මේ දවස්වල තියෙන්නේ පුදුම රස්නයක්.. මේ තද අව්වට ගියාම ඇස් නිංකාර වෙනවා වගෙයි. ඇඟටත් හරිම අමාරුයි…..
මේ වචන ටික නම් දහවල් කාලයෙ ගමන් බිමන් යන, ක්‍රිඩාවල නිරත වන, කය වෙහෙසා වැඩ කරන ඔබට හුරු පුරුදුයි නේද? අප්‍රේල් සිට අගෝස්ත දක්වා කාලවල පරිසර උෂ්ණත්වය වෙනත් කාලවලට වඩා ඉහළ අගයක් ගනියි. එයට ප්‍රධාන හේතුව හිරු සමකයට ආසන්නව පිහිටීමත්, පෘථිවිය ක්‍රම ක්‍රමයෙන් සූර්යයාට ළංවෙමින් ගමන් කිරීමත්ය. මෙම කාලයේදී ඇති වන අධික උණුසුම නිසා අප තාප ප්‍රහාරයට ලක් විය හැකිය.
උෂ්ණත්වය වැඩි කාලවලදී ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් විවිධ හේතු නිසා මිය ගිය අවස්ථා අපි අසා ඇත්තෙමු. මීට හේතුව කුමක්දැයි සොයාගැනීම විශාල ගැටලුවක් විය. මෙසේ ක්‍රීඩාකරන විට හෝ අධික ලෙස වෙහෙස මහන්සි වනවිට උෂ්ණත්වය අධික කාලාවලදී සිදුවන ප්‍රධානම අනතුර ලෙස තාප ප්‍රහාරය හැඳින්විය හැකිය.
මිනිස් ශරීරයෙ තාපය උත්පාදනය වන්නේ කෙසේද?
ශරීරය වෙහෙස වන පරිදි කිසියම් කාර්යයක නියැළී සිටින විට ශරීරයට ක්‍රියා කිරීමට අවශ්‍ය බලය ලබාදෙන්නේ ඊට අදාල මාංශපේශීන් ක්‍රියා කිරීම තුළින්ය. වෙහෙස වී වැඩ කිරීමේදී හෝ ක්‍රීඩාවක නිරතව සිටින ඕනෑම අවස්ථාවක අප ශරීරය තුළ තාපය නිපදවී වේ. ඒ අනුව පේශී සංකෝචනය තුළින් හෝ ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව දිග හැරීම පාලනයේදී සිදුවිය හැකිය. මේ සඳහා අවශ්‍ය ශක්තිය නිපදවනු ලබන්නේ සෛල තුළ ඇති ග්ලූකෝස්, ඔක්සිජන් දහනය කිරීම තුළිනි. මෙහිදී ශක්තිය සමග අතුරුඵලයක් ලෙස තාපය නිපදවනු ලබයි.
ශක්තිය නිපදවීමේ කාර්යයේදී නිපදවන මෙම තාපය රුධිරයට අවශෝෂණය වන නිසා රුධිරය රත්වන අතර ඔබේ ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් වෙත ගමන් කරන මෙම රත් වූ රුධිරය නිසාවෙන් ඉන්ද්‍රියන්ට හානිකර තත්ත්වයක් ඇති කරයි.
තාප ප්‍රහාරයට පාරිසරික සාධකයවල බලපෑම
■ ප්‍රධාන වශයෙන් පරිසර උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීම හා වාතයේ අර්ද්‍රතාව (ජලවාෂ්ප ප්‍රමාණය) ඉහළ යාම මේ තත්ත්වය ඇති වීම වර්ධනය කිරීමට බලපායි.
■ ශක්තිය නිපදවන විට අතුරුඵලයක් ලෙස නිපදවන තාපය පිටකරනු ලබන ස්වාභාවික ක්‍රමය වන දහදිය පිටවීම වාතයේ ජල වාෂ්ප අධික වූ විට පහත වැටීම
■ පරිසර උෂ්ණත්වය ඉහළ අගයක් ගනී නම් ශරීරය හා පරිසරය අතර උෂ්ණත්ව වෙනස අඩුවන විට තාපය පිටකිරීමේ ශීඝ්‍රතාව පහළ බසී.
තාප ප්‍රහාරයට පෙර අනතුරු හඟවනු ඇත
ස්වභාවිකවම අපේ ශරීරයේ ආරක්‍ෂක ක්‍රියාවලියක් ඇත. යම් අවස්ථාවක සිරුරට අහිතකර මට්ටමට තාපය පැමිණෙනවාත් සමගම එහි පළමු ලක්‍ෂණය ලෙස මස්පිඬු පෙරැළීම සිදුකරනු ඇත.මෙය ප්‍රථම අනතුරු ඇඟවීමය.
ඔබ මතක තබා ගත යුතු තවත් කරුණක් වන්නේ මස් පිඬු පෙරැළීම යනු රෝග ලක්‍ෂණයක් පමණක් බවය. එය රුධිරයේ අයනික අසමතුලිතතාව, රුධිරයේ ඔක්සිජන් අඩු වීම හා තාපය ඉහළ යාම වැනි විවිධ අවස්ථාවල ඇති විය හැකිය. අධික ලෙස වෙහෙසවීමේදී හෝ ක්‍රිඩාවල නිරත වන විට මස්පිඬු පෙරැළීම සිදුවුවහොත් වහාම විවේක ගැනීම හා තාපය සඳහා ප්‍රතිකාර කිරීමට කටයුතු කළ යුතුය. නැතහොත් තත්ත්වය භයානක විය හැකිය.
එහෙත් ශරීරයේ තාපය ඉහළ යාම සිදුවන විට එහි ප්‍රථම සංඥාව ලෙස මස්පිඬු පෙරැළීම පෙන්වා දිය හැකි වුවද සමහර අයට මෙම අවස්ථාවේදී මස්පිඬු පෙරැළීම සිදු නොවී නොදැනුවත්වම මෙහි දෙවන අවස්ථාව වන වඩාත් භයානක අධික තාප පිටකිරීම (්‍යැ්එ ෑංය්මිඑසදබ) තත්ත්වය දක්වා වර්ධනය වන බව පෙන්වා දියහැක.
දෙවන අවස්ථාවේ ඇති වන රෝග ලක්ෂණ
■ අධික ලෙස දහඩිය දැමීම
■ ක්ලාන්තය
■ සමබරතාව ගිලිහී යාම
■ අධික පිපාසය
මෙම අවස්ථාවේදී රුධිරයේ උෂ්ණත්වය ඉතා අධික ලෙස වැඩි වී එම රුධිරය, මොළය, මුත්‍රාශය, අක්මාව, වකුගඩු වැනි අභ්‍යන්තර ඉන්ද්‍රීයන් වෙත බලපෑම් කරනු ලබන අවස්ථාව වන අතර ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය. එසේ නොමැති වුවහොත් තාප ප්‍රහාරයට ලක් වී, රෝගියා මරණයට පත්වීම හෝ ඉතා භයානක ලෙස හානි පැමිණිය හැක. ඉතා තදින් රත් වූ රුධිරය රෝගියාගේ මොළයට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි කිරිම තාප ප්‍රහාරය වන අතර මෙය ඉතා භයානක තත්ත්වයකි. මේ තත්ත්වයට පත්වීමට ප්‍රථම තාපය නිපදවීම නවතා නිපද වූ තාපය පිටකිරීම සඳහා ප්‍රතිකාර කළ යුතුය.
තාප ප්‍රහාරයෙන් මිදීමට නම්
■ තාප ප්‍රහාරය ඇතිවන ආකාරය හා විවිධ අවස්ථාවලදී තත්ත්වය හඳුනාගෙන ප්‍රථමාධාර ලබාදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම
■ තරග සඳහා සහභාගිකරවන ක්‍රීඩකයන් මනා පුහුණුවකට මෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට යොමු කිරීම
■ ධාවනයේ යෙදෙන ක්‍රීඩකයන්ට වතුර ගැසීම ඉතා සුදුසුය. හැකිතාක් ඔවුන්ට ජලය පානය කිරීමට සැලැස්වීම හා අයිස් කැට කිහිළි හා ඉකිළි වැනි රුධිර සම්පාදනය අධික ස්ථානවල තබා ගැනීම තුළින් ද මෙම තත්ත්වය පාලනය කර ගත හැකිය
■ උෂ්ණත්වය අධික හා වාතයේ ජලවාෂ්ප අධික කාලවලදී වෙහෙකාරී ක්‍රියාවල යෙදෙන විට ඉතා සැලකිලිමත් විය යුතුය.
■ උදේ කාලයේ ක්‍රීඩාකිරීමේදී සමහර දිනවල උදේ කාලයේ වාතයේ අධික ලෙස ජලවාෂ්ප පවතින විට වාතයේ ආර්ද්‍රතාව වැඩි නිසා උදේ කාලයේ පවා මෙම තත්ත්වය ඇති විය හැකිය.
■ තාප ප්‍රහාරය ඇතිවනවාත් සමගම දහදිය දැමීමේ ක්‍රියාවලිය නවතින අතර උෂ්ණත්වය පිටකිරීම ද නවතියි. රුධිරය සිසිල්වීමේදී ක්‍රියාවලිය නැවතුණ පසු ශරීරයේ හා පරිසරයේ උෂ්ණත්වය අතර වෙනස අවම වන අතර සීතල දැනීම වෙව්ලීම මෙන්ම සිහිනැතිවීම සිදුවී මරණය පවා සිදු විය හැකිය.
එනිසා රෝග ලක්‍ෂණ මතුවූ විගස විවේක ගැනීම හා ප්‍රථමාධාර ලබා දී හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත රෝගියා යොමු කළ යුතුය.
දැනුවත් කිරීම

වරලත් භෞත චිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ මහතා
වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක
පිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂක
දුරකථනය 0724506976
Leave feedback about this