයේ නිරත අයටත් මේ නියපොතු රෝග තත්වය ඇති විය හැකි අතර වකුගඩු රෝග තත්වයක් පිලිබඳ අනතුරු දැනුම්දීමක්ද මේ නියපොතු සමග බද්ධව තිබෙනවා.
නියපොතු මත හරස් අතට දිවෙන කාණු වැනි පිහිටීම මගින් සින්ක්, කැල්සියම් පෝෂණ ඌනතාවයන් ගැන අනතුරු සංඥාවන් වගේම හදවත් රෝග සංකුලතාවයන් ගැනත් පෙරනිමිත්තක් විය හැකියි. ඒ වගේම දිග් කාණු තත්වයක් තිබුනොත් කිරීටක ධමණීන් ආශ්‍රිත රෝග තත්වයක් මෙන්ම පෝෂණ ඌනතාවයන් ගැනත් සැකයක් ඇති වෙනවා.
ධමණීන් ආශ්‍රිත රෝගාබාධයන් ඇති පුද්ගලයන්ගේ නියපොතුවල දිග් අතට දිවෙන කාණු වැනි රටාවක් දැක ගත හැකියි. මෙම තත්වය විටමින ඌනතාවය නිසාත් සිදු වෙනවා.
එයින් අදහස් වන්නේ කැල්සියම් ඌනතාවයක්. මේ තත්වය දිගින් දිගටම තබා ගත යුතු නැහැ. නියපොත්තෙන් ලබා දෙන පුර්ව නිමිති හඳුනා ගෙන කැල්සියම් ලබා ගැනීමට උනන්දු නොවුනහොත් අස්ථි බිදෙන හෙවත් ඔස්ටියෝපොරෝසිස් තත්වයට පත් විය හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධයන් ගැනත් සැලකිලිමත් විය යුතු බව අපිට දැනුම් දෙනවා.
නියපොත්ත දිගට පිහිටි සුදු පැහැති ඉරි සලකුණු ඇත්තේ නම් එයින් අදහස් වෙන්නේ විටමින් “ බි ” ඌනතාවයයි. ඒත් එක්කම දියවැඩියා සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග තත්වයන් ගැනත් අනතුරු දැනුම් දීමක්ද ඒ සමගම තිබෙනවා.
සටහන,
පුන්‍යා චාන්දනී ද සිල්වා