උයන්න පිහන්න ගියාම අපේ ගෘහනියන්ට පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙනවා. ඒ වගේම අද වෙනකොට කාන්තාවෝ විතරක් නෙවෙයි අපේ පිරිමි පාර්ශවයත් වෙනදට වඩා ඉවුම් පිහුම් කටයුතුවලට දායක වෙන බවක් පේනවා. කාට කාටත් ඕනේ වෙන නිසා මෙන්න මේ උපදෙස් ටික උයන පිහන ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි හිතුවා.
- හොද්දක් කැටි ගැසීම වළක්වා ගැනීමට ළිපෙන් බා ගත් පසුද විනාඩියක් පමණ වත් හැදිගාන්න.
- ව්‍යංජන තෙම්පරාදු කිරීමේදී බී ළුෑණුවලට වඩා රතුළුෑණු වැඩි රසයක් ගෙන දේ.
- අර්තාපල් නොපැලී තම්බා ගැනීමට අර්තාපල් තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් එකතු කරන්න
- අල පෙති සුදු පැහැයට බැඳ ගැනීමට නම් අල පෙති කැපූ විගස අයිස් වතුරට දමා ඉන්පසු බදින්න
- උම්බලකඩ පහසුවෙන් කුඩු කිරීමට දිනක පමණ කාලයක් අධි ශීතකරණයේ දමාගන්න
- ළුෑණු සුද්ද කිරීමේදී ඇස්වලින් කදුළු ගැලීම වළක්වා ගැනීමට එය ශීතකරණයේ තබන්න
- දෙහි හා අමුමිරිස් එකට ගබඩා කිරීමෙන් අමුමිරිස් ඉක්මනින් නරක් වන නිසා වෙනම ගබඩා කරන්න
- සලාද කොළ මැළවීම වළක්වා ගැනීමට නම් එය රැගෙන ආ විගස කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ දමන්න
- ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුර මිශ්‍රණය වතුරේ බහා තබන්න
- සම්බෝලයටල බැඳුමට දෙහි ඇඹුල් රේණු පිටින්ම දැමීමෙන් එහි රසය වැඩි වේ
- බණ්ඩක්කා පිසීමට ගන්නා විට මෝරා ඇත්නම්ල සියඹලා ටිකක් දවටා තෙලේ බැදගන්න
- කරවිල පිසීමේදී තිත්ත අඩු කර ගැනීමට පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න
- තැලූණු තක්කාලිල ලූණු ස්වල්පයක් මිශ්‍ර කළ සිසිල් ජලයේ රැුයක් පුරා වසා තැබීමෙන් නැවත හොඳින් සවි වේ
- බණ්ඩක්කා පිසින විට එහි සෙවල ස්වභාවය නැති කර ගැනීමට ගොරක කැබැල්ලක් එක් කරන්න
- වතුරේ දමා තැබීමෙන් ඉදීම වළක්වා ගත හැකිය
- තුනපහ සාදා ගනිද්දී එයට සෝදා කුඩු කරගත් හාල් මිටක් කුඩු කර එක්කර ගැනීමෙන් හොඳ රසයක් හා සුවඳක් එක්කර ගත හැකියි
- බිත්තර ඔම්ලට් හදන විට එයට පාන්පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් එක හොඳට පිපේ
- හාල්මැස්සන් වියළා කුඩු කරගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් පොල් සම්බෝල සාදා ගැනීමේදී එක් කිරීමෙන් එහි රසය හා ගුණය වැඩි කරගත හැකියි
- පොල් සම්බෝල සෑදීමේදී කෑලි මිරිස් වෙනුවට යාන්තමට පුළුස්සා ගලේ අඹරාගත් මිරිස් කරල් එක් කිරීමෙන් එහි රසය වැඩි වේ
- කරපිංචා කල් තබා ගැනීම අපහසුයග වැඩි කරපිංචා ප්‍රමාණයක් ඇති විට ඒවා හොඳින් සෝදා වියළෙන්න හැර තෙල් ස්වල්පයකින් බැඳ කුඩු කරගෙන බෝතලයක අසුරා තබන්නග අමු කරපිංචා යොදනවාට වඩා කෑම රසවත්ය
- ව්‍යාංජන තෙම්පරාදු කිරීමේදී ළුෑණු සමග සුදුළුෑණු පෙති ද එක්කර ගැනීමෙන් තෙල්වල අඩංගු කොලෙස්ටරෝල් අඩු කරගත හැකියි
- නූඞ්ල්ස් තම්බන වතුරට විනාකිරි හෝ පොල් තෙල් ස්වල්පයක් එක් කිරීමෙන් නූඞ්ල්ස් එකට ඇලීම සිදු නොවේ
- තැම්බූ බිත්තර කපන්න පෙර පිහිය සිසිල් ජලයේ ටික වේලාවක් තබා කපන්න. එවිට කෑලිවලට නොකැඞී බිත්තර කපාගත හැකියි
- මඤ්ඤොක්කා තැම්බීගෙන එන විට කහ එක් කර ගැනීමෙන් එයට ප්‍රියජනක වර්ණයක් ලැබේ
- දෙහි බිංදු කිහිපයක් පමණක් අවශ්‍ය විට දෙහි ගෙඩිය නොකපා ගෑරුප්පුවකින් ඇන සිදුරු කිරීමෙන් යුෂ ලබා ගැනීමෙන් දෙහි අපතේ යාම හා වියළීම නවතා ගත හැකියි
- කැපූ පලතුරු මතුපිට දෙහි බිංදු කිහිපයක් ඉසීමෙන් පලතුරු මතුපිට කහට නොබැදී තබාගත හැකියි
- ගමිරිස් කුඩු භාජනය තුළට පෙරුම්කායම් ටිකක් දමා තැබීමෙන් මිරිස් කුඩු වැඩි කලක් නරක් නොවී තබාගත හැකියි
- නිවිති කොළය පිටින්ම ගෙන ස්ටීමරයේ තම්බා ගැනීමෙන් එහි ගුණය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත හැකියි
- අඔ ව්‍යාංජනයේ සැබෑ රසය එය පරණ වෙද්දීයග එබැවින් අඔ මාළුව දිනකට පෙර වතුරෙන් උයා තබාල කෑමට ගන්නා විට මිටිකිරි ටිකක් දමා ගන්න
- බිත්තර කටුවට පොල්තෙල් ටිකක් ආලේපකර තැබීමෙන් නරක් නොවී බිත්තර කල්තබා ගත හැකියි
- කට්ලට් කැඩෙන්නේ නැතිව බැද ගැනීමට එය බදින්නට පෙර මඳ වේලාවක් අධි ශීතකරණයේ තබන්න
- මාළු ඇඹුල් තියල් උයද්දී ගොරක මිශ්‍රණයටත් තුනපහ මිශ්‍රණයටත් අමතරව තෙල් මේස හැන්දක් එක් කිරීමෙන් මාළු ඇඹුල් තියල් තවත් රසවත් වේ
- බිත්තර තම්බන විට වතුරට ලූණු ටිකක් එක් කිරීමෙන් බිත්තර කටුව පුපුරන්නේ නැතිව තම්බාගත හැකියග කටුව ගැලවීම පහසුය
- කේක්වල පිළී ගඳ නැති වීමට ගසාගත් බිත්තරවලට එසන්ස් ස්වල්පයක් එක් කරන්න
- අයිස් වතුර බඳුනකට දැමූ විට පාවෙන බිත්තර නරක් වූ ඒවාය. බිත්තර යමකට මිශ්‍ර කිරීමට පෙර එය සිදු කළ යුතුය
- පොල් ගෙඩිය බිඳ ගාන විට පළමුව ගෑ යුත්තේ හිල් සහිත බෑවය. එහි අංකුරය හට ගන්නා බැවින් ඉක්මනින් නරක් වීමට ඉඩ තිබීම ඊට හේතුවයි
- බාස්මතී බත ලස්සනට උයාගන්න නම් පැය භාගයක් සහල් පෙඟෙන්න දෙමා, හොඳින් සෝදා, නියමිත වතුර ප්‍රමාණයට එළවළු තෙල් හෝ බටර් ස්වල්පයක් දමන්න
- කෑම මේසයට සැරසිල්ලක් කිරීමේදී මිංචි කොළ යොදාගන්න
Leave feedback about this