අප්‍රේල් 3, 2025
parent-pulse-healthy-life-article
පෝෂණීය සුව දිවිය විශේෂී ලිපි සුව දිවිය

දිව රස කරන ගත ලෙඩ කරන MSG

කටට රහට කෑම කන්න අපි කවුරුත් කැමැතියි. නමුත් දිව පිනවන්න ගිහින් අපේ ජීවිතයේම ගුණාත්මක බව නැති කරන ලෙඩ රෝග ඉල්ලා ගැනීමට අවශ්‍ය නැහැ. අද සමාජයේ පවතින බොහෝ රෝගාබාධ සඳහා අපගේ වැරදි ආහාර පුරුදු බලපානවා.

අතීතයේදී ආහාර රස ගැන්වීම සම්පූර්ණයෙන්ම සිදු වුනේ ස්වභාවික කුළුබඩු යොදා ගෙන බව අත්දැකීම් ඇති පිරිස් දන්නවා. ඒ නිසාමදෝ අපේ අතීත පරම්පරාවන් අතර ලෙඩ රෝග නොතිබුනාම නොවේ. ඒත් ඉල්ලා ගෙන වැළඳ ගත් රෝගාබාධ ඔවුන් අතර බහුලව තිබුනේ නැහැ. නමුත් අද වන විට බෝ නොවන රෝග නිසා පීඩා විඳින පිරිස් බහුලයි. බාල, තරුණ , මහළු විදිහට එහි වෙනසක් නැහැ.

දිව ඉල්ලන රසයටම ගැලපෙන රසකාරකයක් විදිහට ග්ලුටමින් ඇසිඩ් හෙවත් Monosodium glutamate (MSG) අද ලෝකය පුරාම වඩාත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ නිසාම අද තරුන පරම්පරාවන් අතර දිව ඉලල්න මේ රසයට ආකර්ශණීය ඇදි යෑමක් තිබෙනවා. ස්වභාවයෙන් අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් වන තක්කාලි, චීස්, මිදි සහ හතු වැනි වෙනත් ආහාර වර්ගවලත් ස්වභාවයෙන්ම අඩංගු වී තිබෙනවා.

1800 වැනි ඈත කාලයකදී ජර්මනියේ විසූ පර්යේෂකයන් පිරිසක් මෙම රසය හඳුනා ගත් අතර 1908 වසරේදී ජපානයේ ජීවරසායන විද්‍යාඥ Kikunae Ikeda විසින් මුහුදු පැලෑටි මගින් සකස් කරන kombu රසවත් කිරීමට Monosodium glutamate (MSG) යොදා ගෙන තිබේ. 1968 වසරේ පටන් චීන ආපනශාලාවල MSG භාවිතාව ආරම්භ විය.

මුල් කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් මේ ගැන විවාදාත්මක අදහස් ඇති නොවුනත් චීන ආපනශාලාවන්හි ආහාර ගැනීමෙන් පසුව ඇති වුන හිසරදය සහ වෙනත් අපහසුතාවයන් නිසා “චීන අවන්හල් සින්ඩ්‍රෝමය හෙවත් රසකාරක සහිත ආහර අනුභවයෙන් පසුව විවිධ අපහසුතාවයන් ඇති විය. ඒ නිසා දැන් ඇතැම් ආහාර සඳහා පමණක් අවසර දී තිබේ.

1979 වසරේදී එංගලන්තයේ “සරේ ” විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙම රසය මුලින්ම හඳු නා ගත්තා. ඒ වුනත් වසර හැත්තෑවක් වැනි ඈත කාලයක පටන්මත් ආහාර රස කිරීමට රසකාරක භාවිතා කර තිබෙනවා. මුල් කාලවලදී රසකාරක යොදා ගත්තේ සුප් වර්ග සඳහා පමණයි. චීනය, ජපානය සහ කොරියාව වැනි රටවල් සුප් පානයට යොමුව සිටින නිසාමදෝ ඔවුන් අතර මේ රසකාරක වෙනුවෙන් ඇදී යැමේ ආහාර රටාවේම කොටසක් බවට පත්ව තිබුණා.
ආහාර ද්‍රව්‍ය රස කරන රසකාරකයන් අතර අපට හුරු පුරුදු ජාත්‍යන්තර සමාගම්…

