අපේ පුතා හැමදාම බේකරි වන්දනාව මිස ගෙදරින් හදන කෑමක් කටේ තියන්නේ නෑ…කෙනක් කියද්දී තවත් කෙනෙක් සම්මාදම් වුනේ මෙහෙමයි.
මට නම් උදේට හදන්න වෙලාවක් නෑ…කැමැති අකමැති දන්නේ නෑ….කඩෙන්ම ගන්නවා…
ඊටත් අපි හදනවාට වඩා කඩෙන් අරන් දුන්නම ලාබයි…තවත් අදහසක්…
මේ සියල්ල සත්‍ය විය හැකියි. නමුත් ක්ෂණික සහ සකස් කරන ලද ආහාර නිසා සිදු වෙන ආසාත්මිකතාවයන් ඉහලින්ම පවතින බව අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඔවුන් මේ වෙනුවෙන් වසර තිහක කාලයක් පාදක කර ගත්තා. මහා බි්රතාන්යයේ සේෟඛ්ය සහ මානව සත්කාර තොරතුරු මධ්‍යස්ථානයේ පෙන්වා දීමට අනුව 2011 වසරේ ආහාර ආසාත්මිකතාවයන් නිසා රෝහල්ගත කිරිම් සංඛ්‍යාව 18 , 860 ක් වු අතර 2013 වසරේ මෙම සංඛ්‍යාව 20ල320 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.වසරක් පාසා මෙම සංඛ්‍යාව 8 % කින් ඉහළ නගින බවත් පෙන්වා දෙනවා.
අපි බොහොම ගාම්භීරත්වයෙන් කඩ කෑම ගැන කතා කළත් අපේ දරුවන්ගේ රෝග තත්වයන්ට එරෙහි වෙන ආහාර බොහොමයක් තිබෙනවා. මේ ආහාර අපි හාරා බලන්නේ නැහැ. මස් /මාලු / එළවළු යන වර්ගීකරනයෙන් සෑහීමට පත් වුනත් ඒ වෙනුවෙන් යොදන ඇතැම් අමුද්‍රව්‍ය වෙනුවෙන් අපේ සිරුර ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
ඇදුම , පීනස වැනි රෝග අද බහුලයි. මේ රෝග තත්වයන්ටත් අද ගොදුරුවීමෙ හේතුව ලෙසින් බටහිරකරණය බැව් කේම්බි්රජ් රෝහලේ වෛද්‍ය පෑම් ඊවන් පෙන්වා දෙනවා. එහි සත්‍යතාවය අපේ අතීතය සමග සංසන්දාත්මක ලෙසින් බැවිට හොඳාින්ම පැහැදිලි වෙනවා. එදා පාසල් දරුවන් අතර ගෙදරින් කොසෙල් කොළයේ පරිප්පු 4 පොල් සම්බෝල / පොලොස් ඇඹුලක් / මැල්ලුමක් සමග ගෙනා බත් පත හැම දෙනාම මහත් රුචියෙන ආහාර වලින්. අද දරුවන්ට පින්නක් , පොදක් වගේම දුවිලක් ඔරෝත්තු දෙන්නේ නැහැ. ගුණයෙන් තොර ප්‍රමානයෙන් ඉහළ ආහාර නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉබේටම පිරිහි ගොසින්.ඒ නිසා දරුවන්ට ඇතැම් ආහාර සිරුර විසින් පිළිගැනීම වෙනුවෙන් ගැටළු ඇති වෙනවා.
මේ අධ්‍යනය මගින් පෙන්වා දෙන අන්දමට ඇදුම නිසා රෝගින් 5,068 ක්ද , පිනස නිසා රෝගින් 3,361 ක්ද , අපිරිසිදු ආහාර නිසා රෝගින් 3,361 ක්ද රෝහල් ගත කෙරුනා.ඇතැම් ආහාර අපට අපථ්‍ය බැව් අපි දන්නවා.තක්කාලි, සැමන් වැනි ආහාර වෙනුවෙන් ප්‍රතික්‍රියාවන් තිබෙනවා. අම්මා / තාත්තා වුනත් අපේ පුතාට ඉස්සො අගුණයි…අපේ දුවට මඤ්ඤොක්කා අගුණයි….අපේ පුතාට කිරි අගුණයි ලෙසින් වු අගුණ ආහාර හොඳින්ම දන්නවා.
සකස් කළ ආහාර මිළට ගැනීමේදී අපි අහන්නේ මස් / මාලු / බිත්තර වැනි වර්ගීකරනය විතරයි.
මම කෑව වටලප්පමේ තිබුනේ රටකජු…
නැතුව ඉතිං කජු දාන්නද? කජුවල ගණනේ හැටියට කොහොමද බිස්නස්වලට…
මට වමනේ ගියා…රටකජු හින්දා…
ඉතින් ඔයා අහන්න එපායැ..
ඇහුවා…. තැන කියයි මේන්න කියලා…
ඒත් ඔබ රටකජු වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වන්නේ නම් මෙම වටලප්පමෙන් ඔබ රෝගී වීම තිබෙන අවස්ථාව ඉතාම ඉහළය.
මහා බි්රතානයයේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ වසරකට ආහාර ආසාත්මිකතාවයන් නිසා මිලියන 15 සිට 20 ක් අතර දරුවන් ගණනක් රෝහල් ගත වෙන අතර මෙයගෙවුන වසර විස්සක කාලයේදි විසි ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.සෝවියට් රුසියාව වැනි රටවලත් මෙම තත්වය ඉහළ නැගෙමින් පවතී. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වය මේ තරමින්ම අසතුටුදායක නැත.ඊට හේතුව වී ඇත්තේ එම රටවල ආහාර තාක්ෂණය එතරම් දියුනු මට්ටමකින් නොපවතින අතර තමන්ගේ ආහාර ගෙදරදොර පිලියෙළ කර ගැනීම නිසා මේ ආරක්ෂාව සැලසී ඇති බවයි.ලෝක ආහාර ආසාත්මිකතාවය පිලිබඳ සංවිධානය විසින් සපයන ලද වාර්තාවක පෙන්වා දෙන්නේ මහා බි්රතාන්යයේ දරුවන්ගෙන් 15% ක් ආහාර ආසාත්මිකතාවයන්ට ගොදුරුවෙන විට චිනයේ එම සංඛ්‍යාව 2% ක්ද, තුර්කියේ 3% ක්ද ප්රතිශතයක පවතින බවයි.
මේ අතර වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ දරුවන්ගේ පෝෂණය පිලිබඳව පවතින ඌනතාවයන්ද මේ සඳහා බලපා ඇති බවයි.විටමින් D, ප්‍රතිඔක්සිකාරක සහ ඔමේගා 3 මේද අම්ල ඌනතාවයද ආහාර වෙනුවෙන් ශරිරිය විසින් දක්වන ප්රතික්ෂෙවිම හෙවත් ආහාර ආසාත්මිකතාවයට හේතු වී ඇති බවයි.
ඒ වගේම බොහෝ බේකරිවල ආහාර සකස් කිරිමේ පවතින් පිරිසිදු බව දුර්වල වීමත් නිසා කෘමින් මෙම ආහාර සමග එක් වි් ආහාර විෂ විමට බලපානවා.හොට් ඩෝග් එකක හුනෙක් හෝ කැරපොත්තෙක් ඔබ දුටුවොත් ප්රතික්ෂෙප කිරිමට හැකි වුනත් නොදැක සිදු වෙන අපිරිසිදුබව වෙනුවෙන් සිදු වෙන ආහාර විස වීමේ අපහසුතාවය ඔබ විසින්ම දරා ගැනීමට සිදු වෙනු ඇත.
නමුත් උදේ හවස දරුවා වෙනුවෙන් මෙම ආහාර ලබා දෙනු වෙනුවට හැකි තරම් ඔබේම දෑතින් දරුවාගේ ආහාර පිලියෙළ වුනොත් මෙම අහිතකර ආහාර වෙතින් දරුවා රැක ගෙන නිරෝගිතාවය ලබා ගැනීමට තිබෙන උපරිම අවස්තාවෙන් ප්‍රයෝජන ගත හැකි වෙනු ඇත.
සටහන
පුන්‍යා චාන්දනි ද සිල්වා
