Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය අම්මේ, අම්මේ…. මට කතන්දරයක් කියන්න
මානසික සුව දිවිය සුව දිවිය

අම්මේ, අම්මේ…. මට කතන්දරයක් කියන්න


අම්ම් මට කතන්දරයක් කියන්න යැයි කියාගෙන මව් උකුලට පැමිණෙන දරුවන් අද නැත. අම්මා මුලුතැන්ගෙයි ලහි ලහියේ ආහාර පිසිනු ඇත. හැන්දෑ කලුවර ගලන වෙලාවට ගෙයි පිල මත හිඳ තරු පායනණි හැටි හඳ නැග ගෙන එන හැටි දැක දැක අත්තම්මාගෙන් කතන්දර අහන්න දරුවන්ට කාලය නැත . දරුවන් නිවසට එන්නේද හඳපාන සමගින්ය . අත්තම්මා වෙලාවක් කලාවක් තිබුනද කතාන්දර කිමට වඩා රසවත් වු ටෙලිනාට්‍ය නරඹන්න අවශ්‍යය. එසේ නොබැලුවොත් වේල් තුන හතරක් ආහාර නොමැතිව සිටියා සේ හිස් බවක් ඔවුන්ට දැනෙනු ඇත.
ඉතිං ඊටපස්සේ
ඔන්න….එකමත් එක රටක හිටියා යැයි කතන්දර ආරමභ කරන විට දරුවන් ඇස් කන් යොමා ගෙන අසා සිටියේ මුල සිට අග දක්වා වු කුතුහලයෙන්ය . සිදු වෙන දේ ගැන සාවධානයෙන් අසා සිටියහ. මේ නිසා දරුවන්ගේ සිත තුළ වුයේ ඒකාග්‍රතාවයකි . අද දරුවන්ට නොමැත්තේද එයයි .පාඩම් කටයුතු වලදි වුව ඔවුන්ට මේවා ධාරණය කර ගත් නොහැකි වන්නේ අවදානයෙන් අසන්නට වු හුරු පුරුදු ඔවුන් තුළ නොමැති නිසාය. නමුත් බාල කාලයේ පටන්ම කතාන්දර අහන දරුවා තුළ අවධානය පිලිබඳව වු හුරු පුරුදු ඉබේටම ගොඩ නැගෙනු ඇ.
ඉතිං ඒ පුංචි කුමාරයාට මෙහෙ කරන්න තිබුනා නේද ?
කතන්දරයට අවදානයෙන් සහ කුතුහලයෙන් අසා සිටින විට ඉතිං ඒ පුංචි කුමාරයාට මෙහෙ කරන්න තිබුනා නේද ? අත්තම්මේ යැයි කතාන්දරයට ඌන පුරණය කළහ. එයින් පෙනෙන්නේ දරුවා කතන්දරය සමග කෙතරම් බන්ධනයකින් සිටියේද යන්නයි .ඒ අතරම දරුවාගේ සිත තුළ නිර්මාණශිලි චින්තනය ඉබේටමඅවදි වෙනු ඇත. යමක් සිතන්නට මෙන්ම යමක් රසවත් ලෙසින් ගොඩ නැගිමේ හැකියාව දරුවන්ට නිපුණ වෙනු ඇත. නිර්මාණශිලිත්වය දරුවන්ට එන්නත් කළ නොහැක. එය දරුවා වෙතින්ම ගොඩ නැගිය යුතු තත්වයකි .එක රැයකින් බිහි කළ හැකි ඉන්ද්‍රජාලික බලයක්ද නොවේ . මේ නිසා දරුවා වෙනුවෙන් කතාන්දර කියන්නට මව්පිය පරම්පරාව ගෙවන කාලය කිසිදුක අපතේ යැමක් ලෙස සැලකිය යුතු නැත.
මමත් ආසයි ඒ පුංචි කුමාරි වගේ ලොකු වැඩ කරන්න
කතාන්දරයක් අසා සිටින දරුවා එයින් බොහෝ දේ ඉගෙන ගනු ඇත.දරුවා තුළ පුර්වාදර්ශ චරිත ගොඩ නැගෙනු ඇත. මෙහෙම කරන්න . මෙහෙම හැසිරෙන්න කියමින් අවවාදානුශාසනා නිරස වුවද ණිසාම කුමාරයා දරුවාට ආභරණයකි . එවන් චරිත තුලින් දරුවා සංවර්ධනය ලබනු ඇත.
කතාන්දර කලාව සමග අපෙ අත්තම්මලා සම්බන්ධ වුනේ පර්යේෂණ ඇසුරෙන් ලබා ගත් ප්‍රතිඵල ගැන දැන ගෙන නොවේ.නමුත් මෑතදි සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ කතාන්දර මගින් දරුවාගේ අධ්‍යාපනයට 87 % කින් පිටුවවහලක් ලැබෙන බවයි .මේ නිසා අද ලෝකය පුරා දරුවන්ට තාන්දර කියා දිම ගැන ප්‍රශංසාත්මක ලෙසින් කතා බහ කරති.එහෙත් ඒ වෙනුවෙන් කාර්යබහුලත්වය විසින් කාලය උදුරා ගෙන ඇතැයි මව්පියන් චෝදනා කරති. දරුවන්ද කැටුව ගෙට ගොඩ වෙන අම්මලා තාත්තලාට දවසේ කටයුතු සමග දරුවන් සමග විවේකය ගත් කරන්නට අවස්තාවක් නොමැති නිසාම මේ තමාන් වෙතින් ඉවත්ව ඇතැයි ඔවුන් සඳහන් කරති.එහෙත් 13 % ක් ප්‍රකාශ කලේ ඔවුන් සතියකට එක් දිනයක්වත් දරුවන්ට කාන්දරයක් කියා දිමට උනන්දුවක් දක්වන බවයි .

දැනට පරම්පරා දෙක තුනකට පෙරාතුව මව්පියන්ගේ දවසේ අවසාන කටයුත්ත වුනේ දරුවා නිදා ගන්නා තෙක් කතාන්දරයක් කිමයි .නමුත් මේ දරුවන්ගේ මව්පියන් සඳහන් කලේ ඔවුන්ගේ බාල කාලයේදි කතන්දර ඇසිමට තරම් කාලය තිබුණ බවයි .
ඒත්…. අද වෙන විට මේ කතාන්දර සහ මව්පිය දු දරුවන් අතර සම්බනධතාවය ගිලිහි ඇත්තේ සමාජ රටාවේ සිදුව තිබෙන විපර්යාසයන් නිසා බව මෙම සමික්ෂනය පෙන්වා දි ඇත. අතිතයේ නොතිබුන තරම් වු සන්නිවේදන ජාලයන් සහ විවේකය විනෝදය ගත කරන මාධ්‍ය සුලබ විම මේ තත්වයට හේතු වි ඇත.මව්පියන් දුරකථන ජාලයේ සහ රූපවාහිනියේ පැටලි ඇත. දැවන් අන්තර්ජාලයේ සහ පරිගණක ක්‍රිඩාවන් අතර සැරිසරති . මේ අතරමැදට කතාන්දර දොඩන පිරිසක් හෝ ඒවාට ඇහුම්කන් දෙන උදවිය අද නැත.


පුන්‍යා චාන්දනි ද සිල්වා

Exit mobile version