නිසි කලට මාතෘ සායනයට ලියාපදිංචිය, සහභාගී වීම හා සායනවලට සහභාගී වීම හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍යය වේ ඉතා වැදගත් වේ.
ගර්භනී සමය තුළ සතුට, ශාරීරික හා මානසික සෞඛ්‍ය, නිසි පෝෂණය, රැකවරණය හා සූදානම ඉතා වැදගත් වේ.
දරුවෙකු කුස තුළ පිළිසිඳ ගැනීම කාන්තාවගේ ජීවිතයේ ලබාගත හැකි සොඳුරු අත්දැකීම් වලින් එකක් වෙයි
ගර්භනී කාලසීමාව තුළ කිරිකැටියකු කුස තුළ දරාගෙන සිටින බැවින් ඉතා සතුටින් පිරි දින වකවානුවක් වනු ඇත
මෙම කාලය තුළ ඇය වෙත පවුලේ උදවිය නෑහිත මිතුරන් මෙන්ම අසල්වැසියන්ද වැඩි අවධානයක් යොමු කළ යුතුය
සෞඛ්‍ය ආරක්ෂාව
නිසි කලට මාතෘ සායනයට ලියාපදිංචිය සහභාගී වීම හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වේ
නියමිත එන්නත්, යකඩ, විටමින් සී, ෆෝලික් අම්ලය, කැල්සියම් වැනි නිර්දේශ කරනු ලබන පෙති නොකඩවා ගැනීම
ඔබ ඉදිරියේදීත් ලැබීමට යන මව්පදවිය ගැන සතුටු වන්න. එයට අවශ්‍ය කායික මානසික ශක්තින් ආත්ම විශ්වාසයත් ඔබ තුළින්ම ගොඩනගා ගැනීම
දරු උපත අනිවාර්යයෙන්ම රෝහලකදී සිදු කිරීමට සැලසුම් කර ගැනීම
ගර්භනී කාලයේ ශාරීරික පිරිසිදුකම ඉතා හොඳින් පවත්වා ගැනීම වැදගත්ය. නෑම, ඇඟ සේදීමථ පිරිසිදු ඇඳුම් ඇඳීම ඉතා වැදගත්ය
පෝෂණය
නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරුවෙකු ලැබීම සඳහා මව පෝෂදායි ආහාර ලබා ගත යුතුය
නිරක්තියෙන් මිදීම සඳහා සුදුසු ආහාර වර්ග ගැනීම
කුස තුළ වැඩෙන බිළිඳාගේ මනා සංවර්ධනයට පෝෂණය රැකෙන සමබර ආහාර වේලක් ලබාගැනීම
අඩු බර සහිත දරුවන් බිහිවීම මෙයින් වැළකේ.
සතුටුදායක උපත් බරකින් (ග්‍රෑම් 2500ට වැඩි) බිලිඳාගේ ජීවිතයට සෞඛ්‍යමත් ආරම්භයක් ලැබෙයි
සැමියා හා පවුලේ අනෙකුත් අය ගර්භනී මවට සුදුසු අතිරේක පෝෂ්‍යදායි ආහාර හා ආරක්ෂාව ලබාදීම හොඳ දරු උපතකට මග පාදයි.
මුල් කාලයේදී ශාරීරික අපහසුතා තිබුනද සුළු ප්‍රමාණ ලෙසින් වැඩි වාර ගණනක් ආහාර ගැනීම
.
ආහාර
පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීම නිසි ලෙස සිදුවෙන ආයුරින් ආහාර පිසීමට හා කෑමට ගැනීමේ පුරුදුහුරුවීම
නිතර අලුත් පලතුරු කෑමට හුරුවීම
උදාහරණ – නෙල්ලි, පේර, දිවුල්, ගස්ලබු, අඹ
අලුත් එළවළු, පලාවර්ග, පියලි සහිත ඇට වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගන්න
තන්තු සහිත නොපාහින ලද ධන්‍ය හෝ ඒවායින් සෑදූ ආහාර ගැනීම වැදගත් වේ.
හැකි සෑම විටම මස්, මාළු, බිත්තර, හාල් මැස්සන්, සෝයා, මුං ඇට, කඩල වැනි දේ ආහාරයට එකතු කර ගැනීම
ආහාර වේලකට පෙර පැයක් හා පසු පැයක් ච තේ බීමෙන් වැළකීම මගින් ආහාරවල ඇති යකඩ අවශෝෂණය හොඳින් සිදුවේ
ප්‍රමාණවත් ජලය පානය කිරීමද ඉතා වැදගත්ය
කායික හා මානසික විවේකය
ගර්භනී මව ලබන කායික විවේකයත් මානසික සුවයක් දරුවාගේ නිරෝගී වර්ධනයට බලපායි
එදිනෙදා ගෙදර දොර සාමාන්‍ය වැඩවල යෙදීම හා සුදුසු ව්‍යායම්වල යෙදීම
කය අධිකව වෙහෙසන වැඩ වලින් වැළකීම
ප්‍රමාණවත් විවේකය හා නින
නිතරම ප්‍රීතිමත්ව කාලය ගත කිරීම
කේන්තිය, නපුරු සිතුවිලි වලින් ඈත්වීම
ඔබේ විවේකයේදී විවිධ පොත්පත් හා ඔබට සායනයෙන් ලැබෙන අත්පත්‍රිකා පොත් පිංච ආදිය කියවා දැනුවත් වීම
පවුලේ සැමගේ සමීප ආදර සබඳතා
කුස තුළ දරුවෙකු පිළිසිඳ ගැනීම පිළිබඳ අඹු සැමියන් කතාබහ කරන්න
සැමියාගේ සහාය හා සතුට ගර්භනියට ශක්තියකි. ඒ ගැන සැමියාට වටහා දීම වැදගත්ය
සැමියා බිරිඳ පෙරදීමෙන් එකිනෙකාට ආදර හැඟීම් පෙන්වන්න
දෙදෙනා අතර මනා අවබෝධය හා කැපවීම දුක සැප බෙදා ගැනීඹ අවශ්‍ය වේ
වෙහෙස අඩු ගමන් බිමන් යැමෙන් ප්‍රීතිය ගෙන දේ
එදිනෙදා විනෝදය, සතුටු සාමීචියේ යෙදීම, විහිළු තහලුවල යෙදීම ගර්භනියට සතුටක් ගෙනෙයි
පවුලට අලුතින් එකතුවන අමුත්තා
කුස තුළ බිලිඳා හා කතාබහ කරන්න හා සතුටු හැඟීම් ඇති කරගන්න
ඝෝෂාකාරී නොවන සංගීතයට සවන් දෙන්න
වැඩිමල් දරුවන් ඇතොත් ඔවුන් හා සතුටින් දරුවා ගැන කතා කරන්න. වැඩිමහල් දරුවන්ට වෙනසක් නොකර නොකඩවා ආදරයය කරන්න
සැමියා හා පවුලේ අයගේ සහයෝගයෙන් සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇති කිරීමට ගෙදර හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න
දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම් බඩු බාහිරාදිය සැමියා හා පවුලේ අය සමඟ එකතු වී සූදානම් කරගන්න
