දරුවා සමග කතා කරන්න – ඔබ කාර්යබහුල මව්පියන් බැව් ඇත්ත. නමුත් දරුවාගේ දවස ගෙවුන ආකාරය ඔහුගෙන් විමසන්න. සමහර විට ඔබට නොකී බොහෝ දේ ඔවුන්ගේ සිත්වල ගල් වී තිබෙන්න පුළුවන්. ඒවා එකින් එක ලිහිල් කිරීමේ මන්තරය ඇත්තේ ඔබ තුළ පමණයි. ඒ නිසා දරුවා සමග දවස ගෙවුන ආකාරය සාකච්ඡා කරන්න.
ආදරය පෙන්වන්න – දරුවන්ට මව්පියන් ආදරය බැව් ඇත්ත. නමුත් එය දරුවාද දැන ගත යුතුයි. ඒ නිසා ආදරය ඒක පාර්ශවික් නොවිය යුතුයි. සමහර විට දරුවාද ඔබට ආදරය පෙන්වන අවස්ථාවන් එමට ඇති. නමුත් ඔබ ඒ ආදරය ප්‍රතික්ෂෙප කරනවා නම් එය දරුවා අසරණ වෙන තවත් මොහොතක් බැව් අමතක කළ යුතු නැහැ.
දරුවන් ගැන ඔබේ මට්ටමින් හිතන්න එපා – දරුවන් කියන්නේ ශාරීරික ලෙසින් වගේම මානසික ලෙසින්ද දවසෙන් දවස පෝෂණය වෙන පිරිසක්. ඒ නිසා ඔබ අපේක්ෂා කරන තරමටම දරුවා පරිණත වී නැති විය හැකියි. එහෙත්.. මේ සියල්ල සම සිතින් ඉවසා සිටින්න. දරුවන්ගේ ලෝකය පුංචියි. ඔවුන්ගේ ලෝකයේ සිටින එකම වීරයා ඔබයි. ඒ නිසා ඔවුන් ඔබ මුල් කර ගෙන තබන විශ්වාසය නිසාම තමන්ගේ හැකියාවන් පවා උපරිම ලෙසින් ප්‍රදර්ශනය නොකරනු ඇති.
ඔවුන්ටත් තරහ යනවා – දරුවන් කියන්නේ අපි වගේම තවත් කොටසක්. දුක වගේම වේදනාව, තරහ ඔවුන්ටත් දැනෙනවා. ඒ නිසා දරුවන්ගේ දුක් ගැනත් අවධානයෙන් සිටින්න.ඔවුන්ට දුක බෙදා ගැනීමට වගේම තරහ ප්‍රදර්ශනය කිරීමට සිටින එකම පුද්ගලයා ඔබයි. ඒ නිසා නිතරම ඔබ පරිණත වැඩිහිටියෙක් ලෙසින් ඔවුන්ගේ හැගීම් ඉදිරියේ ප්‍රවේසමින් ගණුදෙණු කිරීමත් ඉතා වැදගත්.
කුතුහලය – දරුවන්ගේ කුතුහලය නිසාම ප්‍රශ්න කෝටියයි. ඒවාට පිළිතුරු දෙන්න ඔබ ලබා ඇති ඉගෙණුම මදි බැව් ඇත්ත. වළාකුළු යන්නේ කොහාටද…? පොළව යට මොනවද තියෙන්නේ…? මේ වගේ ප්‍රශ්න නිසා ඔබ අසරණ වුනත් ඔවුන්ගේ කුතුහලයට ඉඩ දෙන්න. එවිට දරුවාගේ තර්ක බුද්ධිය වගේම ගවේශනශීලිබව තව තවත් වර්ධනය වෙනු ඇත.
ආරක්ෂාව – මව්පියන් තරම් දරුවන්ට වෙනත් ආරක්ෂාවක් නැහැ. නමුත් ඒබ ව දරුවාට දැනෙන්න අවශ්‍ය වෙනවා. සමහර මව්පියන්ගේ අනාරක්ෂිත බව නිසාම දරුවන් අනතුරට පත් වෙනවා. ඒ නිසා දරුවන්ට ඔබෙන් ලැබෙන ආරක්ෂාව ගැන ඔවුන්ගේ හිතට සහතිකයන් ලබා දෙන්න.
අනවශ්‍ය විදිහට පාලනය එපා – සමහර මව්පියන් නිතරම දරුවන් පාලනය කරනවා. අවශ්‍ය දෙයට වගේම අනවශ්‍ය දෙයටත් ඔවුන් දරුවන්ට දොස් නගනවා. කම්මලේ බල්ලා හෙණ හඬටත් බිය නැහැ කියන්නා වගේ එවිට දරුවාද ඔබගේ නීති ගැන සැලකිල්ලක් නොදක්වනු ඇත.
දරුවා,වැඩිහිටියෙක් නොවන බව අමතක කරන්න එපා – දරුවා කියන්නේ කුඩා කරන ලද වැඩිහිටියෙක් නොවේය… යනු ඔබ අසා ඇති. ඒ නිසා දරුවාට ඔවුන්ගේ තරමට අනුව දරා ගත හැකි වැඩකොටස් පවරන්න. පමණට වඩා වැඩි වගකීම් , වැඩ කොටස් දැරම ඔවුන්ට අපහසු විය හැක.
වචනයෙන් හෝ අපහාස එපා – බොහෝ මව්පියන් ශාරීරික දඬුවම් කිරීමට වඩා වාචික වශයෙන් දරුවන්ට නින්දා අපහාස කරනවා. මෙය ඒ තරම් සුදුසු දෙයක් නොවයි. කෝටුවකින් ලද පහර ටික වේලාවකින් නැති වුනත් හිත පාරන වචන එලෙස මැකී යක්නේ නැත. ඒ නිසා වචන පාවිච්චිය ඉතා ප්‍රවේසමෙන් කළ යුතු කාර්යක් බවත් අමතක කරන්න එපා.
Leave feedback about this