ඔක්තෝබර් 24, 2025
Sun Screen Article Featured Image Parent Pulse
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

SUNSCREEN, පුරුෂ සරු බවට බලපෑමක් කියන්නේ ඇත්තද?

ස්වභාව ධර්මයට එරෙහිව ජිවත්වෙන්න අපි දරණ උත්සාහය කොතැනකින් හෝ බිඳ වැටෙනවා. අතීතයේදි විටමින් D ලබා ගත හැකි වටිනාම මාධ්‍ය වුනේ උදෑසන හිරු එළියයි. මිනිසාගේ යහපත් ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන ස්ථරයට හානි සිදු වුන නිසා පාරජම්බුල කිරණ සෘජුවම පෘථිවියට එල්ල වීමෙන් සිදු වෙන හානිය වෙනුවෙන් SUNSCREEN (සුර්යාවරණ) භාවිත කිරිමට අපි හුරු පුරුදු වුනා.

මුල් කාලයේදි SUNSCREEN ගැන බොහොම වර්ණනාවන් තිබුනත් මෑතකදී අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ හිරු එලියට නිරාවරනයට එරෙහිව අපි යොදා ගන්නා ආලේපන මිනිසාට අහිතකර බවයි. මෙම SUNSCREEN වල අන්තර්ගත benxophenone වර්ගයේ රසායනය මිනිස් හෝර්මෝන සහ නිර්නාල ග්‍රන්ථින් වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කරනවා. BP-2 සහ 4OH-BP රසායනයන් මගින් පිරිමින්ගේ සරුභාවය 30% කින් අඩු කරන බව පැවසෙනවා. නමුත් කාන්තාවන් වෙනුවෙන් මෙම රසායනයේ බලපෑමක් සිදු වෙන්නේ නැහැ.

නමුත් මෙහිදි සඳහන් කරන්නේ SUNSCREEN භාවිතයෙන් ඉවත් වෙන්න කියන පනිවිඩය නම් නොවෙයි. පාරජම්බුල කිරණයන්ට නිරාවරනය විම චර්ම පිලිකාවන්ට හේතු වෙන නිසා මෙම පිළිවෙත අවශ්‍යයි. නමුත් නිවස ඇතුලට ගිය විට මෙම ආල්පන ඉවත් කිරිමෙන් අතුරු අන්තරාවන්ගෙන් ඉවත් විමේ හැකියාව පිරිමින්ට ලැබෙනවා. ඒ වගේම ප්ලාස්ටික් බෝතල්වල Bisphenol A රසායනයට නිරාවරණය වුන පිරිමින්ද SUNSCREEN භාවිතයෙන් ලත් අතුරු අන්තරාවන්ට සමාන අවදානමක් පෙන්නුම් කරනු ලැබුවා.

මෙම අධ්‍යයනය වෙනුවෙන් 2005 සිට 2009 අතර විවාහක අඹු සැමියයන් යුගල 501 ක් සම්බන්ධ කර ගත්තා. ඔවුන්ගේ සරුභාවය සමග පාරිසරික සංසිද්ධින්, පවුල් සාධක සහ පරිසරයේ රසායනයන් මගින් සඵලතාවයට ඇති කරනු ලබන බලපෑම පිලිබඳව අධ්‍යයනයේ යෙදුනා. මේ පුද්ගල කන්ඩායම් වයස අවුරුදු 18 ඉක්ම වූ පිරිමි අය වූ අතර ඔවුන්ගේ සරුභාවය ගැනත් තහවුරු කරගනු ලැබුවා. කාන්තාවන් වයස අවුරුදු 18 සිට 44 අතරට අයත් වුනා.

දත්ත විශ්ලේෂනය වෙනුවෙන් වයස, ශරිර ස්කන්ද දර්ශකය සහ දුම්පානය වැනි හේතු සාධක සම්බන්ධ කර ගනු ලැබුවා. SUNSCREEN භාවිත කළ පිරිමින්ගේ සපලතාවය වෙනුවෙන් බලපෑමක් ඇති වුනත් ඔවුන්ගේ බිරින්දෑවරුන්ට මේ සංසිද්දිය බලපෑමක් ඇති කලේ නැහැ.

ළමා සෞඛ්‍ය සහ මානව සංවර්ධනය පිලිබඳ ජාතික ආයතනයේ වෛද්‍ය ජර්මානි ලුවිස් පෙන්වා දෙන අන්දමට සම මානව සිරුරේ විශාලතම ඉන්ද්‍රියක්. මේ නිසා චර්ම පිලිකාවෙන් ආරක්ෂාව සඳහා සුර්යාට නිරාවරනය විම අහිතකරයි. ඔවුන් විසින් ලබා ගත් තොරතුරු ඉදිරියේදි American Journal of Epidemiology මාර්ගගත සඟරාව මගින් ප්‍රකාශ කිරිමට අදහස් කරනවා.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Leave feedback about this

  • Quality