අද වන විට ලොව පුරා බෝ නොවන රෝග (Non-Communicable Diseases – NCDs) පිළිබඳව මහත් අවධානයක් යොමුවී ඇත. ඒ අතරින් ළමා ස්ථූලතාව (Childhood Obesity) විශේෂයෙන් සැලකිල්ලට ගැනිය යුතු ගැටළුවකි. ආහාර ක්‍රම, ජීවන රටව හා ව්‍යායාම නොමැතිකම වැනි සාධක මීට මුල් වන අතර මෙය දරුවන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කරයි.
ස්ථූලතාව යනු ශරීරයේ අධික ලෙස මේද පටක එකතු වීමයි. දරුවන්ගේ බර සහ උස අනූව ශරීර ස්කන්ද දර්ශකය (BMI) පරික්ෂා කරමින් ඔවුන්ගේ බර සාමාන්‍යයකට වඩා වැඩිදැයි තීරණය කළ හැක. සාමාන්‍යයෙන් BMI 95% ට වඩා වැඩි නම්, දරුවා ස්ථූලයෙකු ලෙස සැලකේ.
ළමා ස්ථූලතාවට හේතු වන ප්‍රධාන සාධක මොනවාද?
අද වන විට පෝෂණය හා ගුණාත්මක බවින් තොර රසයට පමණක් මුල් තැන දෙන ක්ෂණික ආහාර (Fast Food), සකසන ලද ආහාර වර්ග වැනි සෞඛ්‍යට හිතකර නොවන ආහාර රටාවකට බොහෝ දරුවන් හුරු වී ඇති බව කිව යුතුමය. බර්ගර්, පිට්සා වැනි ආහාර වර්ග මෙන්ම පැණි බීම වර්ගවලට අධික ලෙස නැඹුරු වීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය.
අද වන විට අපේ දරුවන් බොහෝ සෙයින් තාක්ෂණික උපාංගවල සමීපතමයන් බවට පත්ව ඇති නිසා වැඩි වේලාවක් යොදවන්නේ වීඩියෝ ක්‍රීඩා, ස්මාර්ට්ෆෝන් සහ රූපවාහිනිය සමගයි. ඒ නිසා දරුවන්ට කය වෙහෙසවා කිසිදු කාර්යයක යෙදීමට ඇති අවස්ථා අවම වී ඇත. එසේම අද වන විට අධ්‍යාපන ක්‍රමයේ ඇති අධික විෂය කරුණු ආවරණය කිරීමට ගන්නා උත්සාහය නිසාම පාසල් වලදීත් නිවසේදීත් බාහිර හෝ විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා දරුවන්ට හිමි වන අවස්ථා අවම වී ඇත
දෙමව්පියන්ගේ ආහාර රටාවද දරුවන්ට බලපායි. කාර්ය බහුල ජීවිත තුළ වඩාත් පහසු, ක්ෂණික ආහාර සඳහා මූලික තැනක් හිමි වන අතරම සමාජ මාධ්‍ය, දැන්වීම් සහ නව ආහාර ප්‍රවණතා හේතුවෙන්ද දරුවන්ට අනිසි ආහාර රටාවන්ට යොමුවීම සඳහා බලපෑම් ඇති කරයි.
- අධි රුධිර පීඩනය සහ හෘද රෝග
- දෙවන වර්ගයේ දියවැඩියාව ( දරුවන්ගේ අධික බර නිසා ඉන්සියුලින් ක්‍රියාවලිය අඩු විය හැක)
- මානසික ගැටලු (එම දරුවන් තුළ ආතතිය හා හීනමානය වැනි ගැටළු ඇති වේ)
- පෝෂ්‍ණීය යහපත් ආහාර රටාවකට යොමු කිරීම
දරුවන් පෝෂණීය ආහාර පිළිබඳව දැනුවත් කළ යුතුය. එසේම අධික සැර, මේද සහිත ආහාර, ක්ෂණික ආහාර, සීනි අධික පැණි බීම වර්ගවලින් දරුවා ඈත් කළ යුතුය. ඒ වෙනුවට නිවසේ සකසන පෝෂණීය ආහාර වේලකට දරුවා හුරු කිරීමට එළවළු පලතුරු වර්ග ලබා දෙමින් හොඳින් පෝෂණය කළ යුතුය.
- ව්‍යායාම සහ ක්‍රීඩා වැඩි කිරීම
දරුවන්ට නිවසේ දිනපතා ක්‍රීඩා කිරීමට අවස්ථා ලබාදිය යුතුය. එසේම පාසල් ක්‍රීඩා වැඩිදියුණු කිරීම සහ ව්‍යායාම කරවීමත් පැයක පමණ කාලයක්වත් ශරීර ව්‍යායාම සිදුකිරීමට දරුවන් දිරිමත් කිරීම.
- පවුලේ සහාය සහ අවබෝධය වැඩි කිරීම
දරුවන්ගේ නිරෝගී පැවැත්ම උදෙසා දෙමාපයින් සතුව විශාල වගකීමක් පවතින අතරම නිසි ආහාර රටාවට දරුවා යොමු කිරීම එහි මූලිකම කාර්යභාරයයි. පෝෂණය සහ සෞඛ්‍ය පිළීබඳව දරුවන්ට නිසි තොරතුරු ලබා දී ඔවුන් දැනුවත් කිරීමත් පවුලේ එකමුතුවෙන් සෞඛ්‍යමත් ජීවින රටාවක් පිළිපැදීමට යොමු විය යුතුය.
එනම්,
- ළමා ස්ථූලතාවය බෝ නොවන රෝග අතර බහුල වීම හේතුවෙන්, මේ සඳහා නිවැරදි පියවර ගත යුතුය.
- සකසන ලද ආහාර වර්ග, පැණි බීම, ක්ෂණික ආහාර සහ ව්‍යායාම අඩුවීම යන මූලික හේතු ඉවත් කළ යුතුය
- ආහාර පරිභෝජනය සෞඛ්‍යයට හිතකර අයුරින් කළ යුතු අතර, ව්‍යායාම වැඩි කිරීම සහ පවුලේ සහාය මඟින්, ලමා ස්ථූලතාවය වැළැක්විය හැක.
- දරුවන්ගේ ශරීරය පමණක් නොව, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයද රැකගැනීමට සැලකිලිමත් විය යුතුය.
අද වන විට ළමා ස්ථූලතාවය සමාජයට විශාල ගැටළුවක් බවට පත්වී ඇති අතර, ඒ සඳහා නිවැරදි විසඳුම් සොයා ගැනීම වැදගත් වේ. දෙමව්පියන්, පාසල් සහ සමාජය එකතුව ක්‍රියා කරන්නේ නම් මෙම ගැටළුව සාර්ථකව සීමා කළ හැක. සෞඛ්‍යමත් ජීවන රටාවක් ගොඩනැගීමේ වගකීම පවුලේ සියලුම දෙනාගේම බව අමතක නොකරන්න.
ක්‍රිශාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය
සූතිකා පුහුණු හෙද නිළධාරිනි
බාහිර දේශක සහ ලේඛිකා
Leave feedback about this