Parent Pulse Blog විශේෂී ලිපි රටේ පෝෂණය නංවාලීමට වෙහෙසෙන SUN PF ගැන ඔබ දන්නවාද?
විශේෂී ලිපි

රටේ පෝෂණය නංවාලීමට වෙහෙසෙන SUN PF ගැන ඔබ දන්නවාද?

Sun PF Sri Lanka Introduction Banner

පෝෂණය ඉහළ නැංවීමේ මහජන සංසදය (Scaling up Nutrition People’s Forum) (SUN) 2010 වසරේදී පිහිටු වනු ලැබූ සියලුම මිනිසුන්ට ආහාර හා හොඳ පෝෂණයක් ලැබීම සඳහා අයිතියක් ඇත යන්න මූලධර්මය කරගත් සුවිශේෂී ගෝලීය සංවිධානයකි. සියලුම ආකාරයේ මන්ද පෝෂණ තත්ත්වයන් තුරන් කිරීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගයෙන් නව ක්‍රමවේදයක් එයින් ඉදිරිපත් කර ඇත.
එය රටවල්වල රජයේ ප්‍රධානත්වය යටතේ, සිවිල් සමාජ සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආධාර සපයන ආයතන, ව්‍යාපාරිකයන් හා පර්යේෂකයන් සමග පෝෂණය වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන සාමූහික උත්සාහයකි.

(SUN) සිවිල් සමාජ ජාලය යනු ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විවිධ කෙෂ්ත්‍රයන්හි ක්‍රියාකාරීත්වය දරන සංවිධානවල එකමුතුවකි. එනම් කාන්තාවන් බලගැන්වීම සඳහා වන සංවිධාන,මානුෂීය ආධාර සපයන ආයතන, විවිධ වෘත්තිකයන්ගේ සමිති, ගොවි සංවිධාන, මානව ක්‍රියාකාරීන්ගේ සංවිධාන, පර්යේෂක සහ පාරිභෝගිකයන් වැනි වෙනත් විවිධ බහුආංශිකව ක්‍රියාත්මක වන සංවිධානවලින් සමන්විත වේ.
පෝෂණය නංවාලීම සඳහා දායක වන ශක්තිමත් සිවිල් සමාජ සංවිධාන ජාලයක් ගොඩනැගීමට අනුබල දීම SUN CSN හි කාර්යය වේ. එවැනි සිවිල් සමාජ සංධාන ලෝකයේ රටවල් 49ක මේ වන විට පිහිටුවා ඇත.

SUN CSN හි මූලික අරමුණ වන්නේ දිගුකාලීනව පවත්වාගෙන යනුු ලබන ඵලදායී, කාර්යක්ෂම, බලපෑම් ඇති කිරීමට හැකි විශ්වසනීය හා ශක්තිමත් ජාතික මට්ටමේ සිවිල් සමාජ සංධාන (CSAs) රටවල් තුළ ගොඩ නැගීමට හා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.

SUN ශ්‍රී ලංකා සිවිල් සමාජ සංසදය, ජාතික/ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, දිස්ත්‍රික්ක/ප්‍රාදේශීය මට්ටමේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සංවිධාන සහ පෝෂණය නංවාලන වැඩසටහන් හරහා ක්‍රියාකාරීව සම්බන්ධ වන පුද්ගලයන්ගෙන් සමන්විතය.

SUN ශ්‍රී ලංකා සිවිල් සමාජ සංසදය, 2014 දී පිහිටුවන ලදී. එය ලියාපදිංචි සහ ස්වාධීන සංවිධානයකි. (GL 2301) සමාගම් පණත (2007 අංක 7)
රටෙහි ජනතාවගේ පෝෂණ තත්ත්වය තිරසාර ලෙස වැඩිදියුණු කිරීම සඳහා දායක වන ඵලදායී, ශක්තිමත් හා හොඳින් සම්බන්ධීකරණය කරන ලද සිවිල් සමාජ ජාලයක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

Scaling Up Nutrition (SUN) සංවිධානයේ අපේ දැක්ම

සියලු ආකාරයේ මන්දපෝෂණය තත්ත්වයන්ගෙන් තොර ලොවකි

Scaling Up Nutrition (SUN) සංවිධානෙයේ අපේ මෙහෙවර

රටේ පෝෂණය නංවාලීමට සහ ජාතික හා ගෝලීය ඉලක්ක කරා ළඟා වීමටත් ගුණාත්මක හා වඩාත් සුදුසු උපකරණ හා ක්‍රියාමාර්ග සැලසීමයි.

Scaling Up Nutrition (SUN) සංවිධානයේ අපේ ඉලක්කය

ජාතික හා දිස්ත්‍රික්ක මට්ටමින් රටෙහි පෝෂණ මැදිහත් වීම් වෙනුවෙන් පෙනී සිටීම, උද්දේෂණය, නියාමනයට දායක වීම හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා බහුවාංශික සිවිල් සමාජ සංවිධානයක් පවත්වාගෙන යාම

  • පෝෂණය හා සම්බන්ධ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ට වගවීම සඳහා බලපෑම් කිරීමට පාර්ශ්වකරුවන් බලමුළු ගැන්වීම
  • සුදුසු ඉගෙනුම් ක්‍රියාවලීන් හරහා පෝෂණ ප්‍රතිපත්ති හා ඒවායේ භාවිතයන් පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ ධාරිතාවය වැඩි දියුණු කිරීම
  • විවිධ පාර්ශ්වකරුවන් සහ සිවිල් සමාජ සංවිධාන පෝෂණය, ස්ත්‍රී පුරුෂභාවය, ආහාර සුරක්ෂිතතාවය, උපදේශනය සහ පාලන කටයුතු පිළිබඳව බහු ආශික ප්‍රවේශයකින් ප්‍රජාව වෙත සමීප වීමට සිදු කරන මැදිහත් වීම් සක්‍රිය කිරීමටකටයුතු කිරීම
  • SUN සිවිල් සමාජ ජාලයේ මෙහෙයුම් සහ තිරසාර බව ශක්තිමත් කිරීම
  • සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ සංශෝධනය කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන යෙදුම් සහ නිර්දේශ ලබාදීම
  • ජාතික පෝෂණ ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් පෝෂණය පිළිබඳ බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට දායක වීම.
  • මන්දපෝෂණය සහ බෝ නොවන රෝගවලට එරෙහිව සටන් කළ හැකි නියෝජිතයින් හඳුනා ගැනීම සහ පුහුණු කිරීම සඳහා රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන්, කාන්තාවන් සහ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම.
  • ජාතික පෝෂණ මාසය, ජාත්‍යන්තර කාන්තා දිනය, ලෝක ආහාර දිනය සහ ලෝක මව්කිරි දීමේ සතිය වැනි විශේෂ අවස්ථාවන්හිදී පෝෂණ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • කොවිඩ් 19 කාල සීමාව තුළ නිසි පෝෂණයේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා උපදේශනය ලබා දීම.
  • සිවිල් සමාජ සංවිධාන සහ වෙනත් සංවිධාන සමඟ එක්ව අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් පෝෂණ වැඩසටහන් සහ ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පෝෂණය පිළිබඳව පණිවිඩ සමාජගත කිරීම සඳහා විවිධ අත් පත්‍රිකා, පොත් පිංච සහ වීඩියෝ දර්ශන නිෂ්පාදනය (මෙහිදී පණිවිඩවල සඵලතාවය වැඩි කිරීමට ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගැනීම) කිරීම.
  • සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින්ගේ ධාරිතාව ඉහළ නැංවීම සහ පෝෂණය ඉහළ නැංවීම සඳහා වන මැදිහත් වීම් වෙනුවෙන් බහු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය තහවුරු කිරීම වෙනුවෙන් සාකච්ඡා වැඩසටහන්, රැස්වීම් සහ වැඩමුළු සංවිධානය කිරීම.

පෝෂණය ඉහළ නැංවීමේ මහජන සංසදය (Scaling up Nutrition People’s Forum) සමගින් Parentpulse අපි අත්වැල් බැදගන්නේ කුසගින්නෙන් සහ මන්දපෝෂණයෙන් තොර ලොවක් වෙනුවෙන් සියල්ලන්ම දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි.


අපව සම්බන්ධ කර ගැනීමට ඔබට අවශ්‍ය නම්
076-4700868
sun.pfsl@gmail.com
https://suncsasrilanka.org/
120/A, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07, ශ්‍රී ලංකාව.

Exit mobile version