වැඩ කරන දෙමාපියන් ලෙස රැකියාව සහ දරුවන් ඇති දැඩි කිරීම සමබර කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අද වෙද්දී අපේ රටේ වගේම ලෝකයේත් මේ තත්ත්වය පොදු අභියෝගයක්. සම්පූර්ණයෙන්ම සමබරතාවය කියලා දෙයක් නැතත් ඔබේ පවුලට සහ රැකියාවට ගැලපෙන විදියට වැඩ ටික බැලන්ස් කරගන්න ප්‍රැක්ටිකල් ටිප්ස් ටිකක් අපි මේ ලිපියෙන් කතා කරමු.
ඔබේ ජොබ් එකත් පවුල් ජීවිතයත් අතර පැහැදිලි සීමාවන් තියා ගැනීම මූලිකවම වැදගත් වෙනවා. රැකියා කටයුතු නතර කරන්න වෙලාවක් වෙන් කරගන්න. උදාහරණයක් විදියට සවස 6 න් පස්සේ ජොබ් එකට අදාල ඊමේල් හෝ ඇමතුම් පරීක්ෂා කිරීම නතර කරලා දරුවන් එක්ක කාලය ගත කරන්න ඔබට පුළුවන්. ඒ වගේම නැහැ කියන්න පුරුදු වීම අවශ්‍යයි. ඔබට අමතර වැඩ බරක් දැනෙනවා නම්, ඔබගේ රැකියාවේ හෝ වෙනත් සමාජීය කටයුතුවලදී ඔබේ අපහසුතාවය ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්. පවුල වෙනුවෙන් වෙන් කරන කාලය රැකියාවට යොදවන කාලය තරමටම බැරෑරුම් ලෙස සලකන්න. උදාහරණයක් විදියට දරුවාගේ පාසල් වැඩසටහනක් තිබේ නම්, එය රැකියා හමුවීමක් තරමටම වැදගත් යැයි සිතා ඒ සඳහා සූදානම් වන්න.
ඔබ දරුවන් සමඟ ගත කරන කාලය ප්‍රමාණයට වඩා එහි ගුණාත්මක භාවය වැදගත් ය.
- තාක්ෂණයෙන් තොර කාලයක් – රාත්‍රී ආහාර වේලෙහිදී ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක මේසයෙන් ඉවත් කරන්න. එම කාලය දවස ගැන කතා කිරීමට යොදා ගන්න.
- පුංචි අවස්ථාවන් උපයෝගී කරගන්න – පාසලට යන එන ගමන, එකට බත් උයන වේලාව හෝ නින්දට පෙර කියවන කතාව සම්බන්ධ වීමට යොදා ගන්න
- එකෙන් එකට අවධානය දෙන්න – දරුවා සමඟ සෙල්ලම් කරන විට හෝ කතා කරන විට, ඔබේ සිත වෙනත් තැනක (රැකියාවේ) නොමැති බවට සහතික වන්න.
ශ්‍රී ලංකාවේ දෙමාපියන් බොහෝ විට සියලු බර තනිව දැරීමට උත්සාහ කළත් සෑම දෙයක්ම ඔබටම කළ යුතු නැත.
- අඹුසැමි සහයෝගය – දරුවා පාසලට ඇරලීම, රාත්‍රී ආහාරය පිසීම හෝ ගෙදර දොරේ වැඩ සමව බෙදා ගන්න. මනෝ උපදේශකවරුන් පවසන්නේ පියවරුන් සක්‍රීයව දායක වීම මවගේ ආතතිය අඩු කිරීමටත්, දරුවාගේ සමස්ත සංවර්ධනයටත් අත්‍යවශ්‍ය බවයි.
- උදව් ලබා ගන්න – ඔබට හැකියාවක් තිබේ නම්, නිවස පිරිසිදු කිරීම හෝ දරුවන් බලාගැනීම සඳහා සහාය ලබා ගන්න. පවුලේ සාමාජිකයන් (ආච්චිලා, සීයලා) ලංව සිටී නම්, ඔවුන්ගේ උදව් ඉල්ලා සිටීමට පසුබට නොවන්න.
- දරුවන් පුරුදු කිරීම – දරුවාගේ වයස අනුව තමන්ගේ ඇඳ පිරිසිදු කිරීම, සෙල්ලම් බඩු අහුලන්න උදව් කිරීම නිසි තැන තැබීම වැනි ගෙදර දොරේ වැඩවලට ඔවුන්ව සම්බන්ධ කරගන්න.
වැඩ කරන දෙමාපියෙකුට පරිපූර්ණ විය නොහැකි නිසාම යථාර්ථවාදී වන්න.
- නම්‍යශීලී රැකියා විකල්ප -ඔබේ ආයතනය දුරස්ථව වැඩ කිරීමේ හෝ නම්‍යශීලී වේලාවන්ගේ අවස්ථාවන් ලබා දෙන්නේ නම්, ඒවා භාවිත කරන්න.
- මව/පියා වන ඹබ තුළ වරදකාරී හැඟීමකට ඉඩ නොතබන්න – ඔබ රැකියාවට ගිය නිසා දරුවාට යම් අඩුවක් වෙනවා යැයි සිතා ඇතිවන වරදකාරී හැඟීම අත්හරින්න. ඔබ රැකියාව කිරීමෙන් ඔබ දරුවාට යහපත් ආදර්ශයක් සපයන බව මතක තබා ගන්න.
- දෙමාපිය ස්වයං රැකවරණය – ඔබගේ සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත්. දිනකට විනාඩි 15 ක් වත් ඔබට පමණක් වෙන් කරගන්න. දරුවන් නිදාගත් පසු ඔබ කැමති පොතක් කියවීමට, තේ කෝප්පයක් පානය කිරීමට හෝ ටිකක් ව්‍යායාම කිරීමට ඔබ වෙනුවෙන් කාලයක් වෙන්කරගන්න. ඔබ ප්‍රීතිමත් දෙමාපියෙක් නම්, දරුවාද ප්‍රීතිමත් වේ.
මෙම උපදෙස් මගින්, ඔබට රැකියාවෙන් ඉවත් නොවී හෝ දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔබේ ජීවිතය ද වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබේ.
Leave feedback about this