නිවස පිරිසිදුවට තබා ගැනීම හිතට සතුටක් වගේම නිදහසක්. නිවස පිළිවෙළට තියෙනවා නම් කව්රුන් හෝ කලින් නොදන්වා නිවසට පැමිණියත් කිසිම ගැටලුවක් නෑ. නැති වුණු දෙයක් සොයාගන්න කාලය නාස්ති වෙනනෙත් නෑ.
බොහෝ අයගේ නිවස පිළිවෙළට තබා ගැනීම සඳහා සහය ලබා දීමේදී, සාමාන්‍යයෙන් කුමන ආකාරයේ බඩු භාණ්ඩ මිළදී ගැනීමට අවශ්‍ය ද කියා සොයා බැලිය යුතුයි. උදාහරණ්‍යක් ලෙස මේස, කබඩ්, බහාලුම්, රාක්ක වැනි දෑ. අලංකාර භාණ්ඩ, සැරසිලි, ඇසුරුම් සහ ඇසුරුම් නිෂ්පාදනවලට අපි කවුරුත් කැමතියි. නමුත් ඒවා සමහරවිට අත්‍යවශ්‍යම නොවන්නට පුලුවන්. එමනිසා ඔබ ඇසුරුම් නිෂ්පාදනවලට අධික මුදලක් වැය කිරීමට පෙර ඔබට අවශ්‍ය මූලික දේවල් පමණක් පළමුවෙන් මිළදී ගැනීම වැදගත්.
නිවස පිළිවෙළට තබා ගැනීම සඳහා ඔබේ අවධානය යොමු කළ යුත්තේ කරුණු 3ක් වෙත පමණයි. එමෙන්ම ඔබ මුදල් වියදම් කිරීමට අවශ්‍යත් නැහැ.
නිවස පිළිවෙළට තබා ගැනීම නිරන්තරයෙන් සිදු කරගෙන යාම සඳහා ඔබට ඒ පිළිබඳ කැමැත්තක් ඇති කර ගත යුතුයි. ගේ දොර වැඩ ලැයිස්තුවක් සකසන්න. ඔබ නිවසේ වැඩ කරන අතරතුර ඔබ කැමතිම සංගීතයකට සවන් දෙන්න. ඔබෙ නිවස පිරිසිදුවට ඇති ඡායාරූපයක් අලවා ලබන්න. එවිට ඔබ නිතර දකිවී ඔබේ නිවස පිළිවෙළට තිබීමෙදී එය කෙතරම් අලංකාරද කියා. ඔබ කුමක් තෝරාගත්තත්, එය ඔබේ හිතට දැනෙන දෙයක් කරගන්න. ඇතැම් විට ඔබ නිවස පිළිවෙළ කරන්නේ හිතට පීඩාවක් ඇති වූ අවස්ථාවලදී. මක් නිසාද යත් පිළිවෙළට ඇති නිවස ඔබේ හිසේ බර නිදහස් කර, හිත නිස්කලංක කරන නිසා විය හැකියි.
ඉතා කුඩා දේවල්වලට පවා සැලසුමක් සකස් කරන්න. ඔබේ යතුරු තබන්නේ කොහෙද, මාරු කාසි, ඔබට අවශ්‍ය බිස්නස් කාඩ්පත්, තොප්පි, ෆෝන් චාජර්, අව් කණ්ණාඩි, බෙහෙත් හේත්, යතුරු කටු ආදි මේ සියලු දේ සඳහා ඉඩකඩක් ඔබ ලබා දෙනවා නම්, එය ඉතා පහසුවක්. එමෙන්ම එවැනි දෑ ඇති ඇසුරුම්, රාක්ක නම් කර ලේබල් ගසා තබන්නට හැකිනම් එය ඔබේ පවුලේ අනික් අයටත් පහසුවක් වේවි.
මෙය ඉතා වැදගත්. ඔබෙ නිවස පිළිවෙළට තබාගත හැකිවන්නේ ඔබ දිනපතා එය සිදු කරන්නේ නම් පමණයි. ඉක්මණින් නිවස පිළිවෙළ කිරීම ඔබේ පුරුද්දක් කරගැනීමෙන් මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැකියි. නිවස පිරිසිදු කිරීම ඔබේ දින චර්යාවේ අනිවාර්ය අංගයක් කරගන්න. සමහරවිට ඔබ ඒ වෙනුවෙන් වැය කළ යුත්තේ මිනිත්තු 15ක් හෝ 30ක් පමණක් වුවත්, නිවස හැඩි වීම ඉන් වැළකී යන අතර සති අන්තවලදී එම කාර්යය වෙනුවෙන් වැය කරන කාලය ද ඔබට ඉතිරි වනු ඇත. ඔබේ දුරකථනයේ ටයිමර් එක මිනිත්තු 15කට සකසා හැකි තරම් වේගයෙන් නිවසේ කාමරයෙන් කාමරයට ගොස්, බඩු භාණ්ඩ තිබිය යුතු තැන්වල තබා පිළිවෙළ කරන්න ඔබට හැකියි.
මෙහිදී මතක ලබා ගත යුතු කාරණය වන්නේ නිවස පිළිවෙළට තබා ගැනීම නිරන්තරයෙන් සිදු විය යුතු කාර්යයක් බවයි. එනම් දිනපතා එය සිදුකළ යුතු වීමයි. නමුත් ඉහත සරල කරුණු 3ට අනුව එය සිදුකිරීම හෝ කාලය වෙන්කරගැනීම ඉතා අපහසු කටයුත්තක් නොවේ. ඒ අනුව කටයුතු කළොත් නිස්කලංක නිවසක සුන්දරත්වය අත්විඳින්න ඔබටත් හැකි වේවි.
Leave feedback about this