ඇමරිකා එක්සත් ජනපදය- ðent
ජපානය- අජිනමෝටෝ
ඇමරිකාව- ටෙස්ටින් පවුඩර්
නිව්යෝක්- සැසෝන්
යුරෝපය- වෙට්සින්
අපේ ආාහර රස ගැන්වීම වෙනුවෙන් යොදා ගන්නා ග්ලුටමේට් රසකාරක වර්ග කීපයක් තිබෙනවා.
ඩයිසෝඩියම් ඉනෝසිනේට්
මොනෝසෝඩියම් ග්ලුටමේට් – (MSG)
ඩයිනොසෝඩියම් ගුවනයිලේට්

අනුමත මාත්‍රාවක් තිබෙනවා..

මේවා මෙතරම් විස නම් පාවිච්චියට අනුමත ඇයි යනුවෙන් ඔබ ප්‍රශ්න කරන්න පුළුවනි. නමුත් මෙම රසකාරක පාවිච්චි කළ යුතු මාත්‍රාවක් තිබෙනවා. ඒ ප්‍රමාණයෙන් යොදා ගැනීම සිදු වෙන්නේ නැහැ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත..
ඉහත දක්වන ලද ආහාර රස කාරක ප්‍රමාණය ඉක්මවා යොදා ගැනීම එතරම් සුදුසු නැහැ. සමහර ගෘහනියන් එදිනෙදා ඔවුන් සකස් කරන ආාහර රස ගැන්වීමට යැයි සිතා උක්ත ආහාර රස කාරක යොදා ගැනීමට වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් එය එතරම් සුදුසු නැහැ. ගෙදර හදන පොළොස් ඇඹුලක පටන්… උත්සව අවස්ථාවක…ඒ වගේම ඔබ හෝටලයකින් ආහාර අනුභව කරන සෑම අවස්ථාවකදීම මෙම රසකාරක ශරීරගත වෙනවා. මේ විදිහට නිතරම මෙම රසකාරක ශරීරගත වීම දිගු කාලයක් සිදු වෙන විට ඔබටත් නොදැනීම ඔබ රෝගී තත්වයන්ට පත් වෙනවා.

MSG අඩංගු ආහාර අනුභව කිරීමත් සමග පැය කීපයක් ගත වන විට ඔබට යම් අපහසුතාවයක් දැනෙන්න පුළුවනි. ඔබටත් මේ ගැන බොහෝ අත්දැකීම් ඇති. විශේෂයෙන් උත්සව අවස්ථාවකින් පසුව අපි හැම දෙනෙක්ම මෙවැනි අපහසුතාවයන් ගැන චෝදනා නගනවා. මට අර මගුල් ගෙදර ගිහිං කාපු වෙලාවේ ඉඳන් ඇගට හරිම අමාරුයි. සාමාන්‍යයෙන් මෙවැනි අපහසුතාවයන් අප අතරින් 10%-15% ක් පමණ දෙනාට පොදුයි. ඉතින් ඔබටත් මෙවැනි අපහසුතාවයන් ඇති වෙනවාත් ඇති.

  • කෑමෙන් පසුව දැනෙන නිදිමත ගතිය
  • බඩ පපුව දැවිල්ල
  • බඩ පුරවා දැමීම
  • දහඩිය දැමීම
  • හිසරදය
  • කරකැවිල්ල
  • සමේ කැසීම හෝ රතු වීම
  • මුහුණේ දැවිල්ල
  • පපුවේ ගැස්ම

එවැනි අපහසුතාවයන් ඔබට දැනෙනවා නම් එය මොනෝසෝඩියම් ග්ලුටමේට් (MSG) අධික මාත්‍රාවකින් යෙදූ ආහාර ගැනීම නිසා ඇති වුන ප්‍රතිඵල බැව් සිතන්න.

අපේ පුංචි දරුවන් ආාහර ගැනීමේදී මව්පියන්ට තිබෙන්නේ යුද්ධයක්. නිවසේ ආහාර රසයට ඔවුන් කැමැත්තක් නැහැ. ඒ වගේම ගුණය ගැන අවබෝධයත් පුංචි දරුවන්ට නැහැ. දරුවන් කුසගින්නේ තියන්නත් මව්පියන් කැමැති නැහැ. ඒ නිසා ඔවුන් හෝටලයකින් බත් එකක් ගෙනැවිත් දරුවන්ට දෙනවා. දරුවාගේ දිව මේ රසයට ප්‍රිය කරනවා. ඒ නිසා දරුවා නිතරම මේ ආහාර ඉල්ලන්න පටන් ගන්නවා. දරුවාගේ පෙරැත්තය සහ නිවසේ ආහාර ප්‍රතික්ෂෙප කිරීම නිසා මව්පියන්ද දරුවාට මෙම ආහාර ලබා දෙනවා. ඒ නිසාම ඇති වන අහිතකර ප්‍රතිඵල කීපයක් තිබෙනවා…

  • දරුවා MSG යෙදූ ආහාර වෙනුවෙන් ඇබ්බැහි වීම
  • තරබාරුව
  • අධිරුධිරපීඩන තත්වය ඇති වීම
  • ජීවිතයේ ක්‍රියාශීලිබව නැති වීම
  • දියවැඩියාව වැනි රෝගවලට ගොදුරක් වීම
  • තරුණ කාලයේදීම අහිතකර කොලස්ටරෝල් මට්ටම ඉහළ යෑම
  • හෘද රෝග සංකුලතාවයන් ඇති වීම

අද බොහෝ කාන්තාවන් මැසවිලි නගන්නේ රසකාරක නැතුව ආහාර රසවත් වෙන්නෙ නැහැ. ඒ නිසා දරුවන් නිවසේ පිළියෙල කරන ආහාරවලට කැමැත්තක් දක්වන්නේ නැති බවයි. ඒත් මෑතකදී අප විසින් මේ ආහාර රටාවන් අනුගමනයත් රස කාරක නැතුව ආහාර රස කර ගැනීමට බාධාවක් නැහැ.

  • සුප් පිළියෙල කරන විට ගම්මිරිස්, සූදුරු, කොත්මල්ලි, මහදුරු, කුරුඳු, ඉඟුරු ආදිය යොදා ගත් පොට්ටනියක් දමා ගත් විට මේ කුලුබඩු සුප් එකට එකතු කරන්න පුළුවනි. ඒ වගේම තක්කාලි ගෙඩියක් එකතු කරන්න. සුප් එක බටර් හෝ මාගරින් යොදා තෙම්පරාදු කරන විට කරපිංචා, රතුළුෑණු ආදිය එකතු කරන්න. සැල්දිරි, කොත්තමල්ලි කොළ මිංචි කොළ එකතු වුනාම මිහිරි සුවඳක් දැනෙනවා. එයින් ආාහර රුචිය නොදැනීම ඇති වෙනවා.
  • නූඩ්ල්ස් පිළියෙල කරන විටතක්කාලි, සුදුලූනු බ්ලෙන්ඩ් කර ගෙන සාදා ගත් පේස්ට් එක එකතු කරන්න මසාලා නිවසේ සාදා ගෙන තිබෙනවා නම් ටිකක් එකතු කරන්න.
  • බත් පිලියෙල කරන විට මස් ස්ටොක් සාරය එකතු කරන්න.
  • මස් ව්‍යංජනයට බැද ගත් තුනපහ එක් කරන්න.
  • සැන්ඩ්විඩ් හදන විට බිත්තර තම්බා ගෙන ගම්මිරිස්, අබ, සහ ලුණු මිහ්‍රණය එකතු කරන්න.

එහෙමනම් අපට නැතුවම බෑ නොකියා රසට වගේම ගුණයට ආාහර පිළියෙළ කර ගන්නා කලාවත් තිබෙන බැව් දැන ගැනීමත් වැදගත්.

Leave feedback about this

  • Quality