අපි, අපේ ආහාර වේලට බොහොමයක් ස්වභාවික කුළුබඩු ඒක්කරගන්නවා. ඒ රස, සුවඳ ගැන හිතලා වුවත් ඒවායින් අපේ සිරුරිට ඒක්කරන ගුණාත්මක බව ගැන හරි දැනුමක් ඇතිව නම් නොවේ. අන්න ඒ නිසාම මේ ලිපිය තුළින් අපි අපේ ආහාරයට ඒක් කරගන්නා ඒ කුළුබඩු ගුණ ගැන කතා කරන්න තීරණය කළා.
ආහාර පිසීමේදී කුළු බඩුවක් ලෙස පාවිච්චි කරන කහ, ශරීරයේ උෂ්ණාධික බව සමනය කරන අතර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද සමන්විතයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණයටත් ආහාර ජීර්ණයටත් ඉතා හිතකර වන කහ කොලස්ට්‍රෝල්, රුධිරයේ සීනි මට්ටම, පිළිකා සහ ආතරයිටීන් තත්ත්වයන්ට යහපත් බලපැමක් ඇති කරවන අතර සමෙහි සහ අක්මාවෙහි පැවැත්මටද හිතකර වෙයි. මෙය වසර දහස් ගණනක පටන් ආයුර්වේද වෙදකමෙහි සහ චීන වෙදකම්වලදී පාවිච්චි කරන ස්වභාවික ඖෂධයකි.
කහ,
- පියයුරු පිළිකාවල අවධානම අඩු කරන අතර සමහර ලියුකේමියා තත්ත්වවලදී පිළිකා සෛල ඇතිවීම වළකාලයි.
- ඔස්ටියෝ ආතරයිටිස් සහ රුමැටොයිඩ් ආතරයිටිස්වලට ප්‍රතිකාර කිරීමට සුදුසු ඖෂධයකි. වේදනා නසයි.
- ඉන්සියුලින් තත්ත්වයන් පාලනය කරමින් රුධිරයේ සීනි මට්ටම අඩුකිරීමට උපකාරී වන නිසා දෙවන කණ්ඩයේ දියවැඩියාව සඳහා යහපත් බලපෑම් ඇති කිරයි.
- විෂබීජ නාෂක ගුණය ඇති නිසා සමෙහි ඇති වූ කැපීම්, සිරීම් මත ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබාගත හැකි වේ.
- අමාශය වෙත පිත මුදා හැරීම වේගවත් කිරීමේ හැකියාව ඇති නිසා ආහාර ජීර්ණය කාර්යක්‍ෂම කරයි.
- ආමාශයේ පැවතිය හැකි අහිතකර ද්‍රව්‍ය (විෂ) ඉවත් කරයි.
- ආහාර දිරවීමේ ක්‍රියාවලිය වේගවත් කරන නිසා අනවශ්‍ය මේදය තැන්පත් වීම වළකා තරබාරු බවින් මුදවයි.
- රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම අඩු කරයි.
- බැක්ටීරියා නාශකයක් ප්‍රතිවෛරසයක් හා දිලීර නාශයක් ලෙස ක්‍රියා කරමින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය දියුණු කරයි.
කෑම පිසීමේදී කුළු බඩුවක් ලෙස පාවිච්චි කරන කුරුඳු පොතු කෑම රුචිය වඩවන අපූරු සුවඳක් සහිතයි. කුරුදු ගසේ පොත්ත ලෙස ලබාගන්නා මෙහි ඇති ඖෂධීය වටිනාකමද ඉතා ඉහළ අගයක් ගනී. ඈත අවධියේ පටන් චීන වෙදකමෙහිද ඉතා අනර්ඝ ඖෂධයක් ලෙස කුරුඳු භාවිත කර ඇති අතර ආහාර නොදිරවීම මාංශ පේශීවල ඇතිවන ගැටලු ප්‍රතිශ්‍යාව ආදී අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා භාවිත කර තිබේ.
කුරුඳු,
- දෙවන කාණ්ඩයේ දියවැඩියාව පාලනය සදහා නිවසේදී භාවිත කළ හැකිය.
- බැක්ටීරියා නාශක ගුණයෙන් අනූන නිසා කුස තුළ ඇති විය හැකි ක්ෂුද්‍ර ජීවී (අහිතකර) ක්‍රියාකාරීත්වයට එරෙහිව සටන් කළ හැකිය. මෙහිදී කුරුදු, තේ, කුරුදු තෙල් හා කුරුදු කුඩු පාවිච්චිය වැදගත් ය.
- පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇති නිසා පිළිකා අවදානම අඩු කරන අතර ආමාශය ආශ්‍රිතව ඇතිවිය හැකි ගැටලු අවම කරයි.
- අස්ථි, රුධිරය හා අනෙකුත් පටක වර්ධනයට උපකාරී වන බැවින් පෝෂණ ඌණතා නිසා ඇතිවන ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ත්ව ඇතිවීම වළකයි. ආතරයිටිස් තත්ත්වයන්ගෙන් වේදනා විඳින රෝගීන්ට කුරුඳු තේ පානය කිරීම මෙන්ම කුරුඳු තෙල්වලින් හන්දි සම්බාහනය කිරීමෙන් ද සහනය ළගා කරගත හැක.
- සමෙහි පටන් අනෙකුත් සියලු ඉන්ද්‍රියන්හට අලුත්වැඩියාව සලසන ප්‍රතිඔක්සිකාරක අතර ප්‍රමුඛත්වය ගනී.
- මතකය හා අවධානය දියුණු කරයි.
- රුධිර ගමනාගමනය වේගවත් හා කාර්යක්‍ෂම කරමින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාර කරන නිසා තරබාරු බවින් මුදවයි.
- දත් හා විදුරුමස් ආශ්‍රිතව ඇතිවන ගැටලු මෙන්ම ප්‍රතිශ්‍යාව හා ඒ සමග ඇතිවන අපහසුතා, මාංශ පේශීන්ගේ වේදනාවන්, හිසරදය, කාන්තාවන්ගේ ඔසප් වීම සමග ඇතිවන ගැටලු, මදසරුභාවය, ආහාර විෂවීම, රුධිරයේ කොලස්ට්‍රෝල් වැඩිවීම ආදී ගැටලු රැසකට සහනය ළගා කර දෙන අතර දිලීර නාශකයක් ලෙසද ක්‍රියා කරයි.
මිල අධිකතම මෙන්ම අනර්ඝතම කුළු බඩුවක් ලෙස හැදින්විය හැකි මෙය කුංකුම නමින් රූපලාවන්‍යයේදී හැදින්වෙයි. මෙහි ඇති විශේෂිත පැහැය, රසය මෙන්ම සුවිශේෂී ගුණය නිසා ලෝකයේ විශේෂිතම ඖෂධීය ගුණයෙන් යුත් රසකාරක ද්‍රව්‍යයක් ලෙස ද පිළිගැනෙයි.
කුංකුම,
- විෂාද තත්ත්වයන් දුරලයි.
- ආහාර ජීර්ණය පහසු කරයි.
- පොටෑසියම් අන්තර්ගත නිසා සෛල අලුත්වැඩියාවට හිතරකයි.
- රුධිර ගමනාගමන වේගයට හිතකර බලපෑම් එල්ල කරන අතර හෘද රෝග අවධානම අඩු කරයි.
- ඔසප් වීම හා ඇතිවන අසහනකාරී තත්ත්වයන් සුවපත් කරයි.
- සෙම හා හතිය සම්බන්ධ අපහසුතා දුරු කරයි.
- නින්ද නොයෑම මග හරවා සුවපහසු නින්දක් ලබාදෙයි. (කිරි වීදුරුවකට සැෆ්රන් මද ප්‍රමාණයක් එකතු කොට නින්දට පෙර බීමෙන් සුවපහසු නින්දක් ලැබෙන බව පැවසේ)
- සැෆ්රන් පාවිච්චියෙන් වීදුරුමස්වල ඇතිවන ගැටලු මෙන්ම දිව හා මුඛය ආශ්‍රිතව ඇතිවන ගැටලුවලින් මිදිය හැකිය.
- පෙනීම දියුණු කරයි.
- ආතරයිටිස් තත්ත්වයන් හා ඒ හා නැගෙන වේදනාවන් සමනය කරයි.
- බඩ දැවිල්ල මග හරවයි.
- පිළිකා අවදානම අඩු කරයි.
- කොලස්ට්‍රෝල් පාලනය කරයි.
- මතක ශක්තිය වර්ධනය කරයි.
- උණ පාලනය කරයි.
Leave feedback about this