ගෙදර දොර ඇති කරන සුරතලුන් දැන් පවුලේ උදවියගේ තැනටම පත් වෙලා.තමන්ගේ දු දරුවන්ට තිබෙන තැනටම සමාන තැනක් දැන් සතුන්ටත් තිබෙනවා. සත්ව හිංසනය වෙනුවෙන් වු හඬ නැගෙන යුගයක් තුළ මේ අන්දමට මතුන් වෙනුවෙන් ආරක්ෂාව රැකවරණය සහ පෝෂණය ලබා දිමට තරම් සංවේදි මිනිස් පරපුරක් සිටිමත් සතුටක්. නමුත් වැඤු සෙනෙහෙ දබරෙටයි කියන්නා සේම මෙම සතුන් වෙනුවෙන් ලබා දෙන ආහාර පාන ගැනත් අපි සැලකිලිමත් විම අවශ්‍යයි.ස්වභාව ධර්මයට අනුව සිදු වෙන නිර්මාණයන් හරිම අපුරුයි. අපේ ජෛව ඉන්ද්‍රියන් නිර්මානය වෙන්නේ අපේ ගති පැවතුම් සහ ජිවන රටාවන්ට අනුවයි.මේ නිසාම තිරිසන් සතුන්ටත් අපේ ආහාර පාන ලබා දිම අසාර්ථක උත්සාහයක් වෙනවා. අද වෙන විට ගෙදර දොර ඇති කරන සතුන් වෙනුවෙන් තමන් කන බොන ආහාර පාන ලබා දිමට බොහෝ දෙනා උනන්දුයි. හාම්පුතුන්ගේ කරුනාව නිසාම නිරපරාදේ මේ සතුන් රෝගින් වෙන බව මෙම අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.ඔවුන්ගේ ජිරණ පද්ධතිය මානව ජිරණ පද්ධතියට වඩා බෙහෙවින් වෙනස් වෙනවා. මේ නිසා ඔවුන් අපේ ආහාර වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා. මිනිසන්ගෙන් 25 % ක්පමණ දෙනා තමන්ගේ සුරතල් සතුන්ට ලබා දෙන බිස්කට් පාන් පුලුස්සන ලද ආහාර ආදියෙන් මෙම සතුන් තරබාරු වෙනවා විතරක් නොව ඔවුන්ට ජිවත් විමට තිබෙන ආයු කාලයදසිමා කරනවා. චොකලට් අපිට මොන තරම් රසවත් වුනත් බල්ලන් බළලුන්ට චොකලට්වල අන්තර්ගත කැෆේන් රසායනය අහිතකර විදිහට බලපානවා.ඔවුන්ගේ හදවතේ ගැස්ම වැඩි කිරිමට මෙම කැෆේන් අන්තර්ගත චොකලට් හේතු වෙන බව දැන් හදුනා ගෙන තිබෙනවා. මෙම කැෆේන්වල අන්තර්ගත theobromine රසායනය මේ සඳහා හේතු වෙනවා. තද දුඹුරු චොකලට්වල අඩංගු කොකෝවා මිශ්‍රණය ඉහල නිසා සතුන්ට මෙම වර්ගය බෙහෙවින්ම අගුණයි. මිදි සහ රේසින් වැනි පළතුරු බල්ලන්ගේ ආහාරයට ලබා දන් විට වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල විමට බලපාන බව දැන් හදුනා ගෙන තිබෙනවා. කුඩා බල්ලෙකුට මිදි ගෙඩි හතරක් ලබා දිමෙන් එම බල්ලා මරණයට පත් වෙන බව මෙම අධ්‍යයනය පෙන්වා දෙනවා. සකස් කරන ලද කිරි සහිත ආහර මෙන්ම ලුනු අධිික ආහාර බල්ලන්ට සහ බළලුන්ට අගුණයි. බ්‍රිතාන්‍යයේ සුරතල් සතුන් පිළිබඳ සංගමය මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට මිනිස් වාසයේ ඇති දැඩි වෙන සතුන් 3000 ක් සම්බන්ධ කර ගත්තා. සතුන්ගේ හාම්පුතුන්ගෙන් 85 % ක් දෙනා තම සුරතල් සතුන්ට ඔවුන්ගේ ආහාර පාන ලබා දෙන බව මෙම අධ්‍යනයෙන් පෙන්වා දුන්නා. මෙම අධ්‍යයනයේ ප්‍රධානි මේවි මුර්ක්රොෆ්ට් සඳහන් කරන්නේ මිනිසුන්ගේ ආදරය නිසා සතුන්ට ජිවත් විමට තිබෙන අයිතිය වගේම නිරෝගි බව රැක ගැනිමට බාධාවන් ඇති වි තිබෙන බවයි. ඒ අතරම තමන් ආදරේ මේ සුරතල් සතුන් පෙරලා ඔබටත් ඒ අන්දමටම ආදරේ කරන්නේදැයි ගැනත් දැන ගැනිමට තරම් දැන් තාක්ෂණය දියුනුයි. අපි නිකමට වුනත් කියන්නේ සතුන් බොහොම කෙලෙහිගුණ දන්නා බවයි. මේ නිසා බොහොම දෙනා හිතන්නේ සතුන් අපිට ආදරේ දක්වන්නේ ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයන් අපෙන් සම්පුර්න වෙන නිසා කියලා වුනත් පර්යේෂකයන් දැන් එැතැනින් ඔබ්බට මේ පිළිබඳව අධ්‍යනයේ යෙදෙනවා. ඇට්ලන්ටාහි එමෝරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් දෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ බල්ලන් සහ මිනිසුන් අතර ධනාත්මක උද්වේග බොහෝ සෙයින් එක සමාන බවයි. මේ වෙනුවෙන් වු අධ්‍යනයේදි පර්යේෂකයන් විසින් බල්ලන් පිරිසක් තෝරා ගෙන ඔවුන් සැහල්ලුවෙන් නොසිටින වේලාවන්හි මොළයේ magnetic resonance imaging (MRI) ජායාරූප ලබා ගත්තා. ඒ අවස්ථාවේදි බල්ලන්ගේ සහ මිනිසුන් අතර උද්වේගයන්හි වෙනසක් තිබුනේ නැහැ. එයින් අනතුරුව ආහාර දෙන බවට පෙන්වා සංඥාවන් ලබා දුන්නා මේ අවස්ථා දෙකේදිම මොලයේ සිතුවිලි අතර වෙනසක් තිබුනේ නැහැ. තමන්ගේ ආහාරය මුල් කර ගෙන පමණක් ස්වාමියාට විශේෂ බැඳිමක් බල්ලන් තුළ දැක ගැනිමට ලැබුනේ නැහැ. මේ නිසා පර්යේෂකයන්ගේ නිගමනය වුනේ බල්ලන් මිනිසුන් වෙත ආදරය දක්වන්නේ තාමාට ලබා දෙන ආහාරය මත නොව එයින් ඔබ්බට ගිය සමාජිය බන්ධනයක් නිසා බවයි. මෙම අධ්‍යයනයේ වාර්තාව ස්නායු වෛද්‍ය විද්‍යාව පිළිබඳ සඟරාව මගින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සතුන්ගේ ආදරය ආහාර මත තිරණය වෙන්නේ නැතිනම් අනවශ්‍ය විදිහට කන්න බොන්න දිලා බල්ලන්ගේ නිරෝගිතාවයට මිනිසුන් විදිහට අපි එරෙහි වෙන්නේ ඇයි …… කියලා දැන් සිතන්න වෙනවා නේද ?
පුන්‍යා චාන්දනි ද සිල්වා


Leave feedback about this