ඔක්තෝබර් 24, 2025
Rabis Parent Pulse Article Featured Image
විශේෂී ලිපි

ජලභීතිකාව මාරාන්තිකයි… ඔබේ සුරතලා එන්නත් කළාද?

සුරතලුන් කෙරේ අපි කවුරුත් දක්වන්නේ දැඩි ඇල්මක්. අද වන විට බොහෝ නිවෙස්වල සුරතලුන් ඇති කරනවා. ඒ බල්ලන් පූසන් පමණක් නෙවෙයි, ඉඩ කඩ සීමිත නිසාම ඇතැමුන් කුරුලු වර්ග, රට මීයන්, හාවුන් වැනි සතුන් ඇති කරන ආකාරය දැක ගත හැකියි. අද වෙද්දී උපන්දිනයට තෑගි විදියටත් දරුවන්ට සුරතලුන් ලැබෙනවා. එය එසේ වුවත් ඇතැම් නිවෙස්වල නම් සුරතලුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එය ඉතාම අවදානම් සහගත තත්ත්වයක්. ඔබ, ඔබේ නිවසට සුරතලෙක් තෝරාගන්නවා නම් හොඳින් දන්නා හඳුනන විශ්වාසවන්ත තැනකින් ලබා ගත යුතුයි. එසේම නිසි කලට නිසි පරිදි එන්නත් ලබා දී ඇතිද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. අදාල කාඩ් පත් පරීක්ෂා කළ යුතුය.

වැඩි ප්‍රතිශතයක් රෝහල වෙත පැමිණෙන්නේ සුරතලුන්ගෙන් සිදුවන සපා කෑම් නිසා වුවත් බල්ලන් බලලුන් වැනි සතුන්ගේ පණුවන් මිනිස් සිරුරට ඇතුළු වීම හේතුවෙන් ඇති විය හැකි ටොක්සොෆ්ලැස්මෝසිස් නම් වූ භයානක රෝගය ද සුරතලුන් නිසා ඇති විය හැකි තත්ත්වයකි. ඒ වගේම දිලීර වර්ග බෝවීම නිසා හටගන්නා සමේ රෝග, මැක්කන් ඇති කරන රෝගී තත්ත්වයන්ද තිබෙනවා.

සපාකෑම් හේතුවෙන් අති භයානක, මාරාන්තික රෝගී තත්තවයක් වන ජලභීතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝගය පිළිබඳව ඔබ අසා තිබෙනවා නේද? පශු වෛද්‍ය උපදෙස් අනුව ඔබේ නිවසේ ඇති දැඩි වෙන සුරතලුන්ට එන්නත් ලබා දීම පිළිබඳව අවධානය යොමුකළ යුත්තේ මේ රෝග තත්ත්ව නිසයි.

  • සති හය සම්පූර්ණ වූ විට ජලභිතිකා එන්නත පළමු මාත්‍රාව
  • මාස තුනකට පසු ජලභිතිකා එන්නත දෙවන මාත්‍රාව
  • වසරකට එක් වරක් වශයෙන් අනෙකුත් මාත්‍රා

වෛරස රෝගයකි. වෛරසයේ බීජෞසන සමය විවිධාකාර වන අතරම දරුණු සපා කෑමකදී එනම් බෙල්ල මුහුණ ආදී ප්‍රදේශ සපා කෑමේදී බීජෞසන සමය සතියකට අඩු විය හැකියි. නැතිනම් අවුරුද්දකට වැඩි විය හැකියි. නැතිනම් මසක් හෝ මාස තුනක කාලයක් අතර තුර විය හැකිය. පාදයක් සපා කෑ අවස්ථාවකදී එම කාලය වැඩි විය හැකි නමුත් සෑම අවස්ථාවකදීම මේ තත්ත්වයන් මේ ආකාරයෙන්ම නොපවතී.

ජලභීතිකා රෝගයේ ප්‍රධානතම රෝග ලක්‍ෂණය වන්නේ ජලයට බියක් දැක්වීමයි. මෙය ස්නායු පද්ධතියට සංවේදීතාවයක් දක්වන රෝගී තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන සතෙකු සපා කෑම හෝ ලෙව කෑම මගින් රෝගය ඇති විය හැකිය. ජලභීතිකා රෝගයෙන් යමෙකු මරණයට පත්වන්නේ සිහිවිකල් වීමෙනි.

  • වියරු පිස්සුව
  • ගොලු පිස්සුව

වියරු පිස්සුව – සාමාන්‍යයෙන් 80%කට පමණ ඇති විය හැකි අතරම කෙල වගුරවමින් අසුවන සියලු දේ සපා කයි.
ගොලු පිස්සුව – මාංශ පේශී අප්‍රාණික වීම හේතුවෙන් මුල්ලකට ගුලි වී කෙල වගුරවමින් සිටී.

ගොලු පිස්සුව ඇති සුනඛයෙක් උගුරේ යමක් සිර වූ ආකාරයෙන් හැසිරෙයි. ඇතැම් විට එවනි අවස්ථාවකදී යමක් උගුරේ සිර වී ඇති බව සිතා ඔබ, ඔබේ සුරතලාගේ උගුරට අත දමා එය ඉවත් කිරීමට පෙළඹිය හැකි වුවත් කිසිදු විටෙක එවැන්නකට යොමු නොවිය යුතුය. ඔබේම සුරතලා වූවද අඩු තරමේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කරන අවස්ථාවලදීවත් අතපත ගෑමේදී අත්වැස්මක් භාවිත කිරීමට සැලකිලිමත් විය යුතුය. නොදැනුවත්ව හෝ එවැනි අවස්ථාවකට පත් වූවේ නම් වහාම වෛද්‍ය උපදෙස් (සෑම රජයේ රෝහලකම පුහුණු වෛද්‍යවරු සිටී. අවශ්‍ය එන්නත් සහ ප්‍රතිකාර නොමිලේ ලබා දේ) මෙන්ම ඉක්මනින් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වේ.

  • සපා කෑ ස්ථානය හොදින් සබන් යොදා සෝදන්න
  • පිරිසිදු රෙදි පටියකින් බඳින්න
  • ළඟම ඇති රෝහල වෙත යන්න

එහිදී වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණයට අනුව එන්නත් ලබා දී ප්‍රතිකාර සිදුකරන අතරම දරුණු සපා කෑමක් නම් සපා කෑ ස්ථානය වටා එන්නත් (ප්‍රතිදේහ අඩංගු මස්තු) කරයි. නිදැල්ලේ හැසිරෙන සුනඛයෙකුගේ සුළු සපා කෑමක් නම් අවශ්‍ය එන්නත පමණක් ලබා දෙන අතරම නැවත එන්නත් ලබා දීමට නියමිත දිනය හා වේලාව ඇතුළත් කාඩ් පතක් රෝගීයාට ලබා දේ.

සපා කෑ සත්ත්වයා පිළිබඳව සැකයක් පවතී නම් හිස වෙන් කොට දියර කාන්දු නොවන බඳුනක බහා හැකි ඉක්මනින් රසායනාගාර පරීක්‍ෂණ වෙත යොමු කළ යුතුය. ඒ සඳහා පැට අටකට වැඩි කාලයක් ගත වේ නම් අයිස්වල බහා හිස රැගෙන යා යුතුය.

  • බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාරය (පැය 24ම විවෘතයි)
  • දකුණු පලාතේ කාරාපිටිය ශික්‍ෂණ රෝහල (පැය 24ම විවෘතයි)
  • පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ රසායනාගාර (පැය 24ම විවෘතයි)
  • නිවසේ වෙසෙන සුරතල් සතුන් බිහිකරන පැටවුන් තැන් තැන්වල දමා යාමෙන් වළකින්න
  • පැටවුන් අනවශ්‍ය නම් වන්ද්‍යාකරණ සැත්කම සිදු කරන්න
  • තැන් තැන්වල කුණු විසිකර දමා යාමද සතුන් බෝවීමට හේතු විය හැකි නිසා එවැනි දේ කිරීමෙන් වළකින්න

ඔබ මෙන්ම ඔබේ දරුවන්ද පිටස්තර ස්ථානයකට ගිය විට ඒ ස්ථානවල සිටින සතුන් අතපත ගෑමෙන් වැළකීම වඩාත් යෝග්‍ය වන අතරම සතෙකු ඇල්ලූ විට සබන් යොදා අත් පිරිසිදු කරගත යුතුමය. සතෙකු තමා අසල එනවා නම් හිඳින ස්ථානයේම නැවතිය යුතු අතරම කිසිවිටකත් දිව යෑම නුසුදුසු බව සිහිතබාගන්න.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගම් මට්ටමෙන් විමද්‍යගත කොට ඇති ජලභීතිකා රෝග නිවාරණ ඒකකය හරහා සතුන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සිදු කෙරේ. නමුත් කිසිඳු එන්නතකින් 100%ක රැකවරණයක් ලැබිය හැකිද යන්න සැක සහිත බැවින් නිවසේ ඇති කරන බල්ලන් බලලුන් වැනි ක්ෂීරපායීන් පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. ඔබේ දරුවාට වයස අවුරුදු පහ ඉක්මවන තෙක්වත් නිවසට සුරතෙලෙක් ගෙන ඒමෙන් වළකී සිටීම වඩාත් යෝඝ්‍ය වනු ඇත.


Leave feedback about this

  • Quality