ඔක්තෝබර් 24, 2025
Girl Comb Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

උකුණු පනාවට නිදහස දෙන්න කැමතිද?

පාසල් අධ්‍යාපනය ලබන වයසේ සිටින ගැහැනු දරුවන් අතර හිස උකුණන් සාමාන්‍ය තත්වයක්. මේ හින්දා ගැහැණු දරුවන්ගේ කෙස් දිගු කරන්න අම්මලා අකැමැතියි. තවත් පැත්තකින් දුව දිගු කොන්ඩයකට කැමැතියි. අම්මගේ අකමැත්ත උකුණන් බෝ වෙන හින්දා මිස වෙන හේතුවක් නොවෙයි. අද ලෝකය පුරා මිලියන 6 සිට 12 ක් තරම් ජනතාවක් උකුණන් නිසා පීඩාවට පත්ව සිටිනවා. මිනිස් හිසකින් දුරස්ථව උකුනෙකුට ජිවත් වීමේ හැකියාව තිබෙන්නේ දවසක් හෝ දෙකක් විතරයි. නමුත් ඔවුන් ඉතාම වේගයෙන් හිසකින් හිසකට මාරු වෙනවා. තොප්පි, පනා, ඇඳ ඇතිරිලි හරහා ඔවුන් සංක්‍රමනය වෙනවා.

උකුණා කියන්නේ ඉතාම කුඩා කෘමි විශේෂයක්. හිස් කබලේ සමට කිට්ටුවෙන් ජිවත් වෙන උකුණට සමේ තිබෙන උෂ්ණත්වය ජිවත් වෙන්න ප්‍රයෝජනවත් වෙනවා. උකුණන්ටත් වඩා පිලිකුලක් ඇති වන්නේ හිසකෙස්හි දක්නට ලැබෙන බිත්තර එහෙමත් නැතිනම් ලේඩි දැක්කාම. උකුණාගේ ගැහැනු සතා බිත්තර 100 සිට 300 අතර ප්‍රමාණයක් දමන අතර මෙම බිත්තර විශේෂ මැලියම් වර්ගයකින් හිස කෙස් මත ඇලවිලා තිබෙනවා. එක් බිත්තරයක දිග මි.මි 0.55 ක් පමණ වෙනවා. හිසකේ මත සුදුු කැටිති ලෙස දැක ගත හැකියි. දෙසතියකින් පමණ පසුව මෙම බිත්තර පුපුරා සුදු පැහැති පැටවුන් බිහි වෙනවා. උකුණා හිසේ සම විකන අතර එහිදී සම උද්දීපනය වෙනවා. මෙය අපට දැනෙන්නේ කැසීමක් විදිහට. මේ නිසා සම මත ඇති වෙන තුවාල ආසාදනය වෙනවා. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට උකුණන් සපා කෑ විට දැවිල්ල සහ කැසීම ඇති වෙන්නේ උකුණාගේ කෙළ නිසා බවයි. උකුණාගේ මළපහ වලිනුත් ආසානයන් ඇති වෙන්න පුලුවනි. උකුණා මළපහ කරන්නෙත් අපේ හිස මතයි. ඒ නිසා සම තුවාල වී තිබුනාම අසුචිවල සිටින රෝග කාරක ජීවින් තුවාල හෝ සීරිම හරහා අපේ සිරුරට ඇතුළු වෙනවා.

අපි උකුණන් වෙනුවෙන් විවිධ වෙළඳනාම ඔස්සේ ඖෂධ හෙව්වත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය කන්ඩිෂනර් හෝ ෂැම්පු වර්ගයන්ගෙන් උකුණන්ගෙන් නිදහස් විය නොහැකි බවයි.මේ පිලිබඳ අධ්‍යයන වාර්තාව ඔවුන් Journal of Medical Entomology මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කැලිෆෝනියාවේ උකුණු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන මර්සි මැක්විලියන් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් වෙනුවෙන් තරුණ වයසේ පසු වෙන බාලිකාවන් 605 දෙනෙක් සම්බන්ධ කර ගත්තා. මේ අයගේ කෙස්වල එල්ලි සිටි ලේඬින් අතර ඇතැම් බිත්තර පුපුරා ගිය අතර බිත්තර පොත්ත කෙස්වල තිබිමෙන් අප්‍රසන්නතාවයක් ඇති කලා. මෙම ලේඬි ඉවත් කිරීම එතරම් පහසු කාර්යක් වුනේ නැහැ. ඒ වෙනුවෙන් භාවිත කෙරුන ප්‍රතිකාර සමගම ඔවුන් නව අදහසක් ඇති කර ගෙන තිබුනා. සාමාන්‍ය කන්ඩිෂනර් වර්ග යොදා ගැනිමෙන් මෙම කාර්යය ඉටු වෙනු ඇතැයි ඔවුන් අපේකෂා කලා. අධ්‍යයනය අවසානයේදී මෙම සාමාන්‍ය කන්ඩිෂනර් මගින්ද සාර්ථක ප්‍රතිඵල ලැබි තිබුනා.

එදා මෙදා තුර උකුණන් වෙනුවෙන් යොදන විවිධ ප්‍රතිකාර අතර මෙම අධ්‍යයනයේදී උපකල්පනය අනුව සාමාන්‍ය කන්ඩිෂනර් මගින්ද මෙම කාර්යය හොඳින් ඉටු වී තිබුනා. ඔබේ හෝ දියණියගේ හිස බදා ගෙන පලවා හරින්න අපහසු ලේඬින් වෙනුවෙන් හොඳම මෙහෙයක් සාමාන්‍ය කන්ඩිෂනර් වෙතින් ලැබෙන බවත් අමතක කළ යුතු නැහැ.


සටහන

පුන්‍යා චාන්දනී ද සිල්වා

Leave feedback about this

  • Quality