ඔක්තෝබර් 24, 2025
Alovera Article Parent Pulse Featured Image
විශේෂී ලිපි

කෝමාරිකා ගැන ඔබ නොදත් කරුණු 13ක්

ලිලී වර්ගයට අයත් කොමාරිකා ශාකය බාහිරව ආලේප කිරීමට මෙන්ම ඖෂධයක් ලෙසද පාවිච්චි කළ හැකි ඉතා අපූර්ව ශාකයකි. අවුරුදු 5000 ක පමණ ඉතිහාසයක පටන් මිනිසා පරිභෝජනය කරන මෙම ශාකය විටමින්, ඛනිජ, ඇමයිනෝ අම්ල හා එන්සයිම වැනි ක්‍රියාකාරී සංඝටක 200 කින් පමණ සමන්විතය.

  1. කැල්සියම් – මැග්නීසියම් – සින්ක් – සෙලිනියම් – සෝඩියම් – යකඩ – පොටෑසියම් – කොපර් හා මැංගනීස් මෙන්ම විටමින් A, C, E, ෆෝලික් අම්ලය, B1, B2, B3, B6, විටමින් B12 සහිතයි.
  2. මිනිස් සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග 08 අතරින් සියලුම වර්ග ද අනෙකුත් වර්ග 18 -20 අතර ප්‍රමාණයක්ද සතුය.
  3. රුධිරයෙහි මේද අඩු කරන ආසත්මිකතා අඩු කරන අම්ල වර්ග අඩංගුය.
  4. ශරීරයට බාහිරව ඇතිවන අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමේ හැකියාව වැඩි කරයි.
  5. ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත් කරන අතර අහිතකර බැක්ටීරියා හා පණුවන් මර්දනය කරයි. මල බද්ධය දුරු කරයි.
  6. අනෙකුත් මුහුදු පැලෑටි මෙන්ම කෝමාරිකා ආහාරයට ගැනීම මගින් ශරීරයේ විෂ ඉවත්වීම නිසා පිරිසිදු භාවයට පත් වේ.
  7. හෘද රෝග අවධානම අඩු කරයි.
  8. සුදු රුධිරාණු ක්‍රියාකාරීත්වයට හිතකර බලපෑම් එල්ල කරමින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරයි.
  9. පිළිස්සීම සිරීම් හා චර්ම රෝග සුවපත් කිරීමට සම මතුපිට ආලේප කළ හැකි අතර වේදනා සමනය කරයි.
  10. සමෙහි නම්‍යශීලී බව වර්ධනය කරන අතර රුධිර ගමනාගමනය යහපත් කරමින් සමෙහි සෞම්‍ය බව පෙන්වයි.
  11. විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරයි
  12. හන්දි වල ඇතිවන ඉදිමුම් තද ගතිය හා වේදනා සමනය කරයි.
  13. මෙය ඖෂධීය පැලෑටියක් නිසා දිනපතා පාවිච්චිය හෝ අධික භාවිතය ශරීරයට අහිතකර විය හැකියි.

Leave feedback about this

  • Quality