ඔක්තෝබර් 24, 2025
Blood Test Parent Pulse Article Featured Image
වැඩිහිටියන්ගේ සුව දිවිය සුව දිවිය

තැලසීමියා වාහකයෙක්ට විවාහය අකැපද?

ඩොක්ටර්, මම විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නවා. මං බඳින්න ඉන්න පිරිමි ළමයා ඒජන්සි එකක වැඩ කරනවා. එයා තැලසීමියා වාහකයෙක්.

එහෙනම් ඔයාගෙ ලේ එකක් චෙක් කරමු.



ඩොක්ටර් මේ මගේ දුව… මට දැන ගන්න වැදගත් දෙයක් තියනවා. ලේ එක බැලුවා නොබැලුවා වාහක පිරිමි දරුවෙක් එක්ක විවාහ වෙන එක හොද ද? නැද්ද?

හොදයි නෙවේ. කරගන්නම ඕන.

අම්මේ, වෙන්න පුලුවන් ආකාර දෙකයි. කොහොමත් දුව ඒ ළමයා එක්ක විවාහ වෙනවා කියලා හිතලා විවාහ වුණොත් වෙන්න පුලුවන් දේ තමයි මම දැන් කියන්න යන්නේ. මේක හොඳට අහන් ඉඳලා ඊට පස්සේ අවශ්‍ය දෙයක් අහන්න ඔයාලට පුළුවන්.

පිරිමි දරුවා තැලසීමියා වාහකයෙක්. ලේ පරීක්ෂාවෙන් මේ ගැහැණු දරුවා එක්කෝ වාහකයෙක් නැත්නම් වාහකයෙක් නොවෙන්න පුළුවන්.

දෙන්නටම තැලසීමියා වලට අදාල නරක ජාන කොටස තිබෙන නිසා ඒ නරක ජාන කොටස් දෙකම එයාලගේ දරුවෙකුට යන සම්භාවිතාවක් තියනවා. ඒ කියන්නෙ මේ වාට්ටුවේ ඉන්නවා වගේ ළමයෙක් හැදෙන්න අවදානමක් තියෙනවා.

පුලුවන්. ඒක චාන්ස් එකක්. චාන්ස් එක අනුව ඕනම දෙයක් වෙන්නත් පුලුවන්. දරුවෝ වර්ග තුනක් හැදෙන්න පුලුවන් සමභාවිතාවන් තමයි මේ.


  • වාහක නිරෝගී ළමයෙක් හැදෙන්න 50% ක චාන්ස් එකක්
  • තැලසීමියා රෝගී ළමයෙක් හැදෙන්න 25%ක චාන්ස් එක්ක්
  • සාමාන්‍ය නිරෝගී ළමයෙක් හැදෙන්න 25% ක චාන්ස් එකක්

ඔව්. ඒකනෙ අනික් අයට නිරෝගී කියලා කීවේ. මාසෙන් මාසෙ ඇවිත් ලේ දිදී බලාගන්න වෙන්නෙ රෝගී දරුවාට පමණයි. එහෙම වුනොත් ඔයාට කලින් ඔයාගෙ දරුවා මිය යන හැටි, වේදනා විදින හැටි ඔයාට බලන්න වෙනවා .



ඒක 25% ක ප්‍රතිශතයක් නේද?


ඔව්.. ඒත් 25% ඇතුලෙත් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදාවීමට හැකියාව තියෙනවා. අපිට එහෙම වෙන එකක් නෑ කියල හදපු දරුවෝ ගොඩක් තමයි මේ වාට්ටුවෙ ඉන්නෙ.

25% ක් කියන්නෙ ළමයි හතරක් හැදුවොත් තුන්දෙනෙක්ට ගැටලුවක් නෑ කියන එක නේද.?

ළමයි හතරකට එක්කෙනෙක් තැලසීමියා වෙනවා කියන්නෙ ගණන් වලට ලේසි වෙන්න. වෛද්‍ය විද්‍යාවේ හැටියට සෑම ගැබ් ගැනීමකම තැලසීමියා කියලා බය වෙන්න 25% ක අවදානමක් තියනවා. ඒක ඊලග දරුවාටත් එහෙමමයි.


දරුවා හම්බ වෙනකන් අපිට ඒක කියන්න බෑ. ගබිනි කාලයේදී එය හඳුනා ගත්තත් ලංකාවෙදි ඒ සඳහා විසදුමක් නැහැ. පිට රට වල එවැනි අවස්ථාවලදී කලලය ඉවත් කළත් ලංකාවෙ ගබ්සාව නීතිගත කරලා නැති නිසා ඒක නීති විරෝධීයි. ඒ නිසා අවධානමක් ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ.

ඒ දෙන්නගෙන් දරුවෙක්ට ලැබෙන්නේ තාත්තාගේ නුසුදුසු ජාන කොටස පමණයි. මොකද අම්මා තුළ නුසුදුසු ජාන කොටස් නැති නිසා අම්මාගෙන් නුසුදුසු ජාන කොටසක් ලැබෙන්නේ නැහැ.

සම්බාවිතාව අනුව,

  • වාහක නිරෝගී දරුවෙක් ලැබෙන්න 50%
  • සාමාන්‍ය නිරෝගී දරුවෙක් ලැබෙන්න 50%
  • වැදගත්ම දේ රෝගී දරුවෙක් හැදීමේ අවදානමක් කිසිසේත්ම නැහැ

ඔව්. ඔයාලා අපි වගේ. ලේ දෙන්න ඕන නෑ. සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. ඒත් එයා විවාහ වන දවසක එයාගේ වගේම විවාහ වන කෙනාගේත් මේ පරීක්ෂණය සිදු කළ යුතුමයි.

ඒකනේ අම්මේ, මං වාහක නොවුනොත් ගැටලුවක් නැහැ. 
එහෙම කියලා කොහොමද? වාහක දරුවෙක් පවුලට එකතු වෙන්නත් පුලුවන්නෙ.

අම්මා, දුව අම්මලාට අකමැත්තෙන් කසාදයක් බැද ගත්තොත් ප්‍රශ්නෙ විසදිල නැති නිසා ගැටලුවක් වෙනවා. ඒ නිසා ඔක්කොටම කලින් දූගෙ චෙක් කර ගන්න. ඊට පස්සෙ තීරණයක් ගන්න.


පුලුවන්. ඒත් හිත හිතාම නෙවේනෙ දරුවෝ හදන්නෙ. එහෙම නම් දැඩි තීරණයක් අරගෙන ස්ථීර පවුල් සැලසුම් ක්‍රමයකට යොමු විය යුතුමයි. එහෙම කරපු අය ඉන්නවා. ඔවුන්ට දරුවෝ නැහැ. අවශ්‍ය නම් දරුවෙක් අරන් හදාගන්න එයාලට පුළුවන්.

මේක වෙන්න දෙන්න බෑ. එහෙම වුනොත් බෑනා වහකයෙන් නිසා අපේ පවුලට වාහක දරුවෙකුත් එන් ඉඩ තියෙනවා. දරුවෝ හදන් නැත්නම් විවාහ වෙන එකේ තේරුමකුත් නෑනේ. මං මේ විවාහෙට විරුද්ධයි දුවේ.

අම්මා, අපි මේ විවාහයට විරුද්ධ වෙන්න වෙන හේතුවක් හොයමු. දුව වාහක වුනොත් මාත් මේ විවාහයට කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. ඒත් වාහක නොවුනොත් විවාහයට විරුද්ධ වෙන එක වැරදියි.


කොහොමත් වෙන කෙනෙක් එක්ක විවාහ වුණත් විවාහයට නලින් අනිවාර්‍යෙන්ම දූගෙ ලේ පරීක්ෂාවක් කළ යුතුමයි. නැත්නම් ඔය අම්මා කියන කතාවද කවදා හරි දවසක ඔයාගේ දුවට එයාගේ නැන්දම්මාගෙන් අහන් වෙනවා. 


ඉතිං ඩොක්ටර්, වාහක නම් අවුලක් නෑ කිව්වා නේද?


දුවට ලැබෙන නැන්දම්මත් අම්මා වගේම හිතුවොත් දූට වෙන්නෙත් ඔය ගැටලුවම තමයි. අම්මාගේ දුව වාහකයෙක් නෙවෙයි නම් ඒ පිරිමි දරවා වාහක වුනා කියලා අකමැති වෙන්න එපා. ගැහැනු දරුවා නිරෝගී නම් හා ඇයට කොල පාට කාඩ් එකක් ලැබී ඇත්නම් බය නැතිව ඕන අයෙක්ව විවාහ කරගන්න පුළුවන්. ඒත් ලේ පරීක්ෂා නොකර, ලේ පරීක්ෂා නොකරපු කවුරු එක්ක විවාහ වුණත් අසුබ බව නං නොකිය බැහැ

ලංකාවෙ කතාන්දරේත් මේකමයි. ස්ටිග්මා එක ඒ තරමට ප්‍රබලයි. වාහක වුනොත් මගුල් තුලා හරි යන්නැති වෙයි කියලා චෙක් කරන්නැතිව රිස්ක් ගන්න අය බොහොමයි. වාහක අයට සාමාන්‍ය බුද්ධි මට්ටමක් තියෙන්නෙ. සාමාන්‍ය අඟ පසඟක් තියෙන්නෙ. වාහක වුණු විශ්ව විද්‍යල වල මහාචාර්‍යවරුත් ඉන්නවා. ඔලිම්පික් ගියපු ක්‍රීඩකයොත් ඉන්නවා. හිඟා කන මිනිස්සුත් ඉන්නවා. තනිකඩව ජීවිතේ ගතකරන අයත් ඉන්නවා.



කිලෝශිනී හෙන්දවිතාරණ වෛද්‍යතුමියගේ මුහුණු පොතේ පල වූ තැල් කතා ඇල්බමයෙන් උපුටා ගන්නා ලදී

වෛද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ
තැලසීමියා ප්‍රතිකාර හා නිවාරණ මධ්‍යස්ථානය
අනුරාධපුරය

Leave feedback about this

  • Quality