ගර්භාෂය විශාල වීම හෝ හෝමෝන වෙනස්වීම නිසා ගර්භණී සමයේදී කොණ්දේ වේදනාවක් ඇති වන බවට ඔබ සිතනවා විය හැකියි. ගැබිනි සමයේ විශාල වන ගර්භාෂය හේතුවෙන් ගැබිනි මවකට නිවැරදිව ඍජුව සිට ගැනීමට නොහැකි අතරම පහසුවෙන් සිට ගැනීම සඳහා සැමවිටම උදරය ඉදිරියට දමා සිට ගනී. ගැබිනි සමයේ කොණ්දේ වේදනාවට හේතුවන එක් කරුණක් වන්නේ එයයි. තවද වෙනදාට වඩා වැඩි බරක් ඉසිලීමට සිදු වේ. මෙම වැඩි බර ඔබේ ෂේශි වලටද අමතර වෙහෙසක් ඇති කරයි. ඔබ උසුලා සිටින සන්ධි වලටද එම වේදනාව දැනේ.
ගර්භනී සමයේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා ශ්‍රෝණි අස්ථි, බන්ධනී ඉහිල් වේ. මෙම අස්ථි සහ බන්ධනී කශේරුකාවට සම්බන්ධ වී ඇත. මෙම හේතු නිසා ඔබ ඇවිදින විට, සිටගෙන සිටින විට, බොහෝ වේලාවක් ඉදගෙන සිටින විට, ඇදේ හැරෙන විට, උස අඩු පුටුවකින් නැගිටින විට, නැමෙන විට, යම් දෙයක් ඔසවන විට ඔබට මෙම වේදනාව දැනේ. ගැබිනි සමයේ අඟ භාගයේ දී මෙම අපහසුතා වැඩි විය හැකිය.
ගර්භණීතාවය වර්ධනය වීමත් සමගම අපහසුතාද ක්‍රමක්‍රමයෙන් වැඩිවේ. නමුත් ඔබට දැනුම් දිය හැකි සතුටුදායක පණිවිඩය වන්නේ පූර්ව ප්‍රසව සමයේ ඇති වූ මෙම පිට කොන්දේ වේදනාව දරු ප්‍රසූතියෙන් ටික දිනකට පසු පහව යන බවයි.
කටී කශේරුකා පෙදෙසේ මෙන්ම ඊට පහළ කොටසේද වේදනාව ඇති විය හැකිය. ගර්භණී තත්ත්වයට පත්වීමට පෙරද මෙසේ කටී කශේරුකා පෙදෙසේ වේදනාව දැනෙන අතරම මෙය ඉනට ඉහළින් වක්‍රාකාර ලෙස ඉන පෙදෙසෙන් ඔබ්බට විහිදී යයි. මෙම වේදනව දෙපා දක්වා විහිදී යන ලෙස ඔබට දැනෙන අතරම බොහෝ වේලාවක් සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, බරක් ඉසිලීම නිසා වේදනාව වැඩි විය හැකිය. බොහොමයක් ගර්භණී මව්වරුන් මේ තත්ත්වයට මුහුණ දෙනු ඇත. එසේම ඇවිදීමේ දී පඩිපෙළ නැගීමේ දී පුටුවක ඉඳගැනීමේදී නැගිටීමේදී ඇඳේ එහා මෙහා හැරීමේදී නැමීමේදී බරක් ඉසිලීමේදී මෙම වේදනාව දැනීම වැඩි වේ.
ගැබිනි සමයේදී සයිටිකා යන වේදනාව ඇතිවන්නේ ඉතා කලාතුරකිනි. මෙම තත්ත්වය උද්ගත වන්නේ ගර්භණී මව්වරුන්ගෙන් 1% කට පමණි. මෙසේ සයිටිකා තත්ත්වයක් ඇති වූ විට දෙපා දිගේ ඇතිවන වේදනාව ඉතා අධිකය. පිට කොන්දේ වේදනාවට වඩා දැනෙන්නේ දෙපාවල ඇති වන වේදනාවයි. ඔබට පාදයේ සංවේදන නොදැනේ නම් පාදවල දුර්වල බවක් දැනේ නම් ඉකිළි ප්‍රදේශයේ ගුදයේ මුත්‍රාශයේ සංවේදනය නොදැනේ නම් ඉබේ මුත්‍රා පහවන්නේ නම් වහාම ඔබගේ වෛද්‍යවරයාට දැනුම් දෙන්න.
- පෙර ගර්භනී සමයේ දී පිට කොන්දේ වේදනාව වැළදුණු මව්වරුන්ට
- ඉතා විවේකී ජීවිත ගත කරන ගර්භණී මව්වරුන්ට
- නිවුන් දරුවන් හෝ ඊට වැඩි දරුවන් ගණනක් කුස දරා සිටින මව්වරුන්ට
- ගර්භණී භාවය සහ අධික තරබාරු බව
- යෝග ව්‍යායාම
- පිහිනිම (උදර කශේරුකා අවට ඇති පේෂි ශක්තිමත් කරයි)
- තවත් කෙනෙකුගේ ආධාරය ඇතිව දියේ පාවෙමින් කරන ව්‍යායාම (මානසික සුවය සඳහා ද වැදගත් වන අතරම දියේ කෙරෙන ව්‍යායාමය මගින් පිට කොන්දේ වේදනාව අවම වේ)
- ඇවිදීම
- උඩු අතට නිදාගැනීම නොගැනීම
- එක් වරම ඇඳෙන් නොනැගිටීම
- ශරීරයට අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදීම
- ඉඳගෙන සිටින විටද පිට ඍජුව තබා ගැනීම
- කකුල් දෙක තබා ගැනීමට කුඩා බංකුවක් තබා ගැනීඹ
- වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකීම
- සැමවිටම නිවැරදි ඉරියව් පවත්වා ගැනීම
- උස් අඩි පාවහන් නොපැළදීම (ඇද වැටීමට, කොණ්දේ වේදනාවට හේතු විය හැකි නිසා)
- සුදුසු බරක් ඔසවා ගැනීමේදී පවා පහළට නැමෙන විට දණහිස් දෙකෙන් පහළට නැමී බර උඩට උසුලා දෙවනුව නැගිටින්න
- වැකියුම්/මොප් කිරීම සඳහා වෙනත් අයගේ සහය ලබාගන්න
Leave feedback about this