Parent Pulse Blog සුව දිවිය මානසික සුව දිවිය කතන්දරවලින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වෙමුද?
මානසික සුව දිවිය සුව දිවිය

කතන්දරවලින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වෙමුද?

Story Telling Parent Pulse Article Featured Image

අම්මේ මට කතන්දරයක්……කියා ගෙන අම්මාගේ උකුලට ඇවිත් සැනහෙන දරුවන් අද නැත. අම්මා මුලුතැන්ගෙයි ලහි ලහියේ ආහාර පිසිනු ඇත. හැන්දෑ කලුවර ගලන වෙලාවට ගෙයි පිල මත හිඳ තරු පායන හැටි හඳ නැග ගෙන එන හැටි දැක දැක අත්තම්මාගෙන් කතන්දර අහන්න දරුවන්ට කාලය නැත. දරුවන් නිවසට එන්නේද හඳපාන සමගින්ය . අත්තම්මාට වෙලාවක් කලාවක් තිබුනද කතාන්දර කිමට වඩා රසවත් වු ටෙලිනාට්‍ය නරඹන්න අවශ්‍යය. එසේ නොබැලුවොත් වේල් තුන හතරක් ආහාර නොමැතිව සිටියා සේ හිස් බවක් ඔවුන්ට දැනෙනු ඇත.

ඉතිං ඊට පස්සේ

ඔන්න….එකමත් එක රටක හිටියා යැයි කතන්දර ආරම්භ කරන විට දරුවන් ඇස් කන් යොමා ගෙන අසා සිටියේ මුල සිට අග දක්වා වු කුතුහලයෙන්ය . සිදු වෙන දේ ගැන සාවධානයෙන් අසා සිටියහ. මේ නිසා දරුවන්ගේ සිත තුළ වුයේ ඒකාග්‍රතාවයකි. අද දරුවන්ට නොමැත්තේද එයයි. පාඩම් කටයුතුවලදි වුව ඔවුන්ට මේවා ධාරණය කර ගත් නොහැකි වන්නේ අවදානයෙන් අසන්නට වු හුරු පුරුදු ඔවුන් තුළ නොමැති නිසාය. නමුත් බාල කාලයේ පටන්ම කතාන්දර අහන දරුවා තුළ අවධානය පිලිබඳව වු හුරු පුරුදු ඉබේටම ගොඩ නැගෙනු ඇත.

ඉතිං ඒ පුංචි කුමාරයාට මෙහෙ කරන්න තිබුනා නේද?

කතන්දරයට අවදානයෙන් සහ කුතුහලයෙන් අසා සිටින විට ඉතිං ඒ පුංචි කුමාරයාට මෙහෙම කරන්න තිබුනා නේද? අත්තම්මේ යැයි කතාන්දරයට ඌන පුරණය කළහ. එයින් පෙනෙන්නේ දරුවා කතන්දරය සමග කෙතරම් බන්ධනයකින් සිටියේද යන්නයි. ඒ අතරම දරුවාගේ සිත තුළ නිර්මාණශිලි චින්තනය ඉබේටම අවදි වෙනු ඇත. යමක් සිතන්නට මෙන්ම යමක් රසවත් ලෙසින් ගොඩ නැගිමේ හැකියාව දරුවන්ට නිපුණ වෙනු ඇත. නිර්මාණශිලිත්වය දරුවන්ට එන්නත් කළ නොහැක. එය දරුවා වෙතින්ම ගොඩ නැගිය යුතු තත්වයකි. එක රැයකින් බිහි කළ හැකි ඉන්ද්‍රජාලික බලයක්ද නොවේ. මේ නිසා දරුවා වෙනුවෙන් කතාන්දර කියන්නට මව්පිය පරම්පරාව ගෙවන කාලය කිසිදු අපතේ යැමක් ලෙස සැලකිය යුතු නැත.

මමත් ආසයි ඒ පුංචි කුමාරි වගේ ලොකු වැඩ කරන්න

කතාන්දරයක් අසා සිටින දරුවා එයින් බොහෝ දේ ඉගෙන ගනු ඇත. දරුවා තුළ පුර්වාදර්ශ චරිත ගොඩ නැගෙනු ඇත. මෙහෙම කරන්න. මෙහෙම හැසිරෙන්න කියමින් අවවාදානුශාසනා නීරස වුවද සාම කුමාරයා දරුවාට ආභරණයකි. එවන් චරිත තුලින් දරුවා සංවර්ධනය ලබනු ඇත.

කතාන්දර කලාව සමග අපෙ අත්තම්මලා සම්බන්ධ වුනේ පර්යේෂණ ඇසුරෙන් ලබා ගත් ප්‍රතිඵල ගැන දැන ගෙන නොවේ. නමුත් මෑතදි සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ කතාන්දර මගින් දරුවාගේ අධ්‍යාපනයට 87% කින් පිටුවවහලක් ලැබෙන බවයි. මේ නිසා අද ලෝකය පුරා දරුවන්ට කතාන්දර කියා දිම ගැන ප්‍රශංසනාත්මක ලෙසින් කතා බහ කරති. එහෙත් ඒ වෙනුවෙන් කාර්ය බහුලත්වය විසින් කාලය උදුරා ගෙන ඇතැයි මව්පියන් චෝදනා කරයි. දරුවන්ද කැටුව ගෙට ගොඩ වෙන අම්මලා තාත්තලාට දවසේ කටයුතු සමග දරුවන් සමග විවේකය ගත කරන්නට අවස්තාවක් නොමැති නිසාම මේවා තමන් වෙතින් ඉවත්ව ඇතැයි ඔවුන් සඳහන් කරති. එහෙත් 13 % ක් ප්‍රකාශ කලේ ඔවුන් සතියකට එක් දිනයක්වත් දරුවන්ට කාන්දරයක් කියා දිමට උනන්දුවක් දක්වන බවයි. දැනට පරම්පරා දෙක තුනකට පෙරාතුව මව්පියන්ගේ දවසේ අවසාන කටයුත්ත වුනේ දරුවා නිදා ගන්නා තෙක් කතාන්දරයක් කීමයි.

ඒත්…. අද වෙන විට මේ කතාන්දර සහ මව්පිය දු දරුවන් අතර සම්බන්ධතාවය ගිලිහි ඇත්තේ සමාජ රටාවේ සිදුව තිබෙන විපර්යාසයන් නිසා බව මෙම සමික්ෂණය පෙන්වා දි ඇත. අතීතයේ නොතිබුන තරම් වු සන්නිවේදන ජාලයන් සහ විවේකය විනෝදය මුසු මාධ්‍ය සුලබ විම මේ තත්වයට හේතු වි ඇත. මව්පියන් දුරකථන ජාලයේ සහ රූපවාහිනියේ පැටලි ඇත. දරුවන් අන්තර්ජාලයේ සහ පරිගණක ක්‍රිඩාවන් අතර සැරිසරයි. මේ අතරමැදට කතාන්දර කියන හෝ ඒවාට ඇහුම්කන් දෙන පිරිසක් ද අද නැත.


සටහන

පුන්‍යා චාන්දනි ද සිල්වා

Exit mobile version