අපේ ආමාශයට වෛරසයක්, බැක්ටීරියාවක්, විෂබීජයක් ඇතුලු වීම නිසා ඇති වෙන ආසාත්මිකතාවයේදී එය පිට කිරීමට සිදු වෙන ක්‍රියාවලියක් විදිහටත් වමනය හඳුන්වන්න පුලුවනි. වමනය දැමීමත් සමග ආමාශයේ ඇති අපහසුතාවයෙන් සැහැල්ලුවට පත් වීමක් සිදු වෙනවා.
- ආහාර අරුචිය, පමණට වඩා ආහාර ගැනීම නිසා වරක් හෝ දෙකක් වමනය ඇති වීම සාමාන්‍ය තත්වයක්. නමුත් ඊට වැඩි වාර ගණනක් වමනය සිදු වෙන්නත් පුලුවනි. ආහාර අජීර්ණය නිසා බඩඑළිය සමග වමනය ඇති වෙන්න පුළුවනි.
- සරල උණ තත්වයේ පටන් කොවිඩ්, ඩෙංගු සහ මොළයේ ආසාදන වැනි රෝග තත්වයන්
- වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධවල අතුරු තත්වයක් ලෙස
- ඕනෑම වයසක දරුවෙකුගේ බඩවැල්වල ඇති අවහිරතාවය
- වාහනවල ගමන් කරන විට ඇති වෙන වෙන චලනය නිසා
- නව ජන්ම දරුවෙකු විෂබීජවලට නිරාවරනය වීම
- ළදරුවන්ගේ reflux තත්වය (මෙය බරපතල නොවුනත් බහුල තත්වයක්) කිරි පෙවීමෙන් පසුව දරුවා කෙළින් අතට වඩා ගෙන වාතය ඉවත් වන සේ දරුවා තබා ගන්න. ශරිරය ඉහළට ඔසවා ගත් විට වාතය කටින් පිටවෙනවා. සාමාන්‍යයෙන් මෙය “ගුඩුස් ” යැවීම යනුවෙන් අපි හඳුන්වනවා. දරුවාට වමනය යෑමක් ඇති වුවොහොත් දරුවා පැත්තකට හරවා තබන්න.
- හිසට ඇති වෙන හානි
- මොළයේ ඇති වෙන පීඩනය ( පිලිකා වර්ගයේ ගෙඩි )
- බඩවැල් ආශ්‍රිත තද ආසාදන තත්වයන් (ඇපෙන්ටිසයිටිස් වැනි)
දරුවෙකුට වමනය සමග ඔක්කාරය, උදරයේ වේදනාව ඇති වෙන්න පුළුවනි. උණ, කැස්ස නිසාත් වමනය ඇති වෙනවා. වමනය දැමීමෙන් පසුව දරුවා සුදුමැලි වීම, හෘද වේගය වැඩි වීම වැනි තත්වයන් ඇති වෙනවා.
වමනය තත්වයේදී දරුවෙකු විජලන තත්වයට පත් නොවී රැක බලාගැනීම ඉතාම වැදගත්. වමනය යන අවස්ථාවකදී දරුවා ආහාර නොගත්තාට කලබල විිය යුතු නැහැ. මේ අවස්ථාවේදී දරුවාට ආහාර අප්‍රියතාවයක් ඇති වෙනවා. නමුත් දරුවා ආහාර ඉල්ලා සිටිනවා නම් සහ ආහාර ගැනීම නිසා වමනය තත්වයේ වෙනසක් නොවෙනවා නම් ආහාර ලබා දීමත් වරදක් නැහැ. ඒ කෙසේ වුනත් දරුවාට දියර ආහාර වැඩියෙන් ලබා දීම වැදගත්. මෙතැනදී වතුරම විය යුතු නැහැ. කැඳ, සුප්, තැඹිලි වතුර සහ ජීවනී වැනි පාන වර්ග ලබා දෙන්න පුලුවනි. දියර ලබා දීමේදී වුනත් එකවර වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න එපා. සුළු ප්‍රමාණවලින් වැඩි වාර ගණනක් දියර ලබා දෙන්න පුලුුවනි. විවේකයත් ඉතාම වැදගත් වෙනවා.
- ළදරුවෙකු – වමනය සුලබ සහ සාමාන්‍ය රෝග තත්වයක් වුනත් ළදරු අවස්ථාවක දරුවෙකුගේ වමන තත්වය ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවක් ලෙස පෙන්වා දෙන්න පුළුවනි.
- සාමාන්‍ය වයසක දරුවෙකු – නැවතීමක් නොමැතිව වමනය කරනවා නම්, කිසිම දියර ආහාරයක් ගත නොහැකි තත්වයකට පත්ව සිටිනවා නම්, දරුවා විජලන තත්වයට පත් නොවන සේ රැකබලා ගැනීම වැදගත්. එවැනි අවස්ථාවක දියර නික්ෂේපන ලෙසින් ලබා දීම අවශ්‍ය නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.
- දරුවාගේ වෙනදා පැවැති හැසිරීම වෙනස්නම්, මලානිකව සිටිනවා නම් හෝ වෙනදා පැවැති දරුවාගේ ක්‍රියාශීලි හැසිරීම් රටාවේ යම් වෙනසක් දක්නට ලැබෙනවා නම් වෛද්‍යවරයෙකු වෙත යෑම වැදගත්
- දරුවාගේ තොල් වියළී ඇත්නම් හෝ මුත්‍රා පිටවීමේ වාර ගණන හෝ මුත්‍රා ධාරිතාවයේ යම් අඩුවක් වෙතොත් දරුවා විජලන තත්වයට පත්ව ඇති බවට ඒවා සාක්ෂි වන අතර වෛද්‍ය උපදෙස් පැතීම අවශ්‍යයි.
- වමනය සමග උණ, ඇති විට
- දරුවෙකුගේ බඩවැල් ආශ්‍රිතව ඇති වෙන අවහිරතාවයන් නිසා වමනය ඇති වෙන බව මුලිනුත් සඳහන් කළා.එය බරපතල රෝගි තත්වයක්.උදරයේ ඉහළ කොටසේ අවහිරතාවයක් ඇත්නම් කොළ පැහැයෙන් වමනය ඇති වෙනවා. ඒ වගේම පහළ කොටසේ අවහිරතාවයක් ඇති විට මලපහ සමග රුධිරය පිටවෙන්න පුලුවනි. මෙවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න
- නොමේරූ වයසේ දරුවන් කිරි නොබි වමනය කරනවා නම් සහ නොනවත්වාම ඇඬීම, නොහඬා සිටීම වැනි හැසිරීමක් ඇති විටත් ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත්.
- උණ සමග තද හිසරදයක් තිබීම.
- හිසට තද පහරක් වැදීම නිසා ඇති වෙන වමනය
- දරුවා කොවිඩ් හෝ ඩෙංගු රෝගී ආසාදිත වුනොත්.
දරුවෙකු කොවිඩ් ආසාදිත වුනොත් උණ, කැස්ස, ප්‍රතිශ්‍යාව සහ උගුරේ ආසාදන තත්වය ප්‍රධානයි. ඊට අමතරව වමනය ඇති වෙන්න පුලුවනි. සමහර විට සෙසු රෝග තත්වයන් නොමැතිව වමනය පමණක් ඇති වෙන්න පුලුවනි. මෙතැනදී පවුලේ සෙසු සාමාජිකයන් කොවිඩ් ආසාදිතදැයි තහවුරු කර ගැනීම වැදගත්. ඒ අනුව දරුවා කොවිඩ් ආශ්‍රිතයෙක් බැව් තහවුරු කර ගෙන ප්‍රතිකාර සිදු කිරීමට සිදු වෙනවා.
ඩෙංගු රෝග තත්වයේදී ලක්ෂණ ලෙස තද උණ, හිසරදය, සමේ කුෂ්ට, උදරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. ඩෙංගු රෝගී දරුවෙකු විජලනයට පත් නොකොට හැකි තරම් දියර ලබා දීම අවශ්‍යයි. ඒ නිසා දින දෙක තුනක් උණ තත්වය පවතිනවා නම් රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඩෙංගු රෝගී දරුවෙකු තදබල ලෙසින් වමනය කරනවා නම් දරුවාට මුඛ මාර්ගයෙන් පාන වර්ග ලබා දීම අපහසුයි. එවැනි අවස්ථාවකදී දරුවා විජලනයට පත් වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. “ජීවනී“ වැනි දියර වර්ග ලබා දීමෙන් දරුවා විජලනයට පත් නොවී රැකබලා ගැනීමට පුළුවනි.
සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා
Leave feedback about this