Parent Pulse Blog සුව දිවිය දරුවන්ගේ සුව දිවිය දත්වලින් ඉඟි කරන වෙනත් රෝග ගැන දැනුවත් වෙමු
දරුවන්ගේ සුව දිවිය සුව දිවිය

දත්වලින් ඉඟි කරන වෙනත් රෝග ගැන දැනුවත් වෙමු

Teeth Health Parent pulse Article Featured Image

දත් කියන්නේ පුද්ගලයාගේ රුව ලස්සනට පමණක් නොව ඔවුන්ගේ පෞරුෂයටත් බලපාන තත්වයක්. මුතුවන් දත් පෙලක් පුද්ගලයාගේ පෞරුෂය වගේම සමාජයේ ආකර්ශනයටත් හේතු වෙන බව රහසක් නොවේ. ඒ අතරම නිරෝගී දත් දෙපලක් වෙනුවෙන් උනන්දු වීමෙන් සෞඛයමය වාසි බොහොමයක් ලබා ගත හැකියි. නමුත් ඔබ දන්ත සෞඛ්‍ය ගැන අවධානයක් නොදැක්වුනොත් ඔබටත් නොදැනීම හදවත් රෝගියෙකු වීමට තිබෙන අවදානම ඉතා ඉහලයි.

කොරියාවේ සෝල් හි ඊවා වුමන්ස් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනය වෙනුවෙන් පුද්ගලයන් 1,61,000 කට අධික පිරිසකගේ දන්ත පුරුදු විශ්ලේෂනය කරනු ලැබුවා. දතක් ආසාදනය වීමත් සමග දතේ මාංශය ආසාදනයට පත් වෙනවා. දතක මාංශය සමග රුධිර නාල සම්බන්ධ පටක හා විශාල ස්නායු ප්‍රමාණයක් සම්බන්ධයි. ඒ නිසා දත ආසාදනය වීමත් සමග විදුරුමසට බැක්ටීරියා ඇතුළු වී එය හදවතට රුධිරය ගෙන යන මහාධමණිය ඉදිමුම් තත්වයක් ඇති වෙනවා. මේ නිසා හදවතට යහපත් පරිදි ඔක්සිජන් නොලැබීම නිසා හදවත් රෝග ඇති වීමේ වැඩි ප්‍රවනතාවයක් දන්ත සෞඛ්‍ය ගැන නොසලකා සිටින පුද්ගලයන්ට ඇති විය හැකි බව මෙම අධ්‍යයනයේ ප්‍රධානි වෛද්‍ය Tae-Jin Song සඳහන් තරනවා.

මේ අධ්‍යයනයේදී තහවුරු වුන අන්දමට දිනකට තුන් වතාවක් දත් මදින පුද්ගලයන්ට මුඛ සෞඛ්‍ය ගැන අවධායක් නොදක්වන පුද්ගලයන්ට වඩා හදවත් රෝග ඇති වීමට තිබෙන අවදානම 12% කින් අඩු වෙන බව මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.

පිලිපීන ජාතික මවක වන ලීසා ඩුරාන්ගේ කුඩා පුතු බ්‍රයිල් මුහුණ දී සිටින අනුවේදනීය තත්වය දත් මදින්න කම්මැලි දරුවන් සිටින හැම මවකටම දැනුවත් වීමට වැදගත්.

මගේ පුතා පුංචි කාලයේ පටන්ම දත් මදින්න කැමැති නැහැ. හදිසියේම දරුවාගේ විදුරුමස ඉදිමුනා. ඒත් අප එතරම් සැලකුවේ නැහැ. පුතාගේ විදුරුමස ඔස්සේ මොළයට බැක්ටීරියා ඇතුළු වී ඔහු සෙප්සිස් රෝග තත්වයට පත් වුණා. දරුවාගේ මොළයෙන්, උදරයෙන් සහ පෙනහලුවලින් ලේ වහනය වෙන්න පටන් ගත්තා. රුධිර පීඩනය 40 දක්වා පහල ගොස් දරුවා කෝමා තත්වයට පත් වුණා. මගේ දරුවා අද පත්ව සිටින තත්වයට කිසිම දිනක ඔබේ දරුවා පත් කරන්න එපා.
ලීසා ඩුරාන්

ඇය පවසන පරිදි කුඩා දරුවන් දත් මැදීමට දැඩි අකමැත්තක් දැක්වූවත් එයට අවස්ථාව නොදිය යුතු බවයි.

  • යකඩ ඌනතාවය – මුඛයේ දෙකොන රතු පැහැ ගැනී ඇත්නම් එයින් ඔබේ රුධිරයේ යකඩ ඌනතාවයක් ඇති බවට පෙර නිමිත්තක් විය හැකියි.
  • විදුරුමසින් ලේ ගැලීම – මේ පිළිබඳව දත් බුරුසුව වදින්න ඇති වැනි අනුමාන අපිම ගොඩ නගා ගන්නවා. නමුත් විදුරුමසින් ලේ ගැලීම විවිධ රෝගවල පෙරනිමිත්තක් විය හැකි නිසා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි.
  • විදුරුමස ඉදිමීම – සමහර විට ඔබ අධිරුධිර පීඩනය වැනි රෝග වෙනුවෙන් පාවිච්චි කරන ඇතැම් ඖෂධ නිසා එසේ විය හැකියි. ඒ වගේම විවිධ රෝග නිසාත් විදුරු මස ඉදිමෙන්න පුලුවනි.
  • විදුරුමසේ වර්ණය – හෝමෝන පිළිබඳ ගැටළු නිසා ඇති විය හැකියි
  • දත් කහ පැහැ වීම – කොපමණ දත් පිරිසිදු කළත් දත් කහ පැහැ වන්නේ ආහාර ජීරණයේදී නිපදවන අම්ල දත්වල බැඳීම නිසා විය හැකියි
  • මුඛයේ තුවාල – මානසික ආතතිය නිසා විය හැකියි
  • මුඛයේ දුර්ගන්ධය – දිරා ගිය දත්, මුඛයේ වියලි බව නිසි ඇති විය හැකි අතරම ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වැදගත්ය

http://www.fondation-recherche-cardio-vasculaire.org

පුන්‍යා චාන්දනී ද සිල්වා

Exit mobile version