ඔක්තෝබර් 23, 2025
Phones Parent Pulse Article Featured Image
නව ලොව

Earbuds, Air pods, Earphone, Headphone නිතර පාවිච්චිය සුදුසුද?

ඔබත් ජංගම දුරකථනයෙන් සංගීතය රස විඳිනවා නම් බොහෝ විට ඒ වෙනුවෙන් Earbuds උපාංගය පැළඳීමට පුරුදුව ඇති. ඒ විතරක් නොවෙයි, ටික් ටොක්, Zoom රැස්වීම් වැනි අවස්ථාවන්ට සවන් දීමේදී තවත් අයෙකුට හිරිහැරයක් නොමැතිව ඔබේ රස වින්දනය සහ පහසුව වෙනුවෙන් මෙම උපාංගය පැළඳීමට පුරුදුව සිටියත් එයින් ඇති වෙන අහිතකර ප්‍රතිඵල ගැනත් දැනගෙන සිටීම ඉතාම වැදගත්. කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යනයන් මගින්ද මේ බැව් තහවුරු වී තිබෙනවා. Earbuds, Air pods, Earphone, Headphone අපේ ශ්‍රවණ තත්වයට හානි වීමට වැඩි අවධානයක් ඇති උපාංග ලෙස විද්‍යාඥ කෝරි පෝට්නෆ් සඳහන් කරනවා. මෙවැනි නවීන මාදිලියේ මෙවලම් නිසා ඇති වෙන අතුරු රෝග තත්වයන් ගැන තවමත් අත්හදාබැලීම් සිදු වෙනවා. මේවා අඛණ්ඩව පාවිච්චි කිරීම නිසා පිළිකා තත්වයන් ඇති වීමට පවා යම් අවදානමක් ඇති බවට වූ සැකය නිසා 2019 වසරේදී මෙම උපාංග අපේ සෞඛ්‍යයට බලපාන අන්දම අලලා අධ්‍යයනයක් කීපයක්ම සිදු වුණා.

ලෝකයේ රටවල් 247 ක විද්‍යාඥයින් විසින් Earbuds, වල ඇති විකිරිණශීලී තත්වය නිසා පිළිකා ඇති වීමට තිබෙන බලපෑම ගැන අධ්‍යනයක් සිදු කිරීම වෙනුවෙන් යෝජජනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම විද්‍යාඥයින් විසින් පෙන්වා දුන් අන්දමට Earbuds, Air pods වැනි උපකරණ මගින් නිකුත් කරන රේඩියෝ සංඛ්‍යාත විකිරණයන්ට (Radio Frequency Radiation) හිසේ පටක නිරාවරණය වීම මගින් යම් බලපෑමක් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙන බැව් ඔවුන් විසින් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙක් දිගින් දිගටම මෙම විකිරණයන්ට නිරාවරණය වීම නිසා දිගුකාලීන බලපෑම්වලට පත් වෙන බවත් ඔවුන් සඳහන් කරනවා.

කන් ඇසීම අඩු වීමේ අවදානම

Earbuds වැනි ඉතා ඉහළ ශබ්දවාහිනී උපාංග මගින් ලෝකයේ මිලියන 430 කටත් වඩා වැඩි පිරිසක් ශ්‍රවණ ආබාධ තත්වයන්ට ගොදුරු වී සිටිනවා. සාමාන්‍යයෙන් මිනිස් කනකට සුදුසු උපරිම ශබ්ද ප්‍රමාණය ඩෙසිබල් 80 ක් පමණ වෙන අතර කුඩා දරුවන් සම්බන්ධයෙන් මෙම අගය ඩෙසිබල් 75 ක් පමණ වෙනවා. ඒ වගේම අද වෙන විට තරුණ පරම්පරාව මෙවැනි උපාංග භාවිතය වෙනුවෙන් යොමු වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති අතර දිගින් දිගටම ඔවුන් මෙම අධික ශබ්දයට නිරාවරණය වීම නිසා කන් ඇසීම අහිමි වීමේ අවදානම වැඩි වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී තිබෙනවා.

තරුණ පරම්පරාව සංගීතය වෙනුවෙන් ඇල්මක් දැක්වූත් ඔවුන් බොහෝ විට සංගීතයට සවන් දෙන්නේ Earbuds ආධාරයෙන් වීමත් විශේෂත්වයක්. ලෝකයේ තරුණ ජනගහනයෙන් 24% ක් පමණ දෙනා අධික ශබ්දයකින් යුක්ත සංගීතයට ඇහුම්කන් දීමේ කැමැත්තක් දැක්වීමත් විශේෂත්වයක්. සමහර අවස්ථාවන්හිදී ශබ්දය ඩෙසිබල් 105 ක් වැනි තීව්‍රතාවයකින් ඇසීමට මෙම තරුණ පිරිස් යොමු වෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් මෙහිදී Earbuds හි උපරිම ශබ්දයට වඩා 60% කට අඩු ශබ්දයකින් සවන්දීම ඉතාම වැදගත් බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

කන ආසාදනය වීම

කනට ආගන්තුක උපාංග ඇතුලත් කිරීමේදී වැඩි ප්‍රවේසමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් කන ස්වභාවිකව පිරිසිදු වෙන අවයවයක්. කනක ඇති බාහිර ශ්‍රවණ නාලයේ ග්‍රන්ථි මගින් කනට ඇතුලු වෙන දූවිලි, බැක්ටීරියා වැනි ද්‍රව්‍ය ඉවත් කරමින් කන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනවා. නමුත් බාහිරව පැළඳ සිටින උපාංග නිසා කනේ බාහිර ශ්‍රවණනාලයේ බැක්ටීරියා සහ දිලීර ක්‍රියාකාරීත්වයට සුදුසු පරිසර තත්වයක් නිර්මානය වෙනවා. එවැනි අවස්ථාවන්හිදී කනේ ස්වභාවික පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කන ආසාදනය වීම වලක්වා ගැනීමට නම් ඔබ විසින් Earbuds පැලඳ සිටින කාලය අවම කිරීම ඉතාම වැදගත්.

මොළයේ පිළිකා ඇති වීමේ අවදානම

මේ පිලිබඳව වූ වාර්තාවක් 2011 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන අන්දමට රැහැන් රහිත දුරකථන (Wireless) භාවිතය නිසා මොළයේ Giloma නැමැති පිළිකා තත්වයන් ඇති වීමේ අවදානමක් පවතිනවා. ඊට අමතරවත් Earbuds භාවිතය නිසා ඇති විය හැකි අතුරු සංකුලතාවයන් ගැනත් තොරතුරු ඉදිරිපත් වී තිබෙනවා. 2022 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, Lund විශ්ව විද්‍යාලය, දකුණු කැරොලයිනාවේ වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද ජාත්‍යන්තර අධ්‍යhනය මගින් මෙම තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

ඔබ Earbuds පළඳිනවා නම් එය දිනකට පැයක් වැනි කාලයකට සීමා කරන්න. ඔබ කිසිදු පාලනයක් නොමැතිව පාවිච්චි කිරීම නිසා වයස අවුරුදු 30 ක් වන විට ඔබේ ශ්‍රවණ තත්වය වයස අවුරුදු 60 ක පුද්ගලයෙකුගේ ශ්‍රවණ තත්වය හා සමාන වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ මෙවැනි උපකරණ පාවිච්චි කරනවා නම් ඒවා අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් පාවිච්චි කිරීමට වග බලා ගන්න. මෙය සැබැවින්ම විලාසිතාවක් නොවන බවත් අනුකරණයට යොමු වෙමින් බොහෝ තරුණ කණ්ඩායම් විසින් Earbuds, Air pods, Earphone, Headphone පැළඳීමට යොමු වුනත් එයින් ඇති වෙන අතුරු සංකුලතාවයන්ද හොඳින් හඳුනා ගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් බවත් අමතක නොකරන්න.


New York times ඇසුරෙනි

සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality