ඔක්තෝබර් 23, 2025
Happy Life Parent Pulse Article Featured Image
මානසික සුව දිවිය සුව දිවිය

ආතතියෙන් තොරව ජීවත් වෙන්න වටිනා කරුණු 10ක්

කාලය තුළ ආතතිය (Stress) කියන වචනය වැඩි වැඩියෙන් අහන්න ලැබෙනවා. රාජකාරී කටයුතු, අධ්‍යයන කටයුතු, පවුල් වගකීම්, මුදල් ගැටලු, තාක්ෂණය හා සමාජ මාධ්‍ය පවා අපගේ මනෝභාවය මත බලපාන නිසා, බොහෝ දෙනාට ජීවිතය පීඩනයෙන් පිරී පවතී. ආතතිය සම්පූර්ණයෙන්ම මකා දමා ජීවිතය ගත කළ නොහැකි වුවත්, එය කළමනාකරණය කරමින් සතුට සහ මනා සෞඛ්‍ය ඇති යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීමට අපි කාටත් හැකියාව පවතිනවා.

  1. යහපත් දෛනික රටාවක් ගොඩනඟා ගන්න

යහපත් ජීවින රටාව ආතතිය අවම කරන ප්‍රධාන සාධකයකි. නියමිත වේලාවට නිදාගැනීම, නිසි කලට වැඩ ආරම්භ කිරීම, අධ්‍යයන කටයුතු හා විවේක කාලය නිසි පරිදි සකස් කරගැනීම ආදිය මනසට සමානතාවයක් ලබා දේ.

  1. සුව නින්දට ප්‍රමුඛත්වය දෙන්න

අවම වශයෙන් පුද්ගලයෙකුට පැය 7 – 8ක නින්දක් අවශ්‍යයි. නින්ද අඩුකම මතකය, අවධානය හා ශක්තිය අඩු කරයි. පීඩනය වැඩි වන විට මානසික ගැටලු, තරහ සහ කනස්සල්ලද මතු වේ. රාත්‍රී නින්ද නියමිත වේලාවකට අනුව සැලසුම් කරගත යුතුය.

  1. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවෙන්න

අධික සීනි, කැෆීන් අඩංගු පාන වර්ග සහ ක්ෂණික ආහාර වර්ග ආතතිය තවදුරටත් වැඩි කරයි. එම නිසා පලතුරු, එළවළු, සරල කෑම සහ ජලයට මුල් තැන දෙන්න. නිසි ආහාර මඟින් ශරීරය පමණක් නොව මනසත් සෞඛ්‍යසම්පන්න බව මතකයේ රඳවා ගන්න.

  1. ව්‍යායාමවල නිරත වෙන්න

දිනකට අවම වශයෙන් මිනිත්තු 20 – 30වත් ව්‍යායාම කිරීමේදී ශරීරය මගින් සතුටු හෝමෝන නිපදවන අතරම එමගින් ආතතිය අඩු කර සතුට වැඩි කරයි. ඇවිදීම, පිහිනීම, යෝගා, බයිසිකල් පැදීම, නර්තනය වැනි ක්‍රියාකාරකම් වඩාත් සුදුසු වන අතර ඔබ යම් රෝග තත්ත්වයකින් පසුවනවා නම් ව්‍යායාමවල යෙදීම පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.

  1. විවේක සහ සලස්වීම් ලබා ගන්න

අඛණ්ඩව වැඩ කිරීම හෝ ඉගෙනීම ආතතිය වැඩි වීමට හේතු වන අතරම කුඩා විවේකයක් හෝ ලබා ගැනීඹ වැදගත් වෙනවා. ගැඹුරු හුස්ම ගැනීම හෝ සරල සෙල්ලම් කටයුතුවල නිරත වීම මනසට සමානතාව ගෙනෙයි. උදාහරණයක් ලෙස ඔබ අධ්‍යයන කටයුතුවල යෙදෙන අයෙක් නම් පාඩම් අතර 10 මිනිත්තු හෝ විවේකයක් ගෙන සන්සුන් සංගීතයකට සවන් දෙන්න.

  1. එපා කියන්න ඉගෙන ගන්න

අධික වගකීම් සහ වැඩ භාර ගන්නා විට කාලයත් සමග ආතතිය මතුවේ. ඔබේ හැකියාවට අනුව ඔබ භාරගන්නා කාර්යයන් සීමා කරන්න. අවශ්‍ය විට “මෙය මට මේ මොහොතේ කරන්න බැහැ” කියා දක්වන්න. මෙය මනසේ නිරවුල් බව සුරැකීමට හේතු වේ.

  1. තාක්ෂණය භාවිතය සීමා කරන්න

අධික දුරකථන භාවිතය හා සමාජ මාධ්‍ය භාවිතය ආතතිය තව වැඩි කරයි. ඔබ තිරය මත රැඳී සිටින කාලය සීමා කරන්න, නිදාගැනීමට පෙර දුරකථන භාවිතය අවම කරන්න.

  1. හොඳ සම්බන්ධතා රඳවා ගන්න
    පවුලේ අය, මිතුරන් හා ආදරණීයයන් සමඟ ගත කරන කාලය ආතතිය අවම කරයි. අවශ්‍ය විට කතා කිරීම, සිතන දේ බෙදාගැනීම, සහය ලබා ගැනීම මනසට ශක්තිය ගෙනෙයි.
  2. ඔබට සතුට දෙන ක්‍රියාකාරකම් කරන්න

පොත් කියවීම, සංගීතය, චිත්‍ර, වගා කිරීම හෝ ඔබට ආසාවක් ඇති වෙනත් කටයුතුවල නිරත වන්න. මේවා ආතතියෙන් මිදෙන ගන්නා අලුත් මාර්ගයන් වේ.

  1. සතිමත් බව (Mindfulness) සහ ධ්‍යානය

ගැඹුරු හුස්ම ගැනීම, විනාඩි 5 – 10 මිනිත්තු සරල ධ්‍යානය හෝ සතිමත් බව සදහා වැඩපිළිවෙලක් අනුගමනය කිරීමෙන් මනසට නිරවුල් බව ලැබෙයි. මෙය අද කාලයේ ලොව පුරා ආතතිය අඩු කිරීමට වැඩිපුරම භාවිත වන ක්‍රමයකි.

ආතතිය සම්පූර්ණයෙන්ම නැති කිරීමට නොහැකි වුවත්, එය නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් සෞඛ්‍යසම්පන්න, සතුටු සහ සාර්ථක ජීවිතයක් ගොඩනගන්න පුළුවන්. නිසි දෛනික චර්යාවක්, සුව නින්දක්, ව්‍යායාම, සෞඛ්‍යසම්පන්න ආහාර සහ සම්බන්ධතා රඳවාගැනීම මඟින් මනසට සුවය හිමිවෙයි. ඔබේ ජීවිතයෙහි කුඩා වෙනස්කම් පවා ආතතිය අඩු කර, සතුට සහ සෞඛ්‍යය රඳවාගන්නා ජීවන රටාවකට මඟ පෙන්වයි.


Leave feedback about this

  • Quality