ජූනි 7, 2025
Travel Backpack Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

Travel කරන්න ආස අයට Backpack එක හදාගන්න උපදෙස්

හැමදාම ගෙදර අයත් එක්ක විනෝද ගමන් යනවනේ. මේ යාළුවෝ කට්ටියක් එක්ක ගමනක් යන්න සූදානම් වන ඔබ වෙනුවෙන් යමක් කියන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ ගමනක් යද්දී අරගෙන යා යුතු දේවල් මොනවද කියලා ඔබව දැනුම්වත් කරන එක වඩා ප්‍රයෝජනවත් කියලා හිතුණා. Travel bag එක කියන්නේ ඔබට අනිවාර්යයෙන් රැගෙන යන්න වෙන දෙයක්නේ. ඒක ඇතුළේ ඔහේ මොනවහරි ඔබාගෙන යනව වෙනුවට වඩාත් ප්‍රයෝජනවත් සහ අවශ්‍යම දේවල් අරගෙන යන එක වැදගත්නේ.

ඔන්න එහෙනම් අපි බලමු ගමනක් යන්න සූදානම් වන ඔබගේ බැක් පැක් එකේ තිබිය යුත්තේ මොනවද කියලා.

  1. සිතියම (Map)
    කොහේ හිටියත් සිතියමක් අතේ තියෙන එක හරිම වැදගත්. ඔබ කැලයක් තුළ චාරිකා කරන අවස්ථාවකදී වුණත් ඕන වෙනවා. වර්තමානය වන විට නවීන තාක්‍ෂණය එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපිට Google Map ඵක හරහා ඕනෙම තැනක් සොයාගැනීමේ පහසුව තිබුණත් ඔබ සිටින තැනට සමහරවිට signal නැති වෙන්න පුළුවන්. එහෙම වුණෙතේ ඔබ සතුව තියෙන map එක වඩා ප්‍රයෝජනවත් වේවි.
  2. දිශාමානය (Compass)
    මේකත් ඉතාමත් වැදගත් උපකරණයක්. අපි හැම වෙලාවෙම travel කරන්නේ දන්න පැතිවලට නෙවෙයි. එතකොට දිශාව හොයාගන්න ආනිවාර්යයෙන් උදව්වක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් hike එකකදී වගේ නම් මේකේ අගේ කියලා නිම කරන්න බැහැ.
  3. අව් කණ්නාඩියක් සහ තොප්පියක්
    තද අව්වකදී මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පොද වැස්සකට වුණත් තොප්පියක වටිනාකම කියලා නිම කරන්න බැහැ නේද? විශේෂයෙන්ම මේ වගේ ගමනදී කුඩ ගෙනියන්නේ නැහැනේ.
  4. ප්‍රථාමාධාර කට්ටලයක්
    First Aid එහෙමත් නැත්නම් ප්‍රථමාධාර අවශ්‍යම වෙන්න පුළුවන්. ගොඩක් දේවල් නැති වුණත් ඒකට විෂබීජ නාශක, වේදනා නාශක, බැන්ඩේජ් පටි, තුවාලයකට සරිලන බෙහෙත්, කතුරක්, ප්ලාස්ටර් රෝලක් වගේ දෙයක් අතුළත් කරගන්න. ඔයාට අවශ්‍ය නැති වුණත් යාළුවෙකුට හරි අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්නේ.
  5. අමතර ඇඳුම්
    මේක නම් තීරණය වෙන්නේ ඔබ යන ප්‍රදේශය හා දින ගණන අනුව. නමුත් ගමනක් යද්දී අමතර ඇඳුමක් අනිවාර්යයෙන් බෑග් එකට දා ගන්න. සමහරවිට එක දවසින් එන්න සිතාගෙන ගියත් එහෙම නොවෙන්නත් පුළුවන්. යම් යම් හේතු නිසා. එක දවසේ ගමනකදී වුණත් අපි නොසිතන විදියේ අකරතැබ්බ නිසා තව ඇඳුමක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඒ නිසා පෙර සූදානම වඩා හොඳයිනේ.
  6. වැඩිපුර කෑම සහ වතුර බෝතල්
    ගමනට ගෙනියන කෑමවලට අමතරව පොඩි පොඩි කෑම ජාති කීපයක් බෑග් එකට දාගන්න අමතක කරන්න එපා. සමහරවිට අපි සැලසුම් කළ වෙලාවට වඩා වෙලාව ගත වෙන්නත් පුළුවන්. නැත්නම් තව කෙනෙකුට බඩගින්නකදී කෑම අවශ්‍ය වෙන්නත් පුළුවන්. හැමෝම එක්ක බෙදාගෙන හරි කන්න බිස්කට් පැකට් දෙකක්, චොකලට් එකක්, ඇපල් ගෙඩි දෙක තුනක් වගේ දේවල් ඔබ ලඟ තබාගන්න. අමතර වතුර බෝතලයක් රැගෙන යාමටත් අමතක කරන්න එපා.
  7. පිහියක්
    මේකත් අවශ්‍ය දෙයක්. ඇපල් ගෙඩියක් වුණත් කට්ටියක් එක්ක කපාගෙන කන්න පිහියක් ඕනනේ. කොහොමත් මෙවැනි දෙයක් ඔබේ බෑගයේ තබාගැනීම වැදගත්. මීට අමතරව ගිනි පෙට්ටියක්, ඉටි පන්දමක්, විදුලි පන්දමක් ආදී දේත් ඔබගේ බෑගය තුළ තබාගත්තාට වරදක් නැහැ. අවශ්‍ය වූ යම් අවස්ථාවකදී එය ප්‍රයෝජනයට ගැනීමට පුළුවන්

එහෙනම්, මේ විදියට ඔබේ බෑගය සැලසුම් කරලා ගමනක් ගිහිල්ලා බලන්නකෝ වෙනස හොඳින්ම දැනේවි.


සටහන

චමිලා සෙනෙවිරත්න

Leave feedback about this

  • Quality