ඉතා අඩු පිරිවැයකින් විශාල ප්රෝටින ප්රභවයන් උපයා ගත හැකි නිසාම බිත්තර වෙනුවෙන් යෙදී ඇති දුප්පතාගේ ප්රෝටීනය යන්න බෙහෙවින් සහේතුක වේ. ප්රමාණයෙන් කුඩා වූ බිත්තරයකින් වැඩිහිටි පිරිමියෙකුට අවශ්ය ශක්තියෙන් 3 %ක් ද,කාන්තාවක් වෙනුවෙන් අවශ්ය ශක්තියෙන් 4% ක් උපයා ගත හැකි බව පෝෂණ විද්යාඥයන්ගේ අදහස වී ඇත.බිත්තරයක අඩංගු ප්රෝටීන ප්රතිශතය 11. 2% ක් වෙන අතර මෙම ප්රතිශතයෙන් වැඩි ප්රමානයක් බිත්තර කහ මදයේ අඩංගු වෙන අතර සුදු මදයේ අඩංගු ප්රතිශතය 0. 5 කටත් අඩු ප්රමානයක් බැව් පෝෂණ විද්යාඥයන්ගේ හඳුනා ගැනීම වී ඇත.
එහෙත් බිත්තරයක විටමින් සී අඩංගු නොමැති බව ඔබ නොදන්නවා විය හැක. එම අඩුපාඩුව තිබුනද මිනිස් සිරුරට අවශ්ය ශක්තිය ලබා දෙන ඇමයිනෝ අම්ල, විටමින් A සහ D යහමින් බිත්තර මගින් උපයා ගත හැකිය. අස්ථි වර්ධනයට අවශ්ය ඛණිජ සහ පොස්පරස්ද, තයිරොයිඩ් ක්රියාකාරිත්වයට අවශ්ය සින්ක්, ආසාදිතයන්ට එරෙහිව ක්රියාකිරීමේ හැකියාව ඇති සෙලිනියම් ද, ප්රතිඔක්සිකාරකයන් ලෙස ක්රියාකරන සහ රතු රුධිරාණු සෛල වෙනුවෙන් යකඩ උපයා දීමේ හැකියාවෙන් බිත්තර පරිපූර්ණව ඇත.
බිත්තර ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය තිරිහන් වෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ ටෆ් විශ්ව විද්යාලය මගින් සිදු කරන අද අධ්යනයයකින් අනාවරනය වී ඇත. එහි ප්රතිඵලයක් ලෙසින් බිත්තර ආහාරයට ගන්නා පුද්ගලයන්ට ඩිමෙන්ෂියා රෝගයෙන් ආරක්ෂාව ලැබීමේ හැකියාව නොදැනම උදා වී ඇත.
බිත්තරවල අඩංගු ප්රති ඔක්සිකාරක ශක්තීන් සහ ලුටියින්, සියෙසැන්තින් මගින් සංජානන ශක්තින් වර්ධනය කරනු ලැබේ. කහමදයේ බහුලව දක්නට ලැබෙන කැරොටොයිඩ ජීව පදාර්ථයන් ලෙසින් සැලකෙන අතර මම සංයෝගය මගින් ඇසේ පෙනුම මෙන්ම වීයපත් වීමත් සමග සිදු වෙන පෙනීමේ දුබලතාවයට පිලියම් ලැබේ.
බිත්තර ආහාරයට ගැනීමේදී කොලස්ටරෝල් පිලිබඳව තිබෙන ගැටළුව නිසා බොහෝ දුරට කහමදය තහනම් කලාපයක් වුවද, බිත්තරයේ කහමදය මගින් රෝග නිවාරණය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ලබා ගත හැකි වේ. අපේ ආහාර රටාව වෙනුවෙන් බිත්තර කහමදය එක්කිරීමෙන් වියපත්වීමේදී ඇති වෙන මතක ශක්තිය පිරිහිමේ තත්වයෙන් ආරක්ෂාව ලැබෙනු ඇත. එමෙන්ම රුධිරගත කොලොස්ටරෝල් මට්ටම ගැනත් පාලනයන් පවත්වා ගෙන යන අතරම බිත්තර ආප්ප, රෝටි, පැස්ටා, නුඩ්ල්ස්, පාන් වැනි උදේ ආහාර සඳහා වගේම බත් සමග ව්යංජනයක්, තම්බාගැනීමක්, සලාදයක්, බැදුමක් විදිහට විවිධාංගිකරනයෙන් එකතුකර ගැනීමට තිබෙන හැකියාවන්ගෙන් ප්රයෝජන ලබා ගත හැකි වේ.
අපේ ජන පිළිගැනීම අනුව ගම් කිකිළි හෙවත් නිදැල්ලේ ඇවිදින කිකිළියන්ගේ බිත්තර ගුණදායක බවෙන් ඉහළ යැයි පිලිගැනීමක් විය. බැලු බැල්මටත් මෙම බිත්තර කහ මදය දීප්තිමත් කහ පැහැයකින් යුක්ත අතර මෙම කිකිලියන්ගේ ආහාර අතරට එක් වෙන වී, විවිධ පලා වර්ග නිසා මෙම වර්ණය ලැබී ඇති බව පිලිගැනුනත් එය පර්යේෂන මගින් සනාථ වුන සත්යක් නොවීය.
එහෙත්….බ්රිතාන්යයේ බ්රිස්ටල් විශ්ව විද්යාලයේ මහාචාර්ය ක්රිස්ටින් නිකොලොයි සඳහන් කරන අන්දමට නිදැල්ලේ ඇති කරන කිකිළි බිත්තර වෙනුවෙන් දැන් විශේෂ වටිනාකමක් ලබා දී එම බිත්තර Happy egg යනුවෙන් වාණිජ වටිනාකමින් ඉහළ ගොස් ඇත.මේ නිසාම බ්රිතාන්යයේදි මෙම බිත්තර කාබනික යන විශේෂණයෙන් හඳුන්වා දී ඇත. ඒ අනුව අපේ ගමේ නිදැල්ලේ ආහාර සොයා යන කිකිළියන්ගේ බිත්තර වෙනුවෙන්ද මේ හඳුනා ගැනීම සාධාරණ වේ.
සටහන
පුන්යා චාන්දනි ද සිල්වා